කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20- 30ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් සියයට 78ක ප්‍රමාණයකට එන්නත් ලබා දි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චමින්ද විරකොන් මහතා පවසයි.
අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග රට සාමන්‍යකරණය කිරිම තුළ ප්‍රජාව ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඊයේ(04) මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.
කොවිඩ් මර්දනය කටයුතුවලදි වෙනත් දිස්ත්‍රික්ක හා සාපෙක්ෂව මාතලේ දිස්ත්‍රික්කයේ මාධ්‍ය මගින් ලැබුණු සහය අගය කරන බවත් කොවිඩ් පාලන කටයුතු සිදු කිරිමේදි එයට මහත් පිටිවහලක් වු බවද හෙතෙම පැවසිය.
දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් කරණය කිරිම තුළින් ලංකාවේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බවත් මේ වන විටත් එම කටයුතු සෞඛ්‍ය අංශ සිදු කරමින් පවතින බවත් මේ වන විට මාතලේ මහ රෝහලේ දි සංකුලතා ඇති දරුවන් සදහා ද කොවිඩි එන්නත් කිරිම ආරම්භ කළ බවද විරකොන් මහතා පැවසිය.
කොවිඩ් එන්නත් කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සියල්ල එන්නත් කළ පළමු දිස්ත්‍රික්කය බවට මාතලේ දිස්ත්‍රික්කය පත්වුයේ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරින් හා දේශපාන අධිකාරියෙන් ලැබුණු සහයෝගය නිසා බවත් එය කෘතවේදිව සිහිපත් කරන බවද අධ්යක්ෂවරයා පැවසීය.
මෙහිදි අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රභාත් රණ සිංහ මහතා කියා සිටියේ කොවිඩ් මර්දන කිරිමේ කාර්යේදි ජනමාධ්‍ය ප්‍රබල සාධයක් බවත් පුවත් වාර්තාකරණයේදි ධාන්තමකව සිදු කළ යුතු බවත් එය මාතලේ දිස්ත්‍රික්කයේ නොඅඩුව ලැබුණ බවය.කොවිඩ් වෛරසය විටින් විට වෙනස් ප්රාභේද හමුවන බවත් රෝග පාලනය සහ කොවිඩ් පාලනය කිරිම සදහා එන්නත් වැඩපිළිවෙල සාර්ථකව සිදු කළ දිස්ත්‍රික්කය ලෙස මාතලේ හදුන්වන බවය.තරුණ පිරිස් සදහා මේ වන විට එන්නත් වැඩපිළීවෙල සිදු කරමින් පවතින බවත් ඇතැම් පිරිස් මිත්‍යා හා වෙනත් කාරණා මත පිහිටා එන්නත ලබා ගැනිමත් සිදු නොකර සිටින බවත් එසේ සිදු නොකර එන්නත ලබා ගැනිම යෝග්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධනය අනුමත කර ඇති එන්නත්වලින් කුමන හෝ එන්නත් ලබා ගත යුතු බවද වෛද්‍යවරයා පැවසිය.
මෙම හමුව අමතා මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත වේදඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර,දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යෘපන නිලධාරි ශ්‍රිමා තොටගම ලියනගේ යන මහත්ම මහත්මින් ද අදහස් දැක්විය.
මාතලේ – මහේෂ් කිර්තිරත්න