• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ දියුණුවට හා රටේ දියුණුවට නව වැඩපිළිවලක් – ඇමති පාඨලි

25 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යාපාරික ක්ෂෙත‍්‍රයේ දියුණුව හා රටේ දියුණුව සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව හා සංවාදයට එළඹ, යහපත් ක‍්‍රියාමාර්ග නව රජය යටතේ සිදුකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ වෝටර්ස්ඒජ් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ සංගමය සමග පැවති විශේෂ හමුවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා, ” 2005න් පසු ලෝකයේ වාණිජ ණය ගන්නා තැන් වලට යොමුව කෙටිකාලීන අධික පොලී සහිත ණය ලබාගෙන විශාල මුල්‍යය අර්බුධයකට ලක්වෙලා. අපි 2010 වසරේදි විදේශ ණය ඩොලර් බිලියන 1.9යි. අද වන විට ඩොලර් බිලයන 4.5ක් බවට පත්ව තිබෙනවා. ඒ ණය කොටස පමණයි. මේ නිසා අපි විශාල විදේශ මුදල් ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ඒ ප‍්‍රශ්නය විසඳාගත හැකි එක් ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් ලෙසින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය හදුනාගත හැකියි. එහිදී මැණික් අපනයන ක්ෂේත‍්‍රය විශේෂයි.

අපගේ රට අතීතයේ සිටම මුතු මැණික් වලට ප‍්‍රසිද්ධව පැවති රටක්. මුතු මන්නාරම් ප‍්‍රදේශයෙන් අධික ලෙස ලබාගැනීම නිසා එය සදහටම නැතිව ගියේ බ්‍රිතාන්‍යය යුගයේදී. මැණික් තවමත් අප රටතුළ තිබෙනවා. අපට වඩා විශාල ලෙස නැගෙනහිර අප‍්‍රිකානු රටවල තිබෙනවා. අනාගතයේදි මේ රටවල් සමගින් සම්බන්ධතා ගොඩනගාගත යුතුයි. මේ රටවල් සීඝ‍්‍රයෙන් දියුණු වනවා. මේ වන විට ලෝකයේ සියයට හයකට වඩා වැඩි වේගයකින් වර්ධනය වන එකම ආර්ථික කලාපය අප‍්‍රිකානු ආර්ථික කලාපය. ඒ නිසා ඒ දෙසට අප යොමුවිය යුතුයි. එකම මැණික් ගලක්වත් නැති හෙංකොං වැනි රටවල් මැණික් සම්පතේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව අද තිබෙනවා. තායිලන්තය වගේ රටවල් ඉදිරියට පැමිණ තිබෙනවා. ස්වර්ණාභරණ පැත්තෙන් ඩුබායි වැනි රටවල් ඉදිරියට ඇවිත් තිබෙනවා. බස්නාහිර මහනගර සංවර්ධනයේ ප‍්‍රධාන අරමුණ ඉන්දියානු සාගරයේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස රට ඉදිරියට ගැනීම. ඒ සඳහා අවශ්‍යය යටිතල නාගරික පහසුකම නිර්මාණය කිරීම පියවර ගණනාවක් මේ රජය අරගෙන තිබෙනවා. වරාය නගරයේ කටයුතු අප අවසන් කළා. ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඇති කරගැනීම සඳහා අධිවේගි ප‍්‍රවාහන ජාලයක සම්බන්ධතාවය ඇති කර තිබෙනවා. පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය පද්ධති ආරම්භකර තිබෙනවා.

කොළඹ වරාය හා හම්බන්තොට වරාය වැඩිදියුණු කිරීම මගින් හා අනාගතයේ ත‍්‍රිකුණාමල වරාය වැඩි දියුණුකිරිම මගින් අපි කලාපයේ නාවික වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අපේ අරමුණ. මේ සියල්ලත් සමග මැණික් කර්මාන්තය, ස්වර්ණාභරණ කර්මාන්තය බද්ධව තිබෙනවා.

අපගේ ඩොලර් වලින් පිටතට ගලායන ධනය පාලනය කරන්න සේම, පිටතින් එන ධනය වැඩිකරන්න අපට උපායමාර්ග හදන්න අවශ්‍යය වුණා. ඒ අනුව තමයි බදු පනවීම ආදිය බලාපොරොත්තු වුණේ. රත්තරං ලංකාවට ගෙනත් ලංකාවෙන් ඉන්දියාවට හොරපාරෙන් පැමිණෙනවා ඒ නිසා එය පාලනය කිරීමේ මාර්ගයක් ලෙස තමයි බදු පැනවීම සිදුකළේ. නමුත් මේ තුළ ක්ෂෙත‍්‍රයේ ආදායමට බලපෑමක් සිදුව තිබෙනවා. පතල් කැනීමේ ක්ෂේත‍්‍රය තුළත් පාරිසරික ප‍්‍රශ්න නිසා යම් යම් සීමා කිරීම් පරිසර අමාත්‍යංශය මගින් සිදුකළා. කැනීම් ක්ෂේත‍්‍රය තිරසර ආකාරයට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සියලූ දෙනාට තිබෙනවා.

කිසිම ව්‍යාපාරිකයෙකුට කිසිම ආකාරයක බලපෑමක් තර්ජනයක් ඇති කර නැහැ. අපේ නව ජනාධිපති සජිත් පේ‍්‍රමදාස මහතා යටතේ, ව්‍යාපාරික ප‍්‍රජාවට, කැනීම් කටයුතුවලට නිරත වන්නන්ට රටේ තිරසර සංවර්ධනයට දායක වන අතර, නිදහස ලබා දෙමින් ඔබේ දියුණුව රටේ දියුණුව බවට පත්කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

 

 

Post Views: 2
Previous Post

පොහොට්ටු නායකයින් ජනතාව රවට්ටනවා – එජාප මහලේකම් කියයි

Next Post

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදකි… මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවීමක් …!

editor

editor

Next Post

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදකි... මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවීමක් ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved