ජනමතයේ බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇති බවත් ඒ අනුව ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සුදානම් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
අද (18) පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව භාර දෙන බවට කිසිදු සාකච්ඡාවක් නොවු බවයි. ඉවත් වු අමාත්‍ය ධුරවලින් සඳහා නව අමාත්‍යවරුන් පත් කරන ලෙස සාකච්ඡා වු බව හෙතෙම පැවසිය.
එසේම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසු ආකාරයට පලාත් සභා පැවැත්විය යුතු නමුත් මහමැතිවරණය ඊට පෙර පැවැත්වෙන බව රන්ජන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
එසේම දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම නත්තල් නිවාඩු පැවැත්වෙන අතර එම කාලයෙන් පසුව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසු බව රන්ජන් මන්ත්‍රීවරයා පැවසිය.
එමෙන්ම ඉදිරියේදී පොදු ජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පැවසු බව රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි