• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්කේඩ් ආණ්ඩුවේ ගජ මිතුරෙකුට දෙන්න අයිතියක් නෑ – පාඨලි කියයි

26 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්කේඩ් එකට වියදම් කර තිබෙන්නේ රාජපක්ෂ පවුලේ සල්ලි නොව, රටේ ජනතාවගේ බදු මුදල් බවත් ඒවා තමන්ට රුචි අරුචි ආකාරයට ව්‍යාපාරිකයන්ට පැවරීමේ හැකියාවක් ජනාධිපතිට, අගමැතිට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා” මේ ආණ්ඩුව බලයට පත්වුණේ කොහොමද ? රාජ්‍ය දේපොළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නෙ නෑ කියල පපුවට අත ගහගෙන පොරොන්දු දීල තමයි ආවෙ. ආර්කේඩ් ස්ථානය ඉස්සර මානසික ආරෝග්‍ය ශාලාවක්. ඊට පස්සෙ ඒක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පාවිච්චි කළා. පොලීසිය පාවිච්චි කළා. ඊට පස්සෙ ඒක වානීජ මධ්‍යස්ථානයක් හැටියට දියුණු කළා. ඒ සඳහා මගේ මතකයේ හැටියට රුපියල් මිලියන 650 කට අධික ප්‍රමාණයක් වියදම් කළා ආණ්ඩුව. ඒ වගේම 1987-89 කාලේ වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය රේස් කෝස් එක ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 500 කට අධිකව වියදම් කළා. අද ලොකුවට කතා පැවැත්තුවට, මේක විවෘත කරන දවසේ පවත්වපු උත්සවයට චිර ප්‍රසිද්ධ සංගීත ප්‍රධානීන් දෙදෙනෙකුට විතරක් කෝටි 05 ක් ගෙවල තියෙනවා. නමුත් එහි කිසිම ආකාරයකට වානීජ ස්ථානයක් පවත්වාගෙනයාමේ හැකියාවක් තිබුණෙ නෑ.

අපේ පාලන කාලයේත් නොයෙක් දෙනා නොයෙක් යෝජනා ගෙනාව ඕක ව්‍යාපාරිකයන්ට විකුණන්න කියල. නමුත් අපි ඒක ක්‍රියාත්මක කළේ නෑ. අපි අනුක්‍රමයෙන් එම ව්‍යාපාරික තත්ත්වය පාලනය කරල එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවත්වාගෙන ගියා ජාතික දේපළක් හැටියට. මොකද එතැන තියෙන අතිශය වැදගත් පිහිටීම නිසා. නිදහස් චතුරස්‍රය. එහි තිබුණ පාඩු ආදිය වළක්වාගෙන අපි එය පවත්වාගෙන ගියා.

දැන් ආණ්ඩුව මේක අත උඩ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයෙකුට ලබාදීල තියෙනවා. මේ ගැන ජනාධිපතියි අගමැතියි ලැජ්ජා විය යුතුයි රටේ ජනතාවට දීපු පොරොන්දු මත. මෙය ටෙන්ඩර් කැඳවීමක් නැතිව පුද්ගලයින්ට ලබාදිය හැකි සම්පතක් නෙවෙයි. මෙහෙම ගිහින් නිදහස් චතුරස්‍රයත් ව්‍යාපාරිකයෙක්ට විකුණල දායි.

දැන් මේ පටන් අරන් තියෙන්නෙ වෙන මුකුත් නෙවෙයි, මේවා විවෘත ගණුදෙනුත් නෙවෙයි. මේ ආණ්ඩුවේ විවෘත ගණුදෙනු නෑ. මේ රටේ ව්‍යාපාරික පන්තියක් හදන වැඩපිළිවෙළකුත් නෑ, සාමාන්‍ය ජනතාවට සේවයක් කරන වැඩපිළිවෙළකුත් නෑ, තමන්ට හිතවත් ජාවාරම්කාරයෝ ගොඩනැගීම තමයි ආණ්ඩුවේ පරමාර්ථය. ඔය විතරක් නෙවෙයි මම කියනවා ඉදිරියේදී, ලංකා බැංකු මූලස්ථානය, මහජන බැංකු මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදිය පොලීසිය, හමුදාව සතු කොම්පචඤ්ඤවීදියේ යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ ස්ථානය ඇතුළු මේ සියල්ල විකුණන්න යන්නෙ ආණ්ඩුව. අද වෙනකොට දේවි බාලිකා විද්‍යාලය ඇතුළු පාසල් පද්ධතියටත් අත තියන්න යන බව වාර්තා වෙලා තියෙනවා.

සිංහරාජය ඇතුළු වනය අක්කර 62,000 ක් විනාශ කරපු, ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය පවා අයින් කරල ඒ ගැන ලොකු ආඩම්බරයක් හිතේ ඇති. හැබැයි මේව මේ රටේ අනාගතයේ කරන්න හම්බෙන්නෙ නෑ.

බොහොම පැහැදිළිව අපි කියනවා, ආර්කේඩ් එකට වියදම් කරල තියෙන්නේ රාජපක්ෂ පවුලේ සල්ලි නෙවෙයි, මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒවා තමන්ට රුචි අරුචි ආකාරයට ව්‍යාපාරිකයන්ට පැවරීමේ හැකියාවක් නෑ. ඒවාට අනාගතයේ වගවීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඒ අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඇමතිවරුත් වගකිව යුතුයි අනාගතයේ ඒ ගණුදෙනු සම්බන්ධයෙන්.

රුවන්පුර අධිවේගී මාර්ගය, කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 24ක් ආණ්ඩුව විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒක කැඳෙව්වෙ කොටස් 04 කින්. ඒ ටෙන්ඩර්පතේ පැහැදිළිව දක්වල තිබුණා එක කොන්ත්‍රාත් සමාගමකට ලැබෙන්නෙ එක කොටසයි කියල, මේ කිලෝ මීටර් 24 කොටස් 04 කට කැඩුවට පස්සෙ. ඊට පස්සෙ කැබිනට් පත්‍රිකාවකුත් දැම්ම පෙබරවාරි මාසෙ ආයතන 04 කට මේක ලබාදෙන්න. එම ටෙන්ඩර් ඇගයීමට ලක්කරපු තාක්ෂණික ඇගයීම් කමිටුවත් ඒ වගේම ටෙන්ඩර් කමිටුවේත් නිර්දේශය මත.

නමුත් දැන් තනි ආයතනයකට මේ 04ම දීල තියෙනවා. එහි ගාණ අඩුයි කියල ඇමතිවරයා කියනවා. ඒක සමහරවිට වෙන්න පුළුවන්. එහෙනම් එම ටෙන්ඩරය මුලදිම දාන්න ඕන. ටෙන්ඩරය දානකොටම කියන්න ඕන 04ටම ඉල්ලන්න පුළුවන් කියල. එහෙම 04ටම ඉල්ලනව නම් ඔය වෙනස් ගණන් ඉදිරිපත් කරන්න තිබුණ අදාළ සමාගම් විසින්. ඒ සමාගම් වලට ඒ අවස්ථාව ලබානොදී මේ විශේෂ සමාගම මේ 04ටම තමන්ගේ ටෙන්ඩර් පත්‍රිකාව ඉදිරිපත් කරල තියෙනවා. ඒ කියන්නෙ මේක පූර්ව අවබෝධයකින් කරපු වැඩක්. බොහොම පැහැදිළියි ටෙන්ඩර් පතේ තියෙද්දි එක ආයතනයකට දෙන්නෙ එකයි කියල, හතරටම දැම්මෙ මෙම ආයතනය පමණයි. අන්තිමට කැබිනට් එකට එකක් ඉදිරිපත් කරල තව එකක් ක්‍රියාත්මක කරල තියෙනවා. ඒකෙන් ඇතැම් විට මුදල් ඉතුරුවක් තියෙන්න පුළුවන්. නමුත් මේක පැහැදිළිව ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ බරපතල උල්ලංඝණය කිරීමක් වගේම මේ පිළිබඳව කොන්ත්‍රාත් කරුවන්ගේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයගෙ විශ්වාසය බිඳ වැටෙන සුළු ක්‍රියාදාමයක්.

මුදල් අමාත්‍යාංශය වාර්තාවක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට. ඒ වාර්තාවෙ මුදල් අමාත්‍යාංශයම කියල තියෙනවා සීනි ආනයනය නිසා රජයට සිදුවෙච්ච පාඩුව බිලියන 16 කට ආසන්න ප්‍රමාණයක් කියල. කෝටි 1,600 ක් කියල. අපි නෙමෙයි මුදල් අමාත්‍යාංශයම කියනවා.

ඒ වගේම අපි කියනවා බැඳුම්කර වංචාවට හිටපු මුදල් ඇමතිතුමා ඇතුළු පිරිස සිරගෙට ගියානම්, රාජ්‍ය මුදල් අපහරණය කිරීම යටතේ, රජයට පාඩු කිරීම යටතේ, මේ දීල තියෙන මුදල් අමාත්‍යාංශයේ වාර්තාවම ඇති මේ ගැසට් නිවේදනය කරපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඇමතිවරයා ඇතුළු පිරිසට රාජ්‍ය මුදල් අපහරණය පිළිබඳ චෝදනා නංවන්න. දැනටමත් ඒ පිළිබඳව නඩු කිහිපයක් ආරම්භ කරල තියෙනවා. නමුත් අනිවාර්යෙන්ම මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ටත් මේ සඳහා මඟ පාදපු නිලධාරීන්ටත් දේශපාලකයින්ටත් දඬුවම් දීමේ ක්‍රියාවලියක් අපි ගෙනයනවා.

පොල්තෙල් ජාවාරම ගත්තොත් අද ආණ්ඩුවේ ආයතනම කියනවා මේ ගෙනාපු පොල්තෙල්වල පිළිකාකාරක තියෙනවා කියල. එතකොට මේ සීනි ජාවාරම, පොල්තෙල් ජාවාරම හරහා ඇත්තටම අද රටේ ජනතාවට පිළිකා බෙදාහරින ක්‍රියාදාමය බවට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ආණ්ඩුව මේ වගේ අපරාධවලට තමන්ගේ රාජ්‍ය බලය යොදාගැනීම ඇත්තෙන්ම බයානක කාරණයක්. මේවා සම්බන්ධයෙන් ඉදිරියේදී මේ ආණ්ඩුවෙන්ම නම් විමර්ශනය කරයි කියල අපි විශ්වාස කරන්නෙ නෑ. අනාගතයේදී මේ පිළිබඳව විමර්ශනයක් කරල මේ අපරාධවලට හවුල් අයගේ තරාතිරම නොබලා ඒ අයට දඬුවම් දෙන ක්‍රියාදාමයක් ඇති කරනවා.

රටේ ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි, මේ කරගෙන යන ක්‍රියාදාමය තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා ජනතාවගේ සෞඛ්‍ය, ජනතාවගේ ජන ජීවිතය, ජනතාවගේ බඩගින්න කියන මේ කිසිවක් නොසලකා තමන්ගේ ජාවාරම්කාර හිත මිත්‍රයින් පිනවීමේ ක්‍රියාවලියක තමයි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නියැලී ඉන්නෙ කියන එක.” පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංගමයේ වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර

Next Post

ගමට බලාගාරයක් – වසර 03 කින් මෙගාවොට් 700 ක් ජාතික පද්ධතියට එක් කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

editor

editor

Next Post

ගමට බලාගාරයක් - වසර 03 කින් මෙගාවොට් 700 ක් ජාතික පද්ධතියට එක් කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved