27 April 2024
#දේශීය

තෙල් ටැංකි සදාකාලිකව තියෙන්නේ ඉන්දියාව ගාව … මං මේ ඒ ටික ගන්නයි හදන්නේ – ඇමැති ගම්මන්පිල

ඉන්දු – ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සදාකාලිකව ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමන් සටන්වදින්නේ එම අයිතිය යළි මෙරටට ලබාගැනීමට බවයි.

එහිදී මාධ්‍යවේදි මෙසේ ප්‍රශ්ණ කර සිටියේය “මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අය කියන්නේ 2023 වසරේ අපට මේ තෙල් ටැංකි යළි ලැබෙන්න තියෙනවා කියලා නේද ?

එයට පිළිතුර දුන් අමාත්‍යවරයා “ කොහෙද මේ තෙල් ටැංකි 2023 දෙනවා කියලා තියෙන්නේ. අවාසනාවකට ඔවුන් ගෙන් එක මාධ්‍ය ආයතනයක් වත් මේ ගැන ප්‍රශ්න කළේ නැහැ. පොතක් පතක් ගිවිසුමක් බලන්නේ නැතුව මේ අය සඳහන් කරන්නේ. 1987 සහ 2003 වසරවලදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඉවරයි. මම උත්සාහ කරන්නේ ඒ තෙල් ටැංකි නැවත ලබා ගන්නයි. මේ තෙල් ටැංකි තිබෙන්නේ ඉන්දියාව ගාව. ඒක දීල තිබෙන්නේ සදාකාලිකව. මම ආරාධනා කරනවා ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් වන ඉන්දු ලංකා ගිවිසුම සමඟ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමන් සහ රජිව් ගාන්ධි අගමැතිතුමා හුව මාරු කරගත් ලිපි වල දෙවන ඡේදයේ තුන්වන අනු ඡේදය කියවන්න. ඒ හරහා මේ තෙල් ටැංකි අපිට සංවර්ධනය කල හැක්කේ ඉන්දියාව සමග පමණය කියලා වගන්තියක් තියෙනවා. එහෙම තිබිය දී ඒක වෙනස් කරගන්න මම සටනක් කරන විට මේ කට්ටිය කියනවා 2023 දී දෙනවා කියලා. ඒක පට්ට පල් බොරුවක්. තෙල් ටැංකි 2023 දෙනවා කියල කියන ගිවිසුමේ වගන්තිය මොකක් ද කියලා අපි ඒ උදවියගෙන් ප්‍රශ්න කරනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *