27 April 2024
#දේශීය

නව ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න – කෙහෙලිය කියයි

ජනමතය අනුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ අනුව ජනමතයට ගරු කර වත්මන් ආණ්ඩුව මැතිවරණයකට යාම සුදුසු බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් ඉදිරියේදී පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයකට ඉදිරිපත් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද සාකච්ඡා පැවැත්වෙන බව රඹුක්කවැල්ල මහතා පැවසිය.

මේ වන විට ජනමතය පොදු ජන පෙරමුණ වෙත ලැබී ඇති බව ජනාධිපතිවරණ මැතිවරණයෙන් පැහැදිලි වන බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාම සුදුසු බව ඔහු අනාවරණ කළේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *