• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි ජීව විද්‍යා රසායනාගාරය විවෘත කරයි

24 June 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

PCR පරික්ෂණ ලක්ෂයක් සිදු කොට ඇති බවත්, මේ වන විට කොවීඩ් වෛරසය මෙරට සමාජයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරිමට හැකිව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශේෂිත ඒකකයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ස්ථාපිත කොට ඇති අධි තාක්ෂණික අණුක ජීව විද්‍යා රසායනාගාර උපකරණ සහිත විශේෂිත රෝග විනිශ්චය කිරීමේ අණුක ජීව විද්‍යා රසායනාගාරය අද දින (24) පරික්ෂණ කටයුතු සදහා විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 250 ක් වන අතර, පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා ගැලපෙන පරිදි එකලස් කර ඇති ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් (Muto Mated Sample Extractor) සහ නවීනතම අසාධන පාලන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වේ.

මෙම අවස්ථාවට‌ එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “අද ලක්ෂ දෙදහස් පන්සීයයක් පමණ වියදම් කරලා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යමය ආධාර යටතේ මෙම විශේෂ රසායනාගාරය විවෘත කිරීමට අපට හැකිව තිබෙනවා. නවීන තාක්ෂණයෙන් යුත් මෙම පරීක්ෂණාගාරය තුල පරික්ෂණ 500 ක් පමණ දිනකට සිදු කිරීමේ හැකියාව තිබෙනවා. අපේ තිබෙන පරීක්ෂණාගාර තුල දිනකට පරික්ෂණ 300 ක් පමණ තමයි කිරිමට හැකියාව තිබුනේ. අවශ්‍යතාවයක් තිබේ නම් මෙම පරික්ෂණාගාරය තුලින්ම පරික්ෂණ 1000 ක් පමණ කිරීමේ හැකියාවත් තිබෙනවා. මෙම අවස්ථාවේ මෙම අවධානම් වගනීම බාර ගැනීම ගැන මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුලු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. මේ වනවිට PCR පරික්ෂණ ලක්ෂයක් කිරීමට හැකිවීම පිළිබද රටක් වශයෙන් අපට සතුවිය හැකි වනවා. PCR පරික්ෂණයක් කිරීමට උපකරණ සහ ද්‍රව්‍ය ගණනාවක් අවශ්‍ය වනවා. මෙම එක් උපකරණයක් හෝ නොමැතිව මෙම පරික්ෂණය සිදු කිරීමට නොහැකි වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අපි සමත් වුනා හිඟයකින් තොරව PCR පරික්ෂණ සිදු කර රෝගීන් නිශ්චය කර එම රෝගීන් සමාජයෙන් වෙන් කොට අද වන විට COVID – 19 රෝගය සමාජය තුලින් සම්පූර්ණයෙන් ඉවත් කිරිමට හැකිව .තිබෙනවා. මෙම වෛරසය පැතිරෙන ආකාරය පිළිබද තවමත් පර්යේෂණ සිදු කරනවා.”

COVID – 19 ප්‍රතිකාර සේවාවන් වලදී ආසාදිතයින්ට ප්‍රතිකාර සිදු කරමින් තම ජිවිත අවදානම ද නොතකා සේවය කළ සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිය ස්තූතිය පුද කරන බවත්, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එම කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයින් සමග තරු පන්තියේ හෝටලයක දින කිහිපයක් ගත කිරිමට අවස්ථාව ලබාදී ඇති බවත් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පවසන ලදි.

මෙම පද්ධතිය තුල එක් වටයක දී සාම්පල 96 ක් පැය 02 ක් වැනි කෙටි කාලයක් තුල විශ්ලේශණය කර සම්පූර්ණ කාලය පැය 04 ක් තුළ දී වාර්තා නිකුත් කිරීමේ හැකියාව පවතී. එනම්. දැනට සාම්පල් ලබාගැනීමෙන් පසු වාර්තා නිකුත් කිරීම දක්වා කාලය පැය 3/1 දක්වා අඩු කර ගැනීමේ හැකියාව ඇත. මෙම රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 500 කට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට හැකි අතර, එමගින් රටේ සමස්ත PCR පරීක්ෂණ කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වේ. දැනට මෙවැනි නවීන පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය තුල ඇති එකම රසායනාගාරය වන්නේ ද මෙයයි. දැනට COVID – 19 රෝග සාම්පල පරීක්ෂා කිරීමට අමතරව COVID – 19 තත්ත්වය අවසන් වීමෙන් පසු වෙනත් බෝවන රෝග සහ පිළිකා වැනි වෙනත් රෝග සදහා අවශ්‍ය PCR පරීක්ෂණ සිදු කිරීමට ද මෙම රසායනාගාරය තුල ජාතික සෞඛ්‍ය පද්ධතියට හැකියාව ලැබෙයි.

මෙම සුසංහිත රසායනාගාරය ඉදිකිරිම සදහා තාක්ෂණික උපකරණ සපයා දී ඇත්තේ අණුක ජීව විද්‍යා පරීක්ෂණ කටයුතු හා රෝග නිශ්චය කටයුතු පිළිබද අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති ගෝලීය ආයතනයක් වන BGI සමාගම වන අතර, එහි ශ්‍රී ලාංකීය නියෝජිතයින් වන DHS ආයතනය රසායනාගාරය තුල උපංග එකලස් කිරීම සිදු කර ඇත. ඉතා කෙටි කාලයක් තුල පරික්ෂණාගාරය ඉදිකිරීම සදහා සිවිල් ඉංජිනේරුමය දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ලබාදී ඇත. රසායනාගාර ක්‍රියාවළිය සැළසුම් කිරීම, සුපරීක්ෂණය සහ නඩත්තු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂඥ ක්ෂුද්‍ර ජීව වෛද්‍ය නිලධාරීන් හා වෛරස්වේදී නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තුලින් නැගෙනහිර කොළඹ මුලික රෝහල විසින් සිදුකරගෙන යනු ඇත.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාප්‍රේම මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරී මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ගනේගොඩ මහතා ඇතුලු මුල්ලේරියාව රෝහලේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

Post Views: 1
Previous Post

තැපැල් ඡන්ද ඉල්ලුම් පත් 47,430 ක් ප්‍රතික්ෂේප වෙයි

Next Post

ලාභ පෙන්වන්න ජනපති ලංකා ලුණු සමාගමට කියයි

editor

editor

Next Post

ලාභ පෙන්වන්න ජනපති ලංකා ලුණු සමාගමට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved