• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි

17 September 2020
in ක්‍රීඩා

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව ජනාධපතිවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව ජනාධිපතිවරයා පැවසීය.

තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇත. තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රීඩා පිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ 07, ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකිර්ණ පරිශ්‍රය සමග බද්ධ කොට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට කුඩා දරුවන් සෙල්ලම් කරන තැන් සොයා ගොස් ක්‍රීඩා පිටි සකස් කළයුතුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

ප්‍රධාන ක්‍රීඩා පිටි එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යාම, අංග සම්පූර්ණ ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය, ක්‍රීඩා පනතට නව යෝජනා ඇතුළත් කිරීම සහ නව පනතක් සම්පාදනය, ක්‍රිඩාවේ උන්නතිය උදෙසා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම වැනි කාර්යයන්ට ගත වූ මාසය තුළ සිය අමාත්‍යාංශය අවධානය යොමු කළ බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පෙන්වා දුන්නේය.

ග්‍රාමීයව වැඩිම ආකර්ශණයක් ඇති සහ ඒ ඒ පළාත්වල ජනප්‍රිය ක්‍රීඩා හඳුනාගෙන දක්ෂ ක්‍රීඩකයන් කඩිනමින් පුහුණු කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ක්‍රීඩා ශ්‍රේණිගතකර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් ලකුණු දීමේ ක්‍රමය ප්‍රචලිත කිරීමට සහ විශ්ව විද්‍යාල තුළින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කිරීමට ඇති හැකියාව සංගක්කාර මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පූර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ලෙස හඳුනාගෙන ඇති දුනු විදීමේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩා පාසල් මට්ටමේ සිට ප්‍රගුණ කිරීමේ ඉඩකඩ ද සාකච්ඡා කෙරිණ.

විවිධ ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ එක් වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, ක්‍රීඩා සංගම් නියෝජිතයෝ සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

Post Views: 7
Previous Post

යාපනය රෝහලේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය දේවානන්දා පවසයි

Next Post

අපේ නම් කියපු ගමන් පාසල්වලට ළමයින් ගන්න එපා යැයි ජනපතිගෙන් විදුහල්පතිවරුන්ට තරයේ උපදෙස්

editor

editor

Next Post

අපේ නම් කියපු ගමන් පාසල්වලට ළමයින් ගන්න එපා යැයි ජනපතිගෙන් විදුහල්පතිවරුන්ට තරයේ උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved