ෆාමේස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ අසාධාරණ ලෙස රැකියා අහිමි වීම සම්බන්ධයෙන් විරෝධය පෑමේ පාගමනක් සහ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම ඊයේ (17) දින සිදු කර තිබේ.
එම සංදේශයේ සඳහන් කර තිබෙන්නේ පසුගිය පෙබරවාරි 03 වනදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා විසින් එවන ලද ලිපියෙහි සඳහන් කර ඇත්තේ ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාර කටයුතු යාම සඳහා අවශ්‍ය සියළු ලියාපදිංචි සහතික හා ආනයන බලපත්‍ර වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි.
ඒ අනුව 500 කට අධික ඖෂධ ආනයනය කිරීම, වෙළදාම් කිරීම, දැන්වීම් ප්‍රචාරය, ප්‍රදර්ශනය හෝ බෙදාහැරීම සහ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීම යන සියළු කටයුතු වලින් වැලකී සිටින ලෙස ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා නිකුත් කල ලිපියෙහි සඳහන් කර තිබේ.
ඒ අනුව මේ වන විට ෆාමේස් ආයතනය විසින් ගෙන්වා ඇති ඖෂධ මෙන්ම එම ඖෂධ අවශ්‍ය වන රෝගින් ද, එම ආයතනය තුළින් ඍජුව හො වක්‍රව රැකියා කරනු ලබන සියළු දෙනාගේ ජන ජිවිත අඩාව කිරීම මේ තුළින් සිදුව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්දයෙන් මැදිහත් වී වහාම පියවර ගන්නා ලෙස ෆාමේස් ආයතනයේ සේවක සේවිකාවන් සිය සංදේශය මගින් ඉල්ලා තිබේ.
දිලිනි සමන්මලි