ලෝකය ඉදිරිපිට ඇතිවී තිබෙන මෙම ව්‍යසනකාරී තත්වය අපේ රටටත් ජනතාවටත් උරුමවීම වැළැක්වීම අප සියලු දෙනාගේම වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (25) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පුරවැසියන්ගේ දෛනික කටයුතු වෙනදා පරිදි සිදුකර ගනිමින්ම මෙම ව්‍යසනකාරී තත්වයට මුහුණ දිය නොහැකි බවයි.
එනිසා පොදුජනතාව පළමු කොට යම් යම් සීමාකිරීම්වලට මෙන්ම ඔරොත්තුදීමට සමත් කණ්ඩායමක් බවට පත්විය යුතු බව හෙතෙම පැවසිය.
එසේම සෞඛ්‍ය අංශ සහ අනෙකුත් බලධාරීන් විසින් ලබාදෙන මාර්ගෝපදේශනයන් නිවැරදිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට ජනතාව වගබලාගත යුතුයි. මෙම වසංගතයේ වාහකයා මිනිස් සිරුර බැවින්ම එය වළක්වා ගැනීමට අප මානුෂික මුහුණුවරකින් මැදිහත් විය යුතු බව දිසානායක මහතා කියා සිටියේය.
ඒ වගේම ආර්ථික හැකියාවන් නොමැති කණ්ඩායම් ආර්ථික දුෂ්කරතාවයන්ටද රෝගීන් සෞඛ්‍ය තත්වයන්ගෙන් ඇතිවන දුෂ්කරතාවයන්ගෙන්ද කුඩා දරුවන් සිටින අය වැඩිහිටියන් සිටින අය ඔවුන් රැකබලා ගැනීමේ දුෂ්කරතාවයන්ටද මුහුණ දිය හැකියි. එම නිසා එකිනෙකාට උදව්පදව් කරගනිමන් එකිනෙකා රැකබලා ගනිමින් මානුෂික ක්‍රියාදාමකට ජනතාව අවතීර්ණ විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි