• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිපතිට ඕනෑ ඕනෑ වෙලාවට අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගන්න බැහැ – නීතිඥ සුනිල් වටගල

17 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙන අතර සෑම සතියකට හෝ දෙකකට වතාවක් රාජපක්‍ෂ පවුලේ හෝ එම පවුලේ ආශිර්වාදය ලබන කිට්ටුවන්තයෙක් අධිචෝදනාවලින් නිදොස් කොට මුදා හරින බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ නීතිපතිවරයා මේ ලෙස අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම රට හමුවේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නඩු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නඩු, කෘෂිකර්ම ඇමතිවරයාගේ නඩු ඇතුලු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගෙන ඇති බවත් මේ ක්‍රියාවලිය මොකක්ද? මෙහෙම ක්‍රියාවලියක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙනවාද? යන්න වටගල මහතා ප්‍රශ්ණ කර සිටි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පල කල නීතිඥ සුනිල් වටගල මහතා “යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ආයතන කිහිපයක් තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, සහ අල්ලස් සම්බන්ධයෙන් නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ථානවලට කරන ලද පැමිණිලි අධිචෝදනාවකින් කෙළවර කළ යුතු නම් ඒ ඒ ආයතනවල විමර්ශන නිලධාරීන් සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිළධාරියෙකු එය පරිශීලනය කර වාර්තාවක් එක්ක ඉහළ නිලධාරියෙකුට යවනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය නම් විමර්ශන නිලධාරීන් කැඳවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉහළ විමර්ශන නිලධාරියාට මේ අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තව දුරටත් ඉහළ නිළධාරින් එක්ක කරුණු සාකච්ඡා කරන්න පුලුවන්. එයින් මතුවන අඩුපාඩු සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාට ලිපි ගොණුව යවනවා. අපරාධ නඩු අංශයේ ප්‍රධානියා, ඉහළ විමර්ශන නිලධාරියා සහ නීතිපතිවරයා සම්බන්ධවී අධිචෝදනාවේ තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් පහළ නිලධාරීන් කැඳවා නිවැරදි කර ගන්නවා.

සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීවරයෙක් පරිශීලනය කිරීම, එම වාර්තාව අධික්‍ෂණ නිලධාරියෙකුට යොමු කිරීම සහ ඉන් පසු නීතිපතිවරයාට ලබාදීම යන ක්‍රියාවලියෙන් පසුව ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අධිචෝදනා පත්‍රය මහාධිකරණයට යවනවා. මහාධිකරණයේ මුලින්ම අදාල චෝදනා කියවනවා. මහාධිකරණයට යොමුකළ අධිචෝදනා පත්‍ර පවා කියවාදීමට පෙර ගැටලු ඇත්නම් විනිසුරු යළි නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. එවැනි අවස්ථාවකදී විමර්ශන නිලධාරීන් යළිත් අදාල නිවැරදි කිරීම් කරනවා. ඉන්පසු මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර වරදකරුද, නිවැරදිකරුද යනුවෙන් ප්‍රශ්න කෙරෙනවා. එවැනි නඩු ගොනුවක් හිටි හැටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවක් තියෙන්න ඕනෑ. මේ වෙනුවෙන් මහජන ධනය කොපමණ වැයකර තිබෙනවාද?

මේ ආකාරයට නිර්මාණය කළ අධි චෝදනා පත්‍රය එක පෑන් පහරින් ඉල්ලා අස්කර ගන්නවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. අපි ඉතා වගකීමෙන් කියන්නේ නීතිපතිට ඕනෑ වෙලාවට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. විශේෂ හේතුවක් නැතිව ඉල්ලා අස්කර ගන්නත් බැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ කියන්නේ නීතිය සමාජ සාධාරණත්වය උදෙසා කියලයි. මේ යටතේ තිබෙන්නේ “නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයට අත්තිවාරම වන අතර රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ යහපත සඳහාය. නීතියේ ආධිපත්‍යය යන සංකල්පය, මේ සංකල්පයේ අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම වන හෙයින් කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රජය නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකළ යුතුය. එබැවින් අපගේ රජය නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට හැම විටම කැපවන අතර කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට ඉඩ නොතැබේ.” යන ආකාරයටයි.

ඒ වගේම මේ ප්‍රකාශයේ 71 වන පිටුවේ “පුරවැසියා මෙන්ම පාලකයාද නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු අතර එය රටක ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණි. නීතිය සැමට සමාන විය යුතු අතර පුරවැසියා නීතියට මිස නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවලට සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ආයතන සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස මහජනතාව නිර්මාණය කෙරෙයි.” කියලා දැක්වෙනවා. හරිම පැහැදිලිව ඔවුන් අපිට කියාදී තිබෙනවා. නමුත් දැන් ප්‍රතිපත්ති ප්‍රකාශය පැත්තකට දාලා වෙනත් පාරක යනවා. තමන්ගේ සුවච කීකරු ගෝලයෝ නිදහස් කරගන්න කැකිල්ලේ කොමිසමත් ගෙනාවා. මේ කොමිසන් වාර්තාවෙන් රාජපක්ෂ පවුලේ, කැබිනට් මණ්ඩලයේ අයගෙ සහ හිතවතුන්ගේ නඩු විශාල ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. ඒ වගේම ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන අනාවැකියක් පළ කරන්න පුළුවන්. ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. 1968/2020 නඩු අංකය යටතේ තිරු කුමාර් නඩේෂන් පැමිණිලිකරු ලෙස සඳහන් කළ නඩුව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වැදගත්. “පැමිණිලිකරුට හා බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව බී8864/15 මගින් අසත්‍ය පැමිණිල්ලක් කළ උපුල් කුමාර රාමවික්‍රම යන අයට එරෙහිව නඩු පැවරීම ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, ගම්පහ මහාධිකරණයේ නඩු අංකය වන 26/2017 නඩුව ඉල්ලා අස්කරගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතුය.” කියලා තියෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මේ ආකාරයට නම් සැලකිය යුතු ගැටලුවක් නිර්මාණය වෙනවා. ඉල්ලා අස්කර ගැනීම්වලට කිසිදු පදනමක් නැහැ. විශේෂම කාරණය වෙන්නේ මේ ඉල්ලා අස්කර ගන්න නඩුවල අධිචෝදනා පත්‍රවලට එවකට නීතිපතිවරයාව සිටි දැන් ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා අත්සන් කර තිබීමයි. මෙතන ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ ඉල්ලා අස්කරගැනීම් පිටුපස පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයන් තිබෙනවා. මේ නඩු ඉල්ලා අස්කර ගත්තත් සාමාන්‍ය ජනතාවගේ නඩු ඉල්ලා අස්කරගන්නේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන්ගේ නඩු නීතිපති දෙපාර්තමේන්තුව වේගයෙන් ඉල්ලා අස්කර ගන්නවා. මේ නඩු ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයාත් නීතිපතිවරයාත් සෘජුවම වගකිව යුතුයි. අලුත් නීතිපතිතුමා පත්වෙනකොට අපි හිතුවා නීතිය හරි විදියට ක්‍රියාත්මක කරයි කියලා. ඒත් දැන් මහදවල් අපරාධකාරයෝ, ජනතා මුදල් හොරාකාපු මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා. අපිට හරි කණගාටුයි නීතිපතිතුමනි.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා නීතියේ බලය රකින්න ඡන්දය ගත් මහත්වරු ක්‍රියා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. හිටි අඩියේම කාබනික පොහොර බවට පරිවර්තනය කිරීම හත්පොලේ ගාගෙන තිබෙන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව යොදාගෙන ගෙනයන ක්‍රියාවලියක් හත්පොලේ ගාගන්න වෙනවා. වර්තමාන නීතිපතිවරයාට අපි හරි ආදරයෙන් හිටියා. නමුත් අපට දැන් හරිම කණගාටුයි. මේ තත්වයට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සමග එකතු වෙන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා. නීතියේ බලය යළි තහවුරු කරන තුරු මේ සටන අපි අත හරින්නේ නැහැ. ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යනවා. යැයි නීතිඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 1
Previous Post

අලි- මිනිස් ගැටුම පාලනය වෙන මගකට යොමු කල යුතුයි – පෘථිවිරාජ්

Next Post

නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය

editor

editor

Next Post

නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved