• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ අවදානමට ලක් වන ප්‍රදේශවලට සහයෝගය දක්වයි

23 August 2019
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක ආහාර වැඩසටහන (WFP) සිය නව්‍ය හා තිරසාර නව ව්‍යාපෘතිය වන R5 හරහා ශ්‍රී ලංකාවට සහාය දක්වන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අවදානමට ලක්විය හැකි ග්‍රාමීය ප්‍රජාවන් ඉලක්කකර ගනිමින් ස්වාභාවික කම්පන නැවත ඇතිවීමට එරෙහිව ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, ඵලදායී වත්කම් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් දේශගුණික අවදානම් තුනී කිරීම හා අවම කිරීම සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම හා විවිධාංගීකරණය කිරීම සහතික කිරීම සඳහා මෙය සැලසුම් කර ඇති බවයි.

R5 ව්‍යාපෘතිය, ප්‍රජාවන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට බහුවිධ ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන සංගත හා සංසක්ත ආහාර පද්ධති ප්‍රවේශයක් ගන්නා අතරම කෙටිකාලීන කුසගින්න පාලනය කිරීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, දේශගුණික වෙනස්කම් සඳහා උචිත (climate-smart) තිරසාර වත්කම් හා කුසලතා සඳහා මග පාදන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පවසයි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අමාත්‍යාංශය විසින් ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකාවට අදාළ උපායමාර්ගික සැලැස්ම (CSP) 2018-2022 හා සහයෝගීත්වයෙන් ප්‍රත්‍යාස්ථ, පෝෂණ සුරක්‍ෂිත ප්‍රජාවන් ගොඩනංවන අතරම කුසගින්න තුරන් කිරීම සඳහා ස්ථිර දායකත්වයක් සපයයි. දේශීය/ජාතික හැකියාවන් ශක්තිමත් කරනු ලබන සහ වැඩසටහනෙහි තිරසාර බව සහතික කරන සමෝධානික, සාකල්‍ය හා නව්‍ය වැඩසටහන්කරණ ප්‍රවේශයක් හරහා CSP ක්‍රියාත්මක වේ.

R5 ව්‍යාපෘතිය CSP ක්‍රමෝපායික අරමුණ 4 සපුරයි: අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සහ කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ ජීවනෝපායන් සහ කම්පන හා ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාව වසර පුරාම ශක්තිමත් කරගෙන ඇත. CSPහි ක්‍රියාකාරකම 6 යටතේ R5n ව්‍යාපෘතිය සැලසුම් කර ඇත: සමෝධානික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ ක්‍රියාකාරකම් තුළින් පෝෂණ සංවේදී හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ජීවනෝපාය විවිධාංගීකරණය කිරීමට සහ ආදායම් උත්පාදනය කිරීමට සහාය වීම.

නිරන්තර දේශගුණික කම්පන සඳහා වඩාත් ඵලදායී ලෙස සූදානම් වීම, ඔරොත්තු දීම සහ එයින් යළි යථා තත්ත්වයට පත්වීම සඳහා සහ එමඟින් කුසගින්න තුරන් කිරීමට දායක වීම සඳහා R5n ව්‍යාපෘතිය මෙරට වඩාත් අවදානමට ලක්විය හැකි ග්‍රාමීය නිවාස හා ප්‍රජාවන්ගේ හැකියාවන්, වත්කම් සහ පද්ධති ශක්තිමත් කරනු ලබයි.

R5n ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වනුයේ ජලය එක්රැස් කිරීමේ පද්ධති ස්ථාපිත කිරීම, විවිධාංගීකරණය වූ ජීවනෝපායන් ප්‍රවර්ධනය කිරීම සහ වාණිජ නිෂ්පාදන සඳහා අවදානමට ලක්විය හැකි ගොවි ප්‍රජාවන්ගේ ධාරිතාවය ශක්තිමත් කිරීම මගින් කුඩා ඉඩම් හිමියන්ගේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම වේ.

CSP ක්‍රියාත්මක කිරීමේ අංගයක් ලෙස, කුඩා වැව් 16ක් සහ වගා ළිං පුනරුත්ථාපනය කිරීම සඳහා සහ මොණරාගල තණමල්විල, මාතලේ වැලිගමුව, මඩකලපුව වවුනතිව්, කිලිනොච්චිහි තුනුකායි සහ මන්නාරමේ මුසලි යන ප්‍රදේශවල ගොවි පවුල් වෙනුවෙන් ජීවනෝපාය ආධාර සැපයීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ බ්‍රෙන්ඩා බාටන් මහත්මිය විසින් 2019 අගෝස්තු 21 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල කුඩා ඉඩම් හිමි ගොවීන්ට ආධාර කිරීම සඳහා මෙම වැඩසටහනට ඇමරිකානු ඩොලර් 200,000ක තාක්ෂණික සහාය ද ලැබේ. මෙම නියමු මැදිහත්වීමේ ප්‍රධාන අරමුණ වනුයේ මෙම ක්ෂේත්‍රයේ නියුතු තරුණ තරුණියන් වෙනුවෙන් කෘෂිකාර්මික අංශයට යාන්ත්‍රිකකරණය, පසු අස්වනු තාක්‍ෂණය, කළමනාකරණය, නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩිදියුණු කිරීම, අගය එකතු කිරීම සහ අලෙවිකරණය හඳුන්වා දීම සහ කුසගින්න තුරන් කිරීම හා වැඩිදියුණු කළ පෝෂණය පිළිබඳ SDG ඉලක්ක 2 සහ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ SDG 13 ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට දායක වීම බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

Post Views: 17
Previous Post

එජාපයෙත් රාජපක්ෂලාගෙත් තියෙන්නේ එකම අච්චුව බව ජවිපෙ කියයි

Next Post

හදිසි නීතිය දීර්ඝ නොකරයි… විමර්ශනවලට බාධාවක් නෑ – පොලිසිය

editor

editor

Next Post

හදිසි නීතිය දීර්ඝ නොකරයි... විමර්ශනවලට බාධාවක් නෑ - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved