ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධව ගොනු කර තිබෙන නිර්දේශ සියල්ල අත්හිටුවීමටත් එම චෝදනාවලින් නිදොස් කරන ලෙසත් ඉල්ලා අද (24) දින අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
එම පක්ෂයේ නීතීඥ සුනිල් වටගල, නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ හර්ෂණ නානායක්කාර යන මේ සඳහා සහභාගී විය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලයට පත්වූ වහාම දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ කොමිසම මගින් වංචනිකයින්ට, දූෂිතයින්ට එරෙහිව පවරා ඇති, දැනට අධිකරණය හමුවේ විභාග වන නඩු 79ක් ඉවත් කර ගැනීමට නිර්දේශ කිරීම හරහා එම කොමිෂන් සභාව අධිකරණය සතු බලතල අයුතු ලෙස උපයෝගී කිරීමට එරෙහිව ද මෙහිදී අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.