2019.06.27, 2019.07.17, 2019.08.27, 2019.09.18 යන දිනයන් හි දාතමින් මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස අප සංගමය ඉහත අදාල අයගෙන් ඉල්ලා සිටි අතර එම සෑම ඉල්ලීමකම පිටපතක් එවකට මුදල් ඇමතිතුමාට ද යොමුකර ඇත. මීට අමතරව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මෙම දීමනා මුදල අදාල ආයතන සේවකයන්ට ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
2019.09.18 වන දින අප සංගමය උද්ඝෝෂණය කර පෙළපාලියකින් ගොස් කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය හමුවූ අවස්ථාවේ දී එතුමිය දැඩි සේ පවසා සිටියේ මුදල් ඇමතිවරයාගේ නියෝගයක් නොමැතිව එතුමියට රු. 2500/= අන්තර් දීමනා මුදල පිළිබඳව ක්‍රියාත්මක විය නොහැකි බවය. ශ්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට උත්සාහ කරන බවත්, එතුමිය පැවසූ අතර ඊට ද දින වකවානු ලබාදීමට අපහසු බව ද පැවසීය. මෙම ක්‍රියාවට විරුද්ධව අප සංගමය ඇතුළු ශ්‍රී ලංගම වෘත්තීය සමිති වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර හිටපු සභාපති උපාලි මාරසිංහ මහතා විසින් මෙම ඉල්ලීම් කඩිනමින් ලබාදීමට පොරොන්දු වූ බැවින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරමග නැවැත්වීමට සිදුවිය. මෙ පිළිබ`ඳ සියලූම ලිපිවල පිටපත් සහ මාධ්‍ය වාර්තාවල පිටපත් ද ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා ඇත.
ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංගම සේවකයින් නැවත වෘත්තීය ක්‍රියාමාර්ගවලට පොළඹවන්නේ නැතිව 2019 අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රු. 2500/= අන්තර් දීමනා මුදල ශ්‍රී ලංගම සේවකයින්ට ලබාදීමටත් ශ්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.