පේරාදෙණිය විශ්වවිද්යාලයේ ප්රධාන වෛද්ය නිලධාරී ලෙස කටයුතු කරන චන්දිමා රත්නායක විසින් විශ්වවිද්යාල භූමියේ නීති විරෝධී ලෙසට පවත්වාගෙන යන ලද පෞද්ගලික ඩිස්පැන්සරිය පරිපාලනයේ නියෝග මත මේ වන විට වසා දමා තිබෙන බව අප වෙත වාර්ථා වේ.
රජයේ විගණන නිළධාරීන් විසින් අනාවරණය කරගත් දුෂණ වංචා ගණනාවක් මත මේ වන විටත් විනය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින අදාල තැනැත්තිය විශ්වවිද්යාල භූමිය තුල පිහිටා තිබෙන ගොඩනැගිල්ලක මෙම පෞද්ගලික ඩිස්පෙන්සරිය පවත්වාගෙන යමින් මුදල් අයකර වෛද්ය ප්රතිකාර කිරීම සහ ඖෂධ අළෙවි කිරීම සිදුකරගෙන ගොස් තිබුනි.
මෙම ඩිස්පෙන්සරිය මගින් ප්රතිකාර ලබාදී තිබෙන්නේ විශ්වවිද්යාල සිසුන් කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සදහාය. මෙම වෛද්යවරිය පූර්ණකාලීන පදනම මත විශ්වවිද්යාල සේවයට බදවාගෙන ඇත්තේ, විශ්වවිද්යාල සිසුන්, කාර්යමණ්ඩලයේ අයවළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා වෛද්ය සේවය ලබාදීම සදහා වේ. එවැනි තත්ත්වයක් තුල විශ්වවිද්යාල භූමිය තුලම පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යමින් මුදල් අයකර වෛද්ය ප්රතිකාර කිරීමට ඇයට කිසිදු හැකියාවක් නොමැති අතර එය නිසැකවම විශ්වවිද්යාල ආයතන සංග්රහයේ විනය පටිපාටියට අදාල සම්බන්ධතා අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වන ක්රියාවක් වේ.
කෙසේ වෙතත් අදාල තැනැත්තිය වසරකට අධික කාලයක් විශාල නාමපුවරු සහ බැනර් ප්රදර්ශනය කරමින් මෙම නීති විරෝධී ඩිස්පෙන්සරිය පවත්වාගෙන යද්දීත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ බලධාරීන් කටයුතු කරන ලද්දේ අද ගොළු බිහිරන් පිරිසක් සේ ඒ කිසිත් නොදැක්කා සේය.
එවැනි තත්ත්වයකදී පසුගිය කාල සීමාවේ TTV NEWS මේ පිළිබදව හෙලිදරව් කිරීම් මාලාවක් සිදුකල අතර ප්රමාදවී හෝ ඒ පිළිබදව බලධාරීන්ගේ අවධාණය යොමුවී තිබෙන බව පෙනෙන්නට තිබේ.














