27 April 2024
#සංවර්ධන

සමස්ථ ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

2019 නොවැම්බර් මස 28 වන දින කොළඹ බණ්ඩාරනායක අනුශ්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමස්ථ ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ එම්.එම්.ජී.කේ.එස්.වී. ජයවර්ධන සිසුවා සමත් වී ඇත.

ආර්ඩිනෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් දොර අගුලක් නිපදවීම වෙනුවෙන් ඔහුු මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන ඇති අතර, එම දොරඅගුල විශේෂතා රැසකින් යුක්තය.දොර අගුල කැඩීමට උත්සහා කිරීමේදී අයිතිකරුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීම, සෝලර් පවර් තාක්ෂණය ඔස්සේ විදුලිය ලබාගැනීම, ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අයිතිකරුට දොර විවෘත කිරීමට ඇත හැකියාව මෙහි සුවිශේෂිත්වයකි.

පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම්.එම්.ජී.කේ.එස්.වි ජයවර්ධන සිසුවා ඇතුලු එම තරගාවලියෙන් ජයග්‍රහණය අත්පත් කරගත් සිසු සිසුවියන් (20) මධ්‍යම පළාත් සභා සංකීර්ණයේදී ඇගයීමට ලක් කලේය.

එහිදී එම දරුවන්ගේ දක්ෂතා පළාතට සම්පතක් බවත්, එම දක්ෂතා සදහා අත හිත දීම පළාත් සභාවෙන් සිදු විය යුක්තක් බවත් ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. මෙම නිර්මාණ සදහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් උපකාර වන ලෙස අදාල අංශ වෙත උපදෙස් දුන් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී පැන නගින ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසත් එම ගැටලු සදහා පිළිතුරු සොයාදීමට තමා ක්‍රියාකරන බවත් සිසු සිසුවියන්ට ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි, ආණ්ඩුකාර ලේකම් කේ.ජී. උපාලි රණවක, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න ඇතුලු මහත්ම මහත්මීන් රැසක් ද සහභාගී විය.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *