–
මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 50,000 කට පමණ සිය ආර්ථික ශක්තිමත් බව ගොඩනගාෙගැනීම සඳහා අත්කම් නිර්මාණ, ගෘහාශ්‍රිත නිෂ්පාදන, මැහුම් නිර්මාණ ආදී වූ විවිධාකාර ක්ෂේත්රවල ස්වයං රැකියා ආරම්භ කරීම සඳහා පුහුණුව, උපදෙස් මෙන්ම ඒවාට අවශ්‍ය වෙළෙඳ පොළක්ද නිර්මාණය කිරීම සඳහා පියවර ගෙන ඇති “ලිය ශක්ති” සමාජ සත්කාරක සේවය ඊයේ (08) මාතර දී අති සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත.
මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ ආර්ථික, රැකියා, දරු දැරියන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සාමජිය ගැටළු ආදී දේ සඳහා සෘජුව මැදිහත්වෙමින් කාන්තාවන්ට ශක්තිමත්ව නැගී සිටින්නට මාර්ගය විවර කරන “ලිය ශක්ති” සමාජ සත්කාර වැඩසටහනේ 2020 වර්ෂයේ ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ දිනයේ අති උත්කර්ෂවත් අයුරින් මාතර දී ඊයේ පැවැත්වුණි. අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධනගේ බිරිඳ වන පද්මිණි යාපා අබේවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් ආරම්භ වූ “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන මෙම පියවර ඊයේ ඉදිරියට තබනු ලැබුවේ, ජාත්‍යන්තර කාන්තා දිනය ට සමගාමීවය.
මෙම “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන වසර කිහිපයක් තුල මාතර දිස්ත්‍රික්කයේ ජිවත් වන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට අත හිත දෙමින්, කාන්තාවන් වෙනත් පුද්ගලයින් මත යැපීමේ ක්‍රමය වෙනුවට ආර්ථිකව හා සමාජීයව ශක්තිමත් කාන්තාවක් බිහි කිරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වෙයි. මාතර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක ශක්තිමත්ම හා විශාලම ප්‍රජා සංවර්ධන වැඩසටහන ද මෙය වෙයි. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාමසේවා වසම් ආවරණය වන “ලිය ශක්ති” ව්‍යාපෘතිය මගින් මේ වනවිට සාමාජිකාවන් 65,000ක් සඳහා සිය ශක්තිය ලබා දෙයි.
අනාගතයේ ද “ලිය ශක්ති” සාමාජිකත්වය ලබන සියලු කාන්තාවන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මුල්‍ය ආයතන හරහා සහන ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ආරම්භ කොට ඇති අතර, පටු දේශපාලනය වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන අවස්ථාවාදී දේශපාලනය වෙනුවට ජනතාවගේ ගැටළුවලට තිරසාර පිළියම් දෙමින් ක්‍රියාත්මක වන මෙවන් වැඩසටහන් රට ට ම ආදර්ශයක් වන බවත්, අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, දකුණු පළාත්සභාව නියෝජනය කරන පසඳ යාපා අබේවර්ධන මහත්වරුන්ගේ පුර්ණ ශක්තියෙන් හා සහෝයෝගයෙන් මෙම ආදර්ශමත් වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එහි සංවිධායකයින් පවසයි.