• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ (කිලෝමීටර් 111 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් 2021 දෙසැම්බර් 06 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් පී 485 දරන වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60ක් පමණ දුර දකුණු මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (IMUL – 790- KLT ) පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ උර 357ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සොයාගැනීමෙන් අනතුරුව, සැකකරුවන් පස්දෙනෙකු (05) සමඟින් එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙ‍ම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 66ත් අතර වයසේ පසුවන කෝට්ටගොඩ, දික්වැල්ල, දෙනියාය සහ හුංගම යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, බහුදින යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ගාල්ල වරාය පොලිසිය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවාව සහ අනෙකුත් බුද්ධි සේවාන් සමඟ සම්බන්ධීකරණයෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරන බැවින්, බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ධීවර ප්‍රජාව විසින් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැත. එබැවින්, වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවීමෙන් හෝ ඒ සඳහා අනුබලදීමෙන් වළකින ලෙස නාවික හමුදාව මෙරට ධීවර ප්‍රජාව වෙත අවධාරණය කරයි.

 

 

 

 

Navy takes hold of smuggled Kendu leave stock in southern waters

Sri Lanka Navy intercepted a multiday fishing trawler carrying about 5645.5kg of smuggled Kendu leaves, during a special operation in southern waters about 60 nautical miles (111km) off Dondra on 06th December 2021. The operation also made way to apprehend 05 suspects in connection to the incident.

Sri Lanka Navy has been conducting regular operations covering the coastal belt to ward off smuggling of drugs and other illegal activities stemming from sea routes. Accordingly, this special operation was mounted by Fast Attack Craft P485 of the 4th Fast Attack Flotilla (FAF4) attached to the Southern Naval Command in southern waters, about 60 nautical miles off Dondra and searched a suspicious multiday fishing vessel (IMUL – 790- KLT). Incidentally, the Navy recovered about 5645.5kg of smuggled Kendu leaves in 360 sacks which had been concealed in the multiday fishing vessel. Subsequently, the stock of Kendu leaves with the fishing vessel and 05 suspects aboard were taken into naval custody and brought to the Galle harbour.

The operation was conducted adhering to COVID-19 protocols and the suspects held in it were recognized as residents of Kottegoda, Dikwella, Deniyaya and Hungama from 22 to 66 years of age. The suspects together with the stock of Kendu leaves and multiday fishing vessel will be handed over to the Galle Harbour Police for onward legal action.

Furthermore, the Navy conducts regular operations in coordination with the State Intelligence Service and other intelligence agencies to curb smuggling activities carried out by a handful of fishing community in the hope of greater economic benefits under the guise of multi-day fishing. Therefore, the Navy urges the local fishing community to refrain from engaging in or aiding such illegal activities in the hope of fast buck.

 

 

Post Views: 2
Previous Post

හෙද විදුහල්හි පවතින අඩුපාඩු කඩිනමින් සොයා බලා පහසුකම් ඉහලනංවන්න -සෞඛ්‍ය ඇමති

Next Post

2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා – ප්‍රවාහන ඇමැතිනි

editor

editor

Next Post

2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා - ප්‍රවාහන ඇමැතිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved