27 April 2024
#දේශීය

රාජ්‍ය සේවකයින් බලු – කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

රජයේ දේපළ, සාංඝික දේපල හොරකම් කරන මිනිස්සු බල්ලන් කපුටන් වෙලා උපදින බව බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල ජනශ්‍රැතියේත් සඳහන් වන බවත් එවැනි පාපකර්මයක් රාජ්‍ය සේවා ජීවිතය තුළ සිදු කරන්න එපා යැයි දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරීන් 35 කට පත්වීම් ලබා දෙමින් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔබගේ රාජකාරියේ වගකීම දකුණු පළාත් රාජ්‍ය සේවය තුළ නාස්තිය, දුෂණය, අල්ලස, චංචාව වැළැක්වීම බවත් දකුණේ රාජ්‍ය සේවකයින්ට බලු කපුටු ආත්ම ලැබීම වලක්වා ගැනීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් තමයි අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම බව ආණ්ඩුකාරවරයා පැවසිය.

තමා පුද්ගලිකව වසර 20 කට වැඩි කලක් ජාතික විගණන පනත වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් ජාතික විගණන පනතේ අභ්‍යන්තර විගණන සේවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව දැක්වෙන බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *