27 April 2024
#දේශීය

තැපැල් ඡන්ද ඉල්ලුම් පත් 47,430 ක් ප්‍රතික්ෂේප වෙයි

2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්පත්‍ර 753,037 ක් ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සසභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ එම ඉල්ලුම් පත්‍ර අතරින් 705,085 ක් පිලිගෙන ඇති අතර 47,430 ක් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කොමිෂන් සභාව පැවසුවේ ප්‍රතික්ෂේප වු ඉල්ලුම් පත්‍ර වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසිම් දින ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරින්ගේ ඉල්ලුම් පත්‍ර බවයි.
එසේම එකම තැනැත්තෙකු විසින් ඉල්ලුම්පත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් සේවා ස්ථාන දෙකකින් ඉදිරිපත් කිරිම, තොරතුරු ප්‍රමාණවත් නොවිම, තොරතුරු නිවැරදි නොවිම යනාදි හේතු නිසා ද ඉල්ලුම් පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඡන්ද විසසීම් කාර්යයට යොදවන නිලදාරින්ගේ ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *