• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමිකයන් රවටා මුදල් වංචා කල පස් දෙනෙකු අත්අඩංගුවට

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර පහක් තිස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවේ නිලධාරින් ලෙස ව්‍යාජ ලෙස පෙනි සිටිමින් දිවයින පුරා විශ්‍රාම ගොස් සිටින පිරිස් රවටා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කළ බව කියන මහ මොළකරු සමග සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ(07) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන කටයුතු මාස තුනක් තිස්සේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින් විසින් විමර්ශනය සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත් විය.

“බෝඩිං තරංග” යන අනර්වර්ථ නමින් හදුන්වන ප්‍රධාන සැකකරු විසින් විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන් ඇතුලු රජයේ නිලධාරින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ට හිග විශ්‍රාම වැටුප් සහ දිමනාවන් ලබා ගැනිම සදහා සහය විය හැකි බවට පවසා ඒ සදහා යම් මුදලක් ගෙවිමට සිදුවන බව පවසමින් එම පිරිස් නොමග යවමින් මෙම වංචාව සිදු කර ඇති බවද පොලිසිය කියයි.

අදාළ සැකකරුවන් විසින් විශ්‍රාම ගොස් සිටින පිරිස් සොයා ගෙන ගෙන් ගෙට ගොස් ඔවුන් සමග සුහදශිලිව සිට සිත් ඇදබැද ගන්නා අයුරින් කතා කොට රාජ්‍ය නිලධාරින් ලෙස හැදපැළද ගොස් සුක්ෂම ලෙස රවටා ඇති බවත් මොවුන් ව්‍යාජ රන් පෙන්වා රන් භාණ්ඩ අනෙක් පිරිස් විසින් ලබා දෙන පවසමින් මෙම වංචාව සිදු කර ඇති බවද ‍පොලිසිය කියයි.

සැකකරු විසින් අදාළ මුදල් ලබා ගැනිම සදහා රන් භාණ්ඩවලින් අදාළ වටිනාකම් ගෙවිය හැකි බවට පවසා අදාළ විශ්‍රාමිකයින් සන්තකයේ ඇති රන් භාණ්ඩ කොල්ල කා ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙම වංචාව සදහා හසුවු පිරිස් තම සන්තකයේ තිබු මුදු.කරාබු,අත්පළදනා,පෙන්ඩන් ඇතුලු රන් භාණ්ඩ මෙසේ ලබා දි ඇති බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් දිවුලපිටිය,බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා මිගමුව ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේ බෝඩිමක් පවත්වාගෙන යන අයෙකු බවත් ඔහු අධි සුඛෝපභෝගි ජිවිතයක් ගත කර ඇති අතර ඔහු ප්‍රදේශයේ මහා දානපතියකු ලෙස පෙනි සිටිමින් මෙම වංචා සිදු කර උපයන මුදලින් ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත රුපියල් ලක්ෂ 25ක් සහ ප්‍රදේශයේ වෙනත් සමාජිය කටයුතු වෙනුවෙන් අත දිගහැර මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග කරන අයෙකු බවට පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

සැකකරු විසින් මෙම කටයුතු සදහා යොදා ගත් බව කියන මොටර්සයිකල් දෙකක්,ජංගම දුරකතන,කාර් රථයක් ‍ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන හා රන් භාණ්ඩ සකස් කරන ස්ථාන වෙත අලෙවි කර තිබියදි රන් පවුම් 34ක් සහ මුදල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සොයා ගත් බවද පොලිසිය කියයි.

සැකකරුවන්ට එරෙහිව දිවයින පුරා පොලිස් ස්ථානවල පැමිණි සියයට වැඩි ප්‍රමාණයක් ඇති බවත් දිවයින පුරාම මෙම වංචාව සිදු කර ඇති බවත් දිවයිනේ මධ්‍යම,වයඹ,ඌව,බස්නාහිර,ඇතුලු සියලු පළාත්වල මෙම වංචාව සිදු කර ඇති බවද පොලිසිය කියයි.

මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයේ විශ්‍රාම ගිය ගුරුවරියක් සහ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ අයෙකු විසින් අදාළ සැකකරුවන්ට ලක්ෂ තුනහමාරක මුදලක් ලබා දි ඇති බවත් තවත් විශාල පිරිසක් මෙම සැකකරුවන්ගේ වංචනික ක්‍රියාවට හසුව ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර,පො.ප කැළුම් බණ්ඩාර,උ.පො.ප ප්‍රේමසිරි,පො.සැ 57143 නවරත්න,කා.පො.සැ1209 වත්සලා,පො.කො.ජගත්.පො.කො 88015 චතුරංග යන නිලධාරිහු මෙම වැටලිම සදහා සහභාගි විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

කොවිඩ් පාලනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා – සෞඛ්‍ය ඇමති

Next Post

හෙද විදුහල්හි පවතින අඩුපාඩු කඩිනමින් සොයා බලා පහසුකම් ඉහලනංවන්න -සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

හෙද විදුහල්හි පවතින අඩුපාඩු කඩිනමින් සොයා බලා පහසුකම් ඉහලනංවන්න -සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025

Recent News

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved