• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිඳවැටුණු සංචාරක කර්මාන්තය වේගවත්ව නගාසිටුවනවා – සංචාරක අමාත්‍යංශය

14 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව යමින් නගා සිටුවීමට පියවර ගනු ලබන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවති “සංචාරයට අවසරයි” මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවු විරූ ලෙස සංචාරක කර්මාන්තය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් විය. ක්ෂේත්‍රයේ දසලක්ෂයකට අධික පිරිසකගේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් විණ. එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමි වූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

රටට විදේශ ප්‍රේෂණ ලැබීමේ ප්‍රධාන මූලාශ්‍රයන් අතර සංචාරක කර්මාන්තයට ලැබුණේ තෙවන ස්ථානයයි. අන්‍ය මූල්‍ය උත්පාදන ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ ආදායම රටට ලැබුණේ ශුද්ධ ආදායමක් ලෙසය. පවතින තත්ත්වය මඟහරවා ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සම්බන්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන සහ විදේශ දූත සේවා ද සම්බන්ධ කර ගනිමින් ධනාත්මක ප්‍රවේශයක සිට පොදු අරමුණකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව ද නිලධාරීහු පෙන්වා දෙති.

නව සැලසුම් සහ ක්‍රමෝපායන්ට අනුගතව වසර 2030 වන විට සංචාරකයන් මිලියන 07ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇ.ඩො. බිලියන දහයක ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද ලේකම්වරයා පැවසීය.

අරමුණ සාධනය කරගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට ශ්‍රී ලංකාව ද එක්විය යුතු අතර ඒ සඳහා සියලු රටවැසියන් ද ආකල්පමය වශයෙන් ධනාත්මක ස්වරූපයක් දැරිය යුතු බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

රජයේ නව වැඩපිළිවෙළ යටතේ සංචාරක අමාත්‍යාංශයට මෙතෙක් නොතිබූ නව ආයතන ගණනාවක් අනුබද්ධ ආයතන ලෙස සම්බන්ධ වී තිබීම සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට සෘජු දායකත්වයක් සපයයි.

කොවිඩ් වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම හේතුවෙන් ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ලංකාවේ දැකිය හැකිය. අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය සතු බව සභාපති පැවසීය.

සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් හා මානව සම්පත් සතු සංස්කෘතික හැකියා සහ විභවතා විද්‍යාත්මක ලෙස ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ලංකාවට සීඝ්‍රයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම ප්‍රධාන අරමුණයි.

ගෘහාශ්‍රිත සහ මධ්‍ය පරිමාණ වශයෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයන් සියලු දෙනාට විධිමත් පුහුණුවක අවශ්‍යතාව පවතී. යටිතලපහසුකම් සංවර්ධනය මගින් ගුණාත්මක සේවයක් සැලසිය හැකි වන පරිදි සේවය ප්‍රමිතිගත තත්ත්වයන්ට පත්කිරීම ද අපේක්ෂාවක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසීය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සහ කළමනාකරණය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය නවතම මෘදුකාංගයක් ඉදිරියේ දී හඳුන්වා දීමට පියවර ගැනේ.

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන සංචාරක පොලිස් සේවාව නවමු ස්වරූපයකින් ඒකක වර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශයට සම්බන්ධ සෙසු අනුබද්ධ ආයතන පවත්වා ගැනීමේ දී රජයට බරක් නොවීමටත් ඒ ආයතනවලට අවශ්‍ය මුදල් ස්වාධීනව උපයා ගැනීමටත් පියවර ගැනීම ඉලක්කය බව ද බලධාරීහු පෙන්වා දෙති.

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයෝ කැමැත්ත පළ කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීමේ පූර්ව කටයුතු සිදු වෙමින් පවතී.

කොවිඩ් වසංගතයත් සමග හෝටල් ක්ෂේත්‍රයේ නිරතව සිටි විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වීමට පිළියම් වශයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර මෙයට පෙර සංචාරක කර්මාන්තයේ නියැලි ඇතැම් පිරිස් එම ක්ෂේත්‍රයෙන් ඉවත් වී තිබේ. එය අභියෝගයකි.

එම අභියෝගය ජයගැනීමටත් නව වෘත්තිකයන් ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමටත් පෙර සංචාරක ක්ෂේත්‍රයේ නියැළි සියලු දෙනාට විධිමත් පුහුණුවක් ලබාදී වෘත්තීය නිපුණතාවක් හා පිළිගැනීමක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අවධාරණය කෙරිණ.

කොවිඩ් වසංගත තත්ත්වය පවතින තුරු මෙරට සංචාරක කර්මාන්තය වසර විස්සකට අධික කාලයක් පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික විධි ක්‍රම නව ගෝලීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් කිරීමට පියවර ගැනීම ද සංචාරක කර්මාන්තයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හේතු වේ.

ශ්‍රී ලාංකේය එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින පැසසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට යොදා ගැනීම කාලෝචිත වැඩපිළිවෙළකි. ඒ සඳහා සියලු දෙනාගේ ම සහාය අවශ්‍ය වන බව ද සභාපති පැවසිය.

Post Views: 2
Previous Post

ජනපති ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරික්ෂණ චාරිකාවක..

Next Post

ඉදිරි මාස කිහිපය ඇතුළත බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

editor

editor

Next Post

ඉදිරි මාස කිහිපය ඇතුළත බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved