කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අනුව මේ පුද්ගලයන්ට නිවසේ සිටම රෝහල් වෙත යෑමට 1990 ගිලන් රථ සේවයේ පහසුකම් ද ලබාගත හැකි බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
දිලිනි සමන්මලි