ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වෙන කාල සිමාව තුළදී මාධ්‍ය උපමාන කඩ කළහොත් ලබන ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට තමාට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දීය.
ජනාධිපතිවරණය 2019 ට අදාළව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් රජ්‍ය මාධ්‍ය ආයතනවල කාර්යභාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.
ලබන සඳුදා දින සිට මාධ්‍ය උපමාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැඩි අධික්ෂණයක් ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පවසා තිබේ. එසේම නොවැම්බර් මස 8 දි සිට සජිවි විකාශයන් සිදු නොකරන ලෙස සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.