• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ නිළධාරීන්ට අලුත් ගමනකට ඇමති දුමින්ද ආරාධනා කරයි

24 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හැමදාමත් රජයේ සේවකයාව ආරක්ෂා කරලා තිබෙන බවත් හැමෝම අලුත් ගමනක් යමු කියලා මතක් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමින්ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පලකලේය “දේශපාලන අධිකාරියට, නායකත්වය දෙන්න පුලුවන් මතවාද හදන්න පුලුවන් හැබැයි මේක ගමේ ගිහින් ක්‍රියාත්මක කරන්න නිල වශයෙන් වගකීම හා අයිතිය තියෙන පිරිස තමයි රජයේ නිළධාරීන්, රජයේ සේවය නැතිව අපිට මේ වැඩ කරන්න බෑ, අපි එහෙම නම් රණ්ඩු වෙලා හරියන්නේ නෑ, අපි යාලු වෙන්න ඕන, අපි යාලු වෙලා හරියන්නේ නෑ, අපි හොඳම යාලුවෝ විදිහට තවත් වැඩි සම්බන්ධතාවයක් හදාගත්තොත් තමයි මේ ගමන අපිට යන්න පුලුවන්කම තියෙන්නේ. අපි හැමදාමත් රජයේ සේවකයාව ආරක්ෂා කරලා තියෙනවා, රැකලා තියෙනවා, ඒ වගේම රජයේ සේවකයා වෙනුවෙන් පෙනී ඉඳලත් තියෙනවා.ඒ නිසා අපි හැමෝම අලුත් ගමනක් යමු කියලා මතක් කරනවා.

1948 ඉඳන් ආණ්ඩු තිබුණට, රට හැදුවයි කියලා කිව්වට, අපි ඉබාගාතේ ගිහින් තියෙන්නේ, එකම ආණ්ඩුව තුළ අමාත්‍යංශ වලට තිබිලා තියෙන්නේ වෙනම අරමුණු, කට්ටියක් ස්වයංපෝෂිත වෙන්න හදනවා, කට්ටියක් පිටරටින් ගේන්න හදනවා.කට්ටියක් දේශීය දේ මාර්කට් කරනවා, තව කට්ටියක් පිට රට දේ අගය කරනවා.අපිට එක අරමුණක් වෙනුවෙන් රටක් විදිහට යන්න බැරි වෙලා තියෙනවා.ඒ නිසා තමයි තාමත් අපිට ආපස්සට හැරිලා බලන කොට දුක් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි අපිට මෙහෙම වුණේ කියලා.

සාමාන්‍යයෙන් ග්‍රාමසේවා වසමක් තුළ වැඩ කරන්න විශාල නිළධාරීන් පිරිසක් ඉන්නවා.එක පුද්ගලයෙක් වෙනුවෙන් වගකියන අමාත්‍යංශ ගණනාවක නිළධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ ඉන්නවා.අපි මේ ඉන්න සියලුම නිළධාරීන් ටික තම තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවයන් පාවිච්චි කලොත් විශාල වැඩ කොටසක් අපිට කරන්න පුලුවන්කම තියෙනවා.ඔබතුමන්ලාගේ හයිය අපිට ඉතාමත් වටිනවා.මොකද කොතරම් දේශපාලන නායකත්වයක් කථා කලත් තේරුමක් වෙන්නේ නෑ,ඔබතුමන්ලා මේ බිමේ පණිවිඩය සහ මේ සඳහා නායකත්වය ගත්තේ නැත්නම්,ඔබතුමන්ලාත් එක්ක තමයි ඒ වගකීම හා ඒ රාජකාරිය පැවරිලා තියෙන්නේ ඔබතුමන්ලා අතේ,ඒ නිසා ඔබතුමන්ලා මේ ලබන දැනුම්වත්භාවයත් එක්ක දේශපාලන අධිකාරියේ නායකත්වයත් එක්ක ඉදිරියේදී අපිට ඔබතුමන්ලා අපි දෙගොල්ලම එකතු වෙලා මේ රට වැටිච්ච තැනින් නැගිට්ටවන්න පුලුවන්කම තියෙනවා.

මේ රට මෙතනින් පල්ලහොටත් වැටුණොත් කාටහරි හිනා වෙන්න පුලුවන්ද? හිනා වෙන්න පුලුවන් හැබැයි වැටෙන්නේ අපිත් එක්කමයි, ඒ නිසා මේ රට මෙතනින් එහාට නැගිට්ටවන වැඩේ තමයි අපි කරන්න ඕනකම තියෙන්නේ.ඔබතුමන්ලාට අපිට දේශපාලන මතයන් තියෙනවා වෙන්න පුලුවන්, හැබැයි ඔබතුමන්ලාට වගකීමක් තියෙනවා රාජ්‍යය නිළධාරීන් විදිහට, රජයේ ප්‍රථිපත්තිය ශක්තිමත් කරන්න සහ රජයේ ප්‍රථිපත්ති වෙනුවෙන් පෙනී සිටින්න.ඒ නිසා තමන්ගේ දේශපාලන මතය ඡන්දයට තියා ගන්න,හැබැයි රජයේ ප්‍රථිපත්තිය ඉස්සරහට ගෙන යන්න ඔබතුමන්ලා හැමෝම ඒ ප්‍රථිපත්තිය වටා අත්වැල් බැඳ ගන්න.සමහරෙකුට ඒ ප්‍රථිපත්තිය පිලිගන්න බැරි වෙයි. හැබැයි රජයේ සේවකයෝ විදිහට ඔබතුමන්ලා බැඳිලා ඉන්නවා ඒ ප්‍රථිපත්තිය ඉස්සරහට ගෙන යන්න.ඒ නිසා තමයි ඔබතුමන්ලා මහජනතාවගෙන් එකතු කර ගන්නා බදු මුදලින් පඩියක් ලබන්නේ.ඒ නිසා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන, ඔබතුමන්ලා අපි දන්නේ- අදුරන්නේ නැති කට්ටිය නෙමෙයි, අපි අවුරුදු ගානක් එකට වැඩ කරපු කට්ටිය, ඒ වගේම ඔබතුමන්ලා අපිට උදව් කරපු කට්ටිය, ඒ නිසා දැන් හරි අපි හරි ගමණක් යන්න සූදානම් වුණොත් අපිට යන්න පුලුවන්කම තියෙනවා අපි ප්‍රමාද නෑ,ඒ නිසා වෙනදා අපිට උදව් කලා වගේම සියලුම රජයේ නිළධාරී මහත්වරු ටික අපිට මේ රට ඉස්සරහට ගෙන යන්න හයිය ශක්තිය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා.ඒ වගේම දේශපාලන අධිකාරිය විදිහට අපි සියලු දෙනා මොන පක්ෂයක හිටියත්, මොන මතයක හිටියත්,අපි ඔබතුමන්ලාට ඒ ලබා දෙන්න පුලුවන් දේශපාලන නායකත්වය හරි ආකාරව නිවැරදිව අපි ලබා දෙනවා.ඒ නිසා අපි එක ගමනක් යමු.

අපිත් දැන් වෙනස් වෙලා තියෙනවා.අපිත් දැන් වෙනදා වගේ නෙමෙයි මේ රටේ අරමුණ වෙනුවෙන්, රටේ ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් දේශපාලන අරමුණ පැත්තකින් තියලා, ඡන්ද අරමුණ පැත්තකින් තියලා, රටේ අනාගතය වෙනුවෙන් අපිත් වෙනස් වෙලා තියෙනවා.අපි හැමෝම මේ වෙනසත් එක්ක ඉස්සරහට අත්වැල් බැඳගත්තොත් අපිට ඉදිරි කාලය තුළ ලොකු වෙනසක් මේ රටේ ඇති කරන්න පුලුවන්කම තියෙනවා.ඒ නිසා අවුරුද්දේ අන්තිමත් නිසා මම ස්තූතිවන්ත වෙනවා සියලු දෙනාටම පහුගිය කාළය පුරාවටම මේ සියලුම දේශපාලන අධිකාරියට ඔබතුමන්ලාට හා ආණ්ඩුව වෙනුවෙන් ඔබතුමන්ලා ලබා දුන්න සහයෝගයට.මොන මොන මතවාදයන් තිබුණත්, මොන මොන ප්‍රශ්න තිබුණත් අපි එකට වැඩ කලා, අපි එකට හිටියා,ඒ නිසා තමයි අපිට මේ තැනටත් එන්න පුලුවන්කම ලැබිලා තියෙන්නේ.2022 අවුරුද්ද පහුගිය අවුරුද්ද වගේ අඩුපාඩු නැති, පහුගිය අවුරුද්ද වගේ හිතේ අමාරුකම් නැති, පහුගිය අවුරුද්ද වගේ කණගාටුවක් නැති හොඳ අවුරුද්දක් බවට පත් වුණොත් අපි මේ කරන සේවයත් වැඩියෙන් හොඳට කරන්න පුලුවන්කම තියෙනවා.දේශපාලන අධිකාරියට, නායකත්වය දෙන්න පුලුවන් මතවාද හදන්න පුලුවන් හැබැයි මේක ගමේ ගිහින් ක්‍රියාත්මක කරන්න නිල වශයෙන් වගකීම හා අයිතිය තියෙන පිරිස තමයි රජයේ නිළධාරීන්, ලියුමකට අත්සන් කරන්නේ ඔබතුමන්ලා, අනුමැතියක් දෙන්නේ ඔබතුමන්ලා, ඒ වගකීම ප්‍රධාන ගණන් බැලීමේ නිළධාරියා විදිහට ඉහළ ඉඳන් පහලට රජයේ සේවය නැතිව අපිට මේ වැඩ කරන්න බෑ,අපි එහෙම නම් රණ්ඩු වෙලා හරියන්නේ නෑ, අපි යාලු වෙන්න ඕන, අපි යාලු වෙලා හරියන්නේ නෑ, අපි හොඳම යාලුවෝ විදිහට තවත් වැඩි සම්බන්ධතාවයක් හදාගත්තොත් තමයි මේ ගමන අපිට යන්න පුලුවන්කම තියෙන්නේ.ඔබතුමන්ලා දන්නවා අපි හැමදාමත් රජයේ සේවකයාව ආරක්ෂා කරලා තියෙනවා, රැකලා තියෙනවා, ඒ වගේම රජයේ සේවකයා වෙනුවෙන් පෙනී ඉඳලත් තියෙනවා.ඒ නිසා අපි හැමෝම අලුත් ගමනක් යමු කියලා මතක් කරනවා.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විදිහට මටත් මිලියන 100 ක් හම්බෙලා තියෙනවා.මෙච්චර කාළයක් අපිත් කැමති වුණේ පාරක් හදන්න, බෝක්කුවක් දාන්න, බොරලු දාන්න, ගල් අල්ලන්න, බෝඩ් ගහන්න තමයි අපිත් කැමති වුණේ, ඕක තමයි හැමදාමත් වෙලා තිබුණේ,අපිට දුන්න මිලියන 100 සම්බන්ධ චක්‍රලේඛණ වල සඳහන් වුණා, ජීවනෝපාය සංවර්ධනය සඳහා අවමය දෙන්න පුලුවන් 40% යි කියලා, ඒ කියන්නේ 100% ක් ම වුණත් ජීවනෝපාය දාන්න පුලුවන්,මගේ මිලියන 100 ම මම දැම්මේ ජීවනෝපාය සංවර්ධන වෙනුවෙන්.ඔබතුමන්ලා දන්නවා සිතමු කාන්තා සමිති ජාලය, මම කෘෂිකර්ම ඇමති කාළයේ තමයි ලංකාවේම සිතමු කියන අලුත් කාන්තා ව්‍යාපාරය අපි නිර්මාණය කලේ.අද විශාල කාන්තාවන් පිරිසක් ඉන්නවා, සමිති ශක්තිමත් වෙලා තියෙනවා, ව්‍යවසායිකාවන් බවට පත් වෙලා තියෙනවා.මේ පාරත් මම ලක්ෂ 500 ක් වෙන් කරලා තියෙනවා කාන්තාවන් 1000 ක් වෙනුවෙන්, එක කාන්තාවකට ඒ ගොල්ලන්ගේ දායකත්වයත් එක්ක රුපියල් 50 000 ක් දීලා, තියෙන ව්‍යාපාරයක් හෝ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඒ වගේම තවත් ලක්ෂ 300 ක් වෙන් කරලා තියෙනවා ඒත් කාන්තාවන් හා තරුණයින් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සැලූන් සඳහා.පහුගිය කාලයේ ඒ අයට ආදායම් මාර්ග අහිමි වුණා, දියුණු කරගන්න බැරි වුණා, හැබැයි අපි දන්නවා මේකත් ගමක විශාල ව්‍යාපාරයක්.ඒ අයටත් රුපියල් 30 000 බැගින් තවත් ව්‍යවසායකයෝ 1000 ක් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තවත් අපි මිලියන 10 බැගින් වෙන් කරලා සමූහ කිරි ගොවිපලක් නිර්මාණය කරනවා.අපි ගොවිමහත්වරු 50 බැගින් අරගෙන සමූහ කිරි ගොවිපලක් හදනවා.ඒකෙදී තණකොළ ටිකත් වවනවා,එකම ස්ථානයක තමයි කිරි හරක් ටික ඉන්නේ,කිරි ගන්න යන්ත්‍ර සූත්‍ර ලබා දීලා එවැනි සමූහ කිරි ගොවිපල දෙකක් නියමු ව්‍යාපෘතියක් ලෙස එක් ගොවිපලකට ගොවිමහතුන් 50 ක් සම්බන්ධ කරගෙන අපි ක්‍රියාත්ම කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන්, හිටපු පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, තිරප්පනය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

අලින්ට ඇඳ තිබු විදුලි රැහැනක පැටලි අයෙකු මරුට

Next Post

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

editor

editor

Next Post

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved