27 April 2024
#දේශීය

නව රාජ්‍ය අමාත්‍යවරු 24ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. රෝහණ දිසානායක මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
03. අරුන්දික ප්‍රනාන්දු මහතා – වැවිලි රාජ්‍ය අමාත්‍ය
04. ලොහාන් රත්වත්තේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. තාරක බාලසූරිය මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
06. ඉන්දික අනුරුද්ධ මහතා – නිවාස රාජ්‍ය අමාත්‍ය
07. සනත් නිශාන්ත මහතා – ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
08. සිරිපාල ගම්ලත් මහතා – මහවැලි රාජ්‍ය අමාත්‍ය
09. අනුරාධ ජයරත්න මහතා – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
10. සිසිර ජයකොඩි මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
11. ප්‍රසන්න රණවීර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
12. ඩී.වී. චානක මහතා – සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
13. ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
14. කාදර් කාදර් මස්තාන් මහතා – ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. අශෝක ප්‍රියන්ත මහතා – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
16. ඒ. අරවින්ද් කුමාර් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
17. ගීතා කුමාරසිංහ මහත්මිය – සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
18. ගුණපාල රත්නසේකර මහතා – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
19. කපිල නුවන් අතුකෝරල මහතා – සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
21. ආචාර්ය සුරේන් රාඝවන් මහතා – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
22. ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
23. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
24. විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *