27 April 2024
#දේශීය

අලි- මිනිස් ගැටුම පාලනය වෙන මගකට යොමු කල යුතුයි – පෘථිවිරාජ්

දිර්ඝ කාලයක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුමට ගත යුතු විසදමු වෙන මගකට යොමු කල යුතු බව වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරාකුළම ගම්මානයට පවතින අලි- මිනිස් ගැටුමට තිත තබමින් මාරාකුළම ගම්මානය ආවරණය වන පරිදි අලි වැටක් ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

එහිදී පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය, අපි දැනට අවුරුදු 30 ක් පමණ, අලි ගැන සහ අලි -මිනිස් ගැටුම පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා, ඒකෙන් අපිට පැහැදිලි වෙලා තියෙන්නේ මේ අලි මිනිස් ගැටුම පාලනය කර ගන්න හෝ මැඩපවත්වා ගන්න නම් අපි මෙච්චර කාලයක් පාවිච්චි කළ ගමන් මගට වඩා වෙනස් මගකට යොමු විය යුතුයි.දැනට ලංකාවේ භූමි භාගයෙන් 62% ක ප්‍රදේශයක අලි ඉන්නවා.අලි ඉන්න ප්‍රදේශයෙන් 70% ක අලි ඉන්නේ මිනිස්සුත් ජීවත් වෙන ප්‍රදේශ වල අද අපි මේ තත්වයට ඇවිත් තියෙන්නේ අවුරුදු 70 කට වඩා වැඩි කාළයක් අලි ඔක්කොම රක්ෂිත ප්‍රදේශ වලට සීමා කරන්න ගත්තු ඉතිහාසයක් එක්ක.ඒක අසාර්ථක වෙලා තියෙනවා.ඒ නිසා අපි වෙනත් මගකට යොමු විය යුතුයි කියලා තීරණය කලා. අපි අලි ඉන්න ප්‍රදේශයක ජීවත් වෙනවා නම්, අපේ ගමට, අපේ කුඹුරට අලින්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට ඉදිරිපත් වෙලා අපේ දේ ආරක්ෂා කර ගත යුතුයි කියන මගට යොමු විය යුතු වෙනවා.එවිට අලි-මිනිස් ගැටුම පාලනය කර ගන්න හා මැඩපවත්වා ගන්න පුලුවන් යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *