• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බටහිර චින්තනයට අනුව අපේ ජීවිත මනින්න ගියාම, ඔළුව කුරුවල් වන බව ඇමැති විමල් කියයි

2 October 2020
in දේශීය

අපේ අම්මලාට – කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්න නොවුණු දේවල් ප්‍රශ්න බවට පත් කිරීමට බටහිරකරණයට ලක්වුණු ස්ත්‍රීවාදී – කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(02) කොටිකාවත්ත සණස ශාලාවේ පැවැති ‘පෑලවිය 2020’ වැඩිහිටි දින සැමරුමෙහි ආරාධිත දේශනය සිදු කරමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

’‘මෙම ‘පෑලවිය 2020’ වැඩිහිටි දින සැමරුම් උළෙලෙහි ප්‍රධාන සංවිධායක, කොලොන්නාව ආසනයේ අප පක්ෂයේ ප්‍රධාන සංවිධායක හේමසිරි අමරසිංහ මහතාට සහ ‘කොලොන්නාව සුමිතුරු පරිසර සංසදයේ’ සාමාජිකයන්ට 08 වැනි වරටත් මෙවැනි සද්කාර්යයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මාගේ කෘතවේදීත්වය පුදකර සිටිනවා.

අපේ රටේ බෞද්ධ සංස්කෘතිය යටතේ වැඩිහිටියන්ට සැලකීම කියන එක එහි අන්තර්ගත ආවේණික කාරණයක්. වැඩිහිටියන්ට සැලකීමට අප කුඩා කල සිටම හුරුපුරුදු කර තිබෙනවා. බස් රියකට නැගුනත් වැඩිහිටියෙකුට අසුනක් පිරිනමන්නේ ඒ සැලකීම නිසයි. අපට අනන්‍ය වූ බෞද්ධ සංස්කෘතිය තුළ එවැනි උසස් ගුණාංග බොහෝයි. ඒ සංස්කෘතිය ඇසුරෙන් වැඩුණු අපේ අම්මලා තම දරුවන් විවාහ වූ පසුත් මුණුපුරු, මිනිපිරියන්ගේ අනාගතය ගැන කල්පනා කරමින් ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේත් කටයුතු කරනවා.

නමුත් අපේ සමාජයේ මේ උතුම් සංස්කෘතිය නොතේරෙන අයත් ඉන්නවා. පසුගිය දවසක එක්තරා පක්ෂයක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කියනවා, ‘කාන්තාව ගෙදර දී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවන්නෙ නැහැ’ කියලා. එතුමියට අනුව අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මාට, තාත්තා විසින් වැටුපක් ගෙවිය යුතුයි. බටහිර චින්තනයට අනුව අපේ ජීවිත කිරලා, මනින්න ගියාම, ඔළුව කුරුවල් වන ඔය විදිහෙ මත, ඔය විදිහෙ අයගෙන් පිට වෙන එක වළක්වන්න බැහැ.

ඔවැනිම කතාවක් අද ස්ත්‍රීවාදී සංවිධානවලිනුත් කියැවෙනවා. ඒ තමයි ‘කාන්තාවට දීර්ඝ වේලාවක් උයන පිහින කටයුතුවල නියැලෙන්න සිදුවෙලා තියෙනවා’ කියන එක. අපේ අම්මලා මේ උයන පිහන කටයුත්ත කරන්නේ ඉතා ආසාවෙන්, ආදරයෙන්. කෑම ටිකක් හදලා ‘ඒක රසයි’ කියලා දරුවෙකු හෝ ස්වාමිපුරුෂයා හෝ කියපුවාම ඒකෙන් ඇයට ලැබෙන තෘප්තිය ඔය බටහිරකරණයට ලක්වුණු, ස්ත්‍රීවාදීව සිතන ඔය නෝනලාට වැටහෙන්නේ නැහැ. බටහිරට සාපේක්ෂව, අපේ ආහාර සංස්කෘතියට අනුව ආහාර පිසගන්න ගත වන කාලය වැඩියි. නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට කිසිවිටෙක එය ප්‍රශ්නයක් වුණා කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්නයක් නොවුණු දේවල් අද ප්‍රශ්න බවට පත් කරන්න, පිටරට විවිධ සංවිධානවලින් මුදල් ලැබෙන කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරනවා. ‘දැන් අපේ ගෘහ ජීවිතයටත් වැටුපක් ඕනේ’ කියන තැනට මේ රටේ කාන්තාවන් පත් කර ගන්න පුළුවන්ද, කියා මේ නෝනලා බලනවා. මේ විකාරරූපී අදහස් අපේ වැඩිහිටියන්ගේ ඔළුවලට පටවන්න බැරි වුණාට සමහරවිට අපේ අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ඔළුවලට ඒවා පටවන්න හැකි වෙන්න පුළුවන්.

ඒ නිසා වැඩිහිටියන් ලෙස අපේ උපරිම වගකීම තමයි, අපි ලබපු ජීවිතය, වටිනාකම්, ගුණාංග අපේ දරු පරපුරට කියා දීම. අපේ මේ සංස්කෘතියෙන් අපි ලබපු වැදගත් දේවල් අලුත් පරම්පරාවට උරුම කර දීමට අපි වැඩිහිටියන් ලෙස කැප විය යුතුයි. චීනයේ වැඩිහිටියන් උද්‍යානවලට ගිහිල්ලා ඒවායේ සිටින දරුවන් සමඟ කතාබස් කරමින් තමන් ලැබූ ජීවිත අත්දැකීම් ඒ දරුවන්ට කියා දෙනවා. එමගින් පරම්පරා කිහිපයක් අතර පවතින පරතරය පියවා ගන්න පුළුවන් වේවි කියලා චීන සමාජය කල්පනා කරනවා. අපේ වැඩිහිටියන් තමන්ගේ ජීවිතයේ අවසන් මොහොත දක්වා සමාජයට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම අත් හරින වැඩිහිටියන් නොවෙයි.”

මෙම අවස්ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ, ජානිපෙ කොලොන්නාව ආසනයේ උප සංවිධායක කමල් ජයසේකර, කොලොන්නාව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල නියෝජිතයෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරයි

Next Post

ඉඩම් අහිමිවුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දෙන්න – ජනපති

editor

editor

Next Post

ඉඩම් අහිමිවුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දෙන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved