• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

SLIIT ආයතනයේ අති නවීන පර්යේෂණ සඳහා රුපියල් මිලියන 125ක ප‍්‍රදානයක්

17 July 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උපාධි ප‍්‍රධානය කරනු ලබන මෙරට දැවැන්තම ආයතනයක් වන SLIIT හි පර්යේෂණවලින් පොහොසත් පරිසරයත් ඒ සඳහා කැපවූ ශිෂ්‍ය ප‍්‍රජාවත් ක‍්‍රියාශීලි කාර්යමණ්ඩලයත් අගය කරමින් අති නවීන පර්යේෂණ සඳහා SLIIT ආයතනය රු. මිලියන 125ක ප‍්‍රදානයන් හිමිකර ගෙන තිබේ.

SLIIT හි අධ්‍යන පීඨවලට අනුබද්ධ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෝක බැංකුවේ අරමුදල් සපයන උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය හා සංවර්ධන වැඩසටහන (AHEAD ) වෙතින් පර්යේෂණ ප‍්‍රදාන කිහිපයක් හිමිකර ගත්තේය. එහිදී ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය පුළුල් කිරීම, විවිධාංගීකරණය කිරීම හා සංවර්ධනය කිරීම වෙනුවෙන් SLIIT ආයතනය AHEAD වැඩසටහනේ ‘‘පර්යේෂණ ප‍්‍රවර්ධනය, සංවර්ධන හා නවෝත්පාදන’’ අංශයට කරන ලද යෝජනා අනුව මේ වසරේදී රුපියල් මිලියන 42.5 ක ප‍්‍රදානයන් හිමිවිය.

SLIIT ආයතනය විසින් AHEAD පර්යේෂණ ප‍්‍රදාන හතරක් ලබාගෙන ඇති අතර ඉන් තුනක් සංවර්ධන දිශානති පර්යේෂණ (DOR) සඳහා වන අතර එකක් පර්යේෂණ, නවෝත්පාදන හා වාණිජකරණය (RIC) ව්‍යාපෘති වෙනුවෙනි. ඒ අනුව AHEAD වැඩසටහන් නීතිරීතිවලට අනුව එක් ආයතනයකට වෙන් කළ හැකි උපරිම මුල්‍ය ප‍්‍රධානයන් AHEAD වෙතින් දිනා ගැනීමට SLIIT ආයතනය සමත්ව ඇත.

ලොව ප‍්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක් වන එක්සත් රාජධානියේ විශාලතම සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයා වන Bentley Motors Ltd, SLIIT ආයතනය සමග Bentley නිෂ්පාදනවල අංශ කිහිපයක ඉංජිනේරු විශ්ලේෂණයන් සිදු කිරීම සඳහා සහයෝගීතා උපදේශනයක් ආරම්භ කළහ. එහිදී මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙන වසර හතරක කාලය සඳහා රුපියල් මිලියන 43ක පර්යේෂණ ප‍්‍රධානයක් SLIIT ආයතනය වෙත පිරිනැමිණි.

Bentley CAE පර්යේෂණ ඒකකය SLIIT හි ඉංජිනේරු පීඨය හරහා පවත්වනු ලබන මෙම පර්යේෂන කාර්යයේදී වර්තමාන සංවර්ධන ගැටළු අනුව ඔවුන්ගේ වාහනවල විශේෂයෙන්ම වාහනවල ගතිකතාවය, ප‍්‍රාථමික සහ ද්විතීක ගමන් වල සුවපහසුව, සහ වාහනවල කම්පනය සඳහා විසඳුම් සෙවීම සිදු කෙරේ.

තවද මෙමගින් SLIIT උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා තුළින් ලබා ගත් දැනුම හුවමාරු කරගැනීමේ ප‍්‍රතිලාභී අවස්ථාව සිසුන්ට හිමිව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් SLIIT හි උපකුලපති / ප‍්‍රධාන විධායක මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ සඳහන් කළේය.‘‘නවෝත්පාදන දැනුම ඉදිරි දශකයේදී ආර්ථිකයේ ශක්තිය වනු ඇතැයි SLIIT අපි විශ්වාස කරනවා. එම නිසා ඉගැන්වීම සහ පර්යේෂණ ඒකාබද්ධ කිරීම කිසිසෙත් අවතක්සේරු කළ නොහැකියි. අපගේ උත්සාහය තුළින් පර්ය්ෂකයන්ට මෙන්ම ගුරුවරුන්ටද ව්‍යාපෘතිවල අත්දැකීම් බෙදා හදා ගත හැකි පර්යේෂණ ගෙන එන වේදිකාවක් නිර්මාණය කර දී තිබෙනවා. මේ අනුව සිසුන්ට පර්යේෂකයන් කණ්ඩායමක කොටසක් ලෙස කටයුතු කරමින් විෂය ප‍්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය ඉගෙන ගත හැකි අතර ඔවුන්ගේ ක්ෂේත‍්‍රය තුළ පර්යේෂණ සිදුකරන ආකාරය අත්වි`දීමට අවස්ථාව හිමි වී තිබෙනවා.’’

තවද රටේ සංවර්ධනයට සහාය වීම සඳහා බිම් මට්ටමේ පර්යේෂණ සඳහා පහසුකම් සපයන SLIIT ආයතනයට මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා ලිමිටඞ් (MCC) වෙතින් රු. මිලියන 22 ක ප‍්‍රදානයක් හිමි විය. චීන ඉදිකිරීම් ආයතනයක් වන ඵක්‍ක්‍ ආයතනය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, දැනට ක‍්‍රියාත්මක වන පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සඳහා ශ‍්‍රී ලංකාවට සේවය සපයයි.

MCC විසින් ඉංජිනේරු පීඨය වෙත මෙම ප‍්‍රදානය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ කාබනික පාංශු නිධි පිළිබඳව පර්යේෂණ සිදු කරමින් මහාමාර්ග සහ යටිතල පහසුකම් වැනි ඉදිකිරීම් ව්‍යුහයන් වල අත්තිවාරමක් ලෙස ඒවා දියුණු කිරීම පිලිබඳ පරියේෂණය කිරීම සඳහාය.

මේ අතර කැපිටල් එලායන්ස් ලිමිටඞ් (CAL) වෙතින් මූල්‍ය පර්යේෂණ කටයුතු සඳහා SLIIT වෙත රු. මිලියන 12 ක ප‍්‍රදානයක් සිදු කළේය. CAL ව්‍යාපෘති මූල්‍ය දත්ත විශ්ලේෂණ හරහා ප‍්‍රධාන මූල්‍ය දර්ශක පිළිබඳ ප‍්‍රයෝජනවත් අනාවැකි පළ කිරීම සඳහා පර්යේෂණ කටයුතු මෙහිදී සිදු කෙරෙයි. එහිදී ¥රදර්ශී ආයෝජන තීරණ ගැනීමට දත්ත විශ්ලේෂණ අනාවැකි වලින් ලබාගත් දැනුම අදාළ කර ගැනීම මෙහි අරමුණයි.

MPhil$PhD හදාරන සිසුන් සඳහා පර්යේෂණ විද්‍යාගාර පහසුකම් සහ ප‍්‍රයෝගික අත්දැකීම් ලබා දීමේ අවකාශය පු`ඵල් කිරීම සඳහා මෙම ව්‍යාපෘති අරමුදල් සපයා ඇති අතර අදාළ අධ්‍යයන අධීක්ෂකවරුන් සහ ව්‍යාපෘතියේ විමර්ශකයින් විසින් ව්‍යාපෘති මෙහෙයවනු ලබයි.

පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ SLIITආයතනයට පර්යේෂණ නිබන්ධනයක් පදනම් කරගෙන අධ්‍යයනයක් කිරීම සඳහා රුපියල් මිලියන 4.7 ක අරමුදල් ද හිමි විය. එහිදී ඉදිකිරීම් බදාමවල ජල කාන්දුව අවම කරවන තන්තුමය බදාමයක් නිපදවීම පිළිබඳව පර්යේෂණ සිදු කෙරේ. ‘‘තන්තුමය ද්‍රව්‍ය භාවිතා කරමින් කාන්දුවීම් පාලනය කිරීමේ සංයුතියක් හා ක‍්‍රමවේදය’’ යන මාතෘකාව යටතේ මෙම පර්යේෂණයට භඍක්‍ සහ ප‍්‍රමුඛ පෙළේ භූ තාක්ෂණික ඉංජිනේරු සමාගමක් අරමුදල් සපයයි. මෙම ව්‍යාපෘතිය මගින් NRC සිසුවෙකු සඳහා පර්යේෂණ පහසුකම් සැපයේ.

එලෙසම SLIIT ආයතනයට මෑතකදී NRC රුපියල් මිලියන 3 ක ප‍්‍රදානයක් ද හිමිවිය. ඉංජිනේරු පිඨයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ප‍්‍රදානය කරන ලද මෙම ප‍්‍රදානය මඟින් ගංවතුර පාලනය හා භෞතික විෂමතාවයට ගැලපෙන පරිදි කොළඹ ඇළ මාර්ග නිර්මාණය සහ පාරිසරික පුනරුත්ථාපනය කිරීම සඳහා පර්යේෂණ අරමුදල් සපයනු ලබයි.

ශ‍්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් තිරසාර බව සහතික කිරීම සඳහා මුලපිරීමට දායක වෙමින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහය ඇතිව SLIITහි සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විමර්ශකයෙකු විසින් පර්යේෂණ සිදු කරනු ලැබේ. එහිදී ‘‘ජීවන චක‍්‍රීය ප‍්‍රවේශයක් භාවිතා කරමින් යටිතල පහසුකම්වල තිරසාර බව අනුකරණය කිරීම සඳහා ආකෘතියක් සංවර්ධනය කිරීම්’’ මාතෘකාව යටතේ සිදු කෙරෙන මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ කවුන්සිලය රුපියල් මිලියන 2.25 ප‍්‍රදානය කර ඇත.

මෙම යෝජනාවල ප‍්‍රතිලාභීන් ලෙස දේශීය යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළත් වන අතර ගොඩනැංවීම සහ මෙහෙයවීම සඳහා මෙවලම් භාවිත කල හැකි අතර අවසානයේ එය ඉවත් කිරීමේ අදියර දක්වා මෙම අධ්‍යනයන් සඳහා පර්යේෂණ හවුල්කරුවන් ලෙස ජාතික පිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානයෙන් සහ ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් සිසුන්ට සහාය ලැබෙනු ඇත.

 

 

Post Views: 6
Previous Post

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට පියවර

Next Post

සමහර නායකයින් එජාප අතකොලූුවෙලා -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

editor

editor

Next Post

සමහර නායකයින් එජාප අතකොලූුවෙලා -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved