• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

System Change එකට උදව් කරන්න .. ජනපති නව ඇමැතිවරුන්ගෙන් ඉල්ලයි

18 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක් බවත් තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙන බවත් එයට උපකාර කරන ලෙස නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටි.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ කතාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

අද මම මෙම අවස්ථාවේ ඔබ අමතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර, ඒවගේම අභියෝගාත්මක ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සාමාජීය වශයෙන්, රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන අවස්ථාවකය.

අද මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව නව ඇමතිවරු පත් කරලා තිබෙනවා. ඇමති තනතුර වරප්‍රසාදයක් නොවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව, කාර්යක්ෂමව පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා.

ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්‍ය අර්බුද තත්ත්වයකය. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එය මෙතුමන්ලාට කරන්න තිබෙන ප්‍රධාන කර්යයක්. අපි දන්නවා මේ ඇමති තනතුරු ලැබුනාම තමන්ට ලැබෙන අමාත්‍යාංශයේ ආයතනවල රැකියා දෙන්න සූදානම් වෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ එය කරන්න එපා, කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම අමාත්‍යාංශ කළ යුත්තේ රැකියා නිර්මාණය කිරීමයි.

අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා එයට උපකාර කරන්න කියලා.

පසුගිය වර්ෂ දෙක හමාර තුළ අපට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණය බර වැනි දේවල්, අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවරැදි කර ගන්න ඕන. ඒවා නිවරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ‍මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා.. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා.

මේ ආර්ථික අර්බුදය නිසා මතුවූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කණගාටු වෙනවා.

ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි.

අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන මා අතයි. කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් මා ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මම පොරොන්දු වෙනවා.

මේ වන විට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් අපේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමයි. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බැහැ. ඒ නිසා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා.

එහි මූලික සහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල් ඇමති වරයෙක්, දීර්ඝ කාලීන අත්දැකීම් සහිත නව මහ බැංකු අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත්කිරීමට කටයුතු කළා.

 

ඒ වගේම ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් හා ඉහළ පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු, ආර්ථික කළමනාකරණය පිළිබඳ රජයට හා මට උපදෙස් දීමට පත් කර තිබෙනවා. ඒ වගේම රජයට සහාය දීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයන් පිරිසකුත් පත් කොට තිබෙනවා.මේ කණ්ඩායම් සමග එක්ව අප විසින් රටේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා වැදගත් තීන්දු තීරණ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ ගනු ලැබුවා.

අප හැම විටම ජනතාවට සත්‍යය පවසන්න ඕන. ජනතාවගෙන් යථාර්ථය වසන් කිරීමෙන් පලක් නැහැ. ඔබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා කරුණු වටහා ගන්නා ලෙස මා ඔබෙනුත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්ණය තේරුම් ගත හොත් පමණයි අපට විසඳුම් සෙවිය හැක්කේ. ඒ සඳහා අපට, ඔබ සියලු දෙනාගේ සහාය හා එකඟතාව අවශ්‍යයි.

අද වන විට අපේ රට බරපතල විදේශ විනිමය හිඟයකට හා ණය අර්බුදයකට මුහුණදී තිබෙනවා. මේ අවස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමය ජනතාවගේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා යොදා ගන්න ඕන. එසේම හදිසි විදේශ විනිමය අවශ්‍යතා සඳහා මුදල් සොයා ගන්න ඕන.

කෙටි කාලීනව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට අපට ඇති අපහසුතාව අපි මේ වන විටත් ණය හිමියන්ට දැනුම් දී තිබෙනවා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

මා විසින් අලුතින් පත් කොට ඇති ආර්ථික කළමනාකරණ කණ්ඩායම මේ වන විටත් අපගේ මිත්‍ර රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹෙන්නට කැමති බව දැනුම් දුන්නේ, මීට මාසයකට පමණ පෙරයි. ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා මුදල් ඇමතිවරයා හා අදාළ නිලධාරීන් මේ වන විටත් ඇමෙරිකාවට ගොස් තිබෙනවා.

තෙල්, ඖෂධ, සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක්ම ආනයනය කිරීම සඳහා අපට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබී තිබෙනවා. ඊට අමතරව ගෑස්, පොහොර, කිරිපිටි හා ඖෂධ ආනයනය සඳහා සහාය ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටිනවා.

ජනතාවට අවශ්‍ය තෙල් සහ ගෑස් මේ වනවිටත් රටට ලැබෙමින් පැවතුනත්, පසුගිය දිනවල ඒවා නිසියාකාරව බෙදා හැරීම සිදු වී නැහැ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා.

වෙළෙඳපොලේ ඉන්ධන හිඟයට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ඉදිරියේදී හිඟයක් ඇතිවනු ඇතැයි සැකයෙන් ජනතාව විශාල වශයෙන් ඉන්ධන රැස්කිරීමයි. මේ නිසා රට තුළ ඉන්ධන ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම් කාරයන් පිරිසකුත් මේ වන විට බිහිවී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් රජය මැදිහත් වී කටයුතු කරනවා. මම මේ අයගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අසීරු අවස්ථාවක මේවායින් වැළකෙන්න කියලා.

ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දු සහ තීරණ අපි දැනටමත් අරගෙන තිබෙනවා. අපි ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා.

පසුගිය කාලයේ දීර්ඝ විදුලිය කැපීම්වලට හේතුව වූයේත් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟයයි.මේ දුෂ්කරතා මධ්‍යයේ වුවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

කෙටිකාලීන ගැටලුවලට විසඳුම් සොයන අතර අපි මේ තත්ත්වය යළි ඇති නොවීමට කටයුතු කරන්න ඕන. දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද කරන ලද සමහර තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් අප විසින් ගත යුතුව තිබෙනවා. දැන්වත් ආර්ථිකය නිවැරදි මගට ගෙන, අපේ අනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීමේ වගකීම අපට තිබෙනවා

අද අප මුහුණ දී තිබෙන බරපතල අභියෝගය ජය ගැනීමට, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල මෙන්ම මිතුරු රටවල සහාය ද අවශ්‍ය වෙනවා. ඒ සහාය ලබා ගන්නට පුළුවන් වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණොත් පමණයි.

මේ අවස්ථාවේ රටේ යහපත සඳහා සියලු දේශපාලන පක්ෂ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ අර්බූදය විසඳන්න අප සමග එක්වන්න කියලා මම පසුගියදා සියලු පක්ෂවලට ආරාධනය කළා. මා කළ ආරාධනය පිළිගෙන අප සමග එක්වී කටයුතු කරන්න ඒ අයට තවමත් අවස්ථාව තිබෙනවා.

මේ අසීරු කාලය තුළ රාජ්‍ය පාලනය කරගෙන යාම සඳහාත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම සඳහාත් සීමිත සංඛ්‍යාවකින් සමන්විත මේ අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්න මම තීරණය කළා. නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වී, තරුණ, උගත් නව කණ්ඩායමකට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක්. රටවැසියන් සියලුදෙනාගේම ආරක්ෂාව හා නිදහස රඳා පවතින්නේ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින්.

සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජන කොටස වන තරුණ පරපුර තමන්ගේ පීඩනය ඔවුන්ටම ආවේනික ක්‍රමවලින් පිට කරන විට එහි කිසිදු වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

රටේ අනාගතය බාරගන්න සිටින තරුණ පරපුරට තම අදහස් පළකරන්නට, විරෝධතා සංවිධානය කරන්නට හා උද්ඝෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා.

ඔවුන් නිර්මාණශීලී ලෙස ඔවුන්ගේ විරෝධතාවන් පවත්වාගෙන යද්දී විනයානුකූලව තම රාජකාරිය ඉටුකරන පොලිසිය ඒ වගේම ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගය කරනවා.

ඔබ දන්නවා පසුගිය වසර දෙක හමාර තුළ මම උද්ඝෝෂණවලට, පෙළපාලිවලට, විරෝධතාවලට ඉඩ දීලා තිබුණා, නිදහස දී තිබුණා. මගේ කාර්යාලය ළගට පැමිණි විරෝධතා පවා මම විසුරුවා හරින්න ක්‍රියා කළේ නැහැ. විරෝධතාකරුවන් අතර සිටින බහුතරයක් තරුණ පිරිස තම රටට සැබැවින්ම අවංකව ආදරය කරන අය‍ කියලා මම විශ්වාස කරනවා. රට වෙනුවෙන් ඔවුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුබවාදී ලකුණක් ලෙසත් මම දකිනවා.

ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව, රටට ආදරය කරන වැඩිදෙනෙකුට අවශ්‍ය වන්නේ වත්මන් පාලන ක්‍රමය තුළ ඇති වැරදි නිවැරදි කොට රට ගොඩනැගීම මිස රට අරාජික කිරීම නොවේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා කලහකාරී මගකට යොමු කරන්නට අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න එපා කියලයි.

ගරුතර මහා සංඝරත්නය, පූජක තුමන්ලා, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙකු රටේ පවතින තත්ත්වය ගැන සහ එයට විසඳුම්, අදහස් මට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියලු අදහස්වලට මා සංවේදීව සවන් දෙනවා.

හැට නව ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිත කොට මට වගකීම බාර දුන්නේ විශාල විශ්වාසයකිනුයි. මගේ ධුර කාලය තුළ ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව වත්මන් අර්බුදයම ජනතාව අපේක්ෂා කළ වෙනස ලබාදීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා.

මම මේ රටේ ජනතාවගේ මුදල් සොරකම් කරලා නැහැ. මගේ දෑත් එදත් අදත් පිරිසිදුයි. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ බොහෝ දෙනෙකු මගෙන් කළ ඉල්ලීම නිසා මිස, බලයට ඇති අවශ්‍යතාවයක් නිසා නොවෙයි. මගේ ජීවිත කාලය තුළදී මම ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් වශයෙන් අවුරුදු 20ක් මේ රටට සේවය කර තිබෙනවා. මම සාර්ථකව සේවය කරලා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මම සාර්ථකව මේ රටට සේවය කරලා තිබෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මම කැපවීමෙන් සේවය කර තිබෙනවා.

ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා ලෙස මම හැමවිටම කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි.

රටේ ව්‍යවස්ථාදායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ නිසා ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෑතකාලීනව විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොට අවශ්‍ය වෙනස්කම් සම්මත කරගැනීමට අවකාශය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්.

ඒ අනුව රටේ උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින්, ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට මේ අර්බුදයෙන් රට මුදා ගැනීමට මා ඔබට පොරොන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස, මම ඔබ සියලු දෙනාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මම නැවත වරක් ඔබට සුභාශීංසනය කරනවා, එමෙන්ම ජනතාව අපේක්ෂා කරන පරිදි අවංකව, කාර්යක්ෂමව, පිරිසිදුව ජනතාවට සේවය කරන මෙන් මම නැවත වරක් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

Post Views: 10
Previous Post

නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Next Post

නව රාජ්‍ය අමාත්‍යවරු 24ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

editor

editor

Next Post

නව රාජ්‍ය අමාත්‍යවරු 24ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved