• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නම් රජයේ ආදායම වැඩි කරන්න ඕන – ඇමැති බන්දුල

21 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය බදු ආදායමින් සියයට 86ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් මහජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණිම හෝ ණය ගැනීම කළ යුතු බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ජීවන වියදම, ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය” සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2020 වර්ෂයේ රජයට ලැබුණු බදු ආදායම වූ රුපියල් බිලියන 1216 න් රුපියල් බිලියන 1052ක් විශ්‍රාමික සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු අදායමින් ඉතිරිවන්නේ රුපියල් බිලියන 164ක් බව ද අමාත්‍යවරයා පැවසිය.

එසේම ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත්කර වැටුප් පිළිබඳ කොමිසමක් පිහිටුවා පුළුල් සංවාදයක් තුළින් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝකයේ ධනවත්, දුප්පත් සහ මැදි ආදායම් ලබන සියලුම රටවල් වත්මන් වසංගතයෙන් පීඩාවට ලක්වී ඇති බවත් ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සියලුම රටවලට මෙය පොදු කරුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ පුරා පැතිරීගිය වසංගතය හේතුවෙන් මිලියන 4කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගුවන් තොටුපල, නැව් තොටුපල වසා දමා ඇති පසුබිමක ලෝකයේ ම සැපයුම් ක්‍රියාවලිය අඩපනවී නිෂ්පාදනය, පරිභෝජනය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසංගතය නිසා බඩගින්න, මන්ද පෝෂණය වැඩිවි ලෝකයම පුරාම දුප්පත්කම ඉහළගොස් ඇති මෙවන් අවස්ථක ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම රාජ්‍ය මූල්‍ය කළමණාකරණය දුෂ්කර අභියෝගයක්ව ඇතැයි ඇමතිවරයා කීය.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආර්ථිකය කඩා වැටීම යන ප්‍රධාන අර්බුද තුනට ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මුහුණ දෙනවා යැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Post Views: 7
Previous Post

TTV මාධ්‍ය නව පෙරළියකට ALCAP සමඟ ගිවිසුම් ගතවෙයි

Next Post

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – මුදල් ඇමැති බැසිල්

editor

editor

Next Post

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි - මුදල් ඇමැති බැසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved