• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – මුදල් ඇමැති බැසිල්

22 July 2021
in දේශීය

වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.

එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය දෙමින් එන්නත් මිල දී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාවය දී ඇති හෙයින් කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවිය හැකි බවට ද අමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පළ කළේය.

හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර එම යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද රාජපක්ෂ මහතා මෙහි දි සඳහන් කළේය.

තාක්ෂණය ආශ්‍රිත රැකියා මගින් මේ වන විටත් බිලියන 1.2 ක පමණ ආදායමක් මෙරටට ලැබෙන අතර, විදේශ රටවල් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවයක් ඇති හෙයින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙම හමුවේදී සඳහන් කළේය.

ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා ඒ අනුව ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දුන්නේය.

ආයෝජකයින් අපහසුතාවයට පත්වන අවස්ථා විධිමත්ව හඳුනාගෙන එවැනි අවස්ථා අවම කරමින් ආයෝජකයින් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ද මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍යය වියදම්, නාස්තිය දූෂණය අවම කරමින් මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලුම මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

Post Views: 10
Previous Post

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නම් රජයේ ආදායම වැඩි කරන්න ඕන – ඇමැති බන්දුල

Next Post

ඇමැති නිමල්ගේ ආසනයට නව කම්කරු කාර්යාලයක් පිහිටුවයි

editor

editor

Next Post

ඇමැති නිමල්ගේ ආසනයට නව කම්කරු කාර්යාලයක් පිහිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved