• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානය

25 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට ලක්විය.

මේ පිළිබඳව සාකච්ඡා වූයේ භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාරයාංශයේ 2018 හා 2019 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ පසුගිය දා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුවේදීය.

විශේෂයෙන්ම භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාරයාංශය පසුගිය පෙබරවාරි 23 වැනි දා කෝප් කමිටුව හමුවට කැඳවූ අතර එදින මෙම සම්පූර්ණ වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බැවින් මෙසේ නැවත කෝප් කමිටුව හමුවට එම කාර්යාංශය කඳවා තිබුණි.

මෙහිදී කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පෙන්වා දුන්නේ 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ඒ සඳහා අනුමතිය ලබාගන්නා ලෙස පෙන්වා දී තිබුණද තවමත් එය සකස්කොට නොතිබීම කණගාටුවට කරුණක් බවයි.

මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේ මේ සඳහා කාල රාමුවක් සකස්කොටගෙන මාස 6ක් වැනි කාලයක් ඇතුළත මෙය අවසන් කළ හැකිද යන්නයි. මෙහිදී පැමිණසිටි නිලධාරීන් සඳහන් කළේ මාස 5 වැනි කාලයක් තුළ මෙය සකස්කොට අවසන් කළ හැකි බවයි.

තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා පෙන්වාදුනනේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස්කර තිබීණේ නම් රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක විදේශ විනිමය උපයාගැනීමටද වඩා හොද අවස්ථාවක් සැලසෙන බවයි.

එසේම රටේ විවිධ ස්ථානවල පවතින සම්පත් පිළිබඳව සිතියමක් සකස්කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

තවද වැල්ලවාය කොටිකම්බොක්ක ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියකින් සහ ඊට යාබදව පිහිටි පෞද්ගලික ඉඩමකින් කැනීම් කර ලබාගත් තිරුවානා කියුබ් 22094 ක් වෙනුවෙන් රාජ්‍යභාග මුදල බලපත්‍රලාභීන්ගෙන් අයකර නොගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ඊට පිළිතුරු ලබාදෙමින් පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ මේවායේ රාජ්‍ය භාග අයකරගැනීම සිදු කරන්නේ කැනීම් බලපත්‍රලාභීන්ගෙන් නොව අපනයන ලබපත්‍රලාභීන්ගෙන් බවයි. මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේදී භාවිතා කළ පස් කියුබ් සහ වැලි කියුබ් සඳහා අය විය යුතු රුපියල් 27,419,690 ක් වූ රාජ්‍යභාග අදාළ කොන්ත්‍රාත් සමාගමෙන් අයකරගෙන නොතිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.

එසේම 2017 වර්ෂයේදී සාපරාධී චෝදනා යටතේ වැඩතහනමට ලක් කර තිබූ නිලධාරීන් දෙදෙනෙකුට වැඩ තහනමට ලක් කර තිබූ කාලසීමාවට අදාළව අඩ වැටුප් හා වෘත්තීය දීමනා, දිරි දීමනා සහ ප්‍රසාද දීමනා ලබාදීම සිදු කොට තිබුණි. තවද මෙම නිලධාරීන් විනය පරීක්ෂණ නියෝගයක් රහිතව 2019 අගෝස්තු මාසයේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියක් මත සේවයේ පිහිටුවා තිබුණි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ එම මුදල් නැවත අයකරගැනීමට කටයුතු කරන බවයි. මේ අනුව මේ පිළිබඳව විධිමත්ව පරීක්ෂණයක් පවත්වන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

2011 සිට 2014 වර්ෂවලට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ආදායම් රැස්කිරීමේදී එකතු කළ අගය මත බදු ගනුදෙනුකරුවන්ගෙන් අයකරගෙන නොතිබුණි. නමුත් එම බදු මුදල ලෙස රුපියල් 93,068,185 ක් සමාලෝචිත වර්ෂයේ දේශීය ආදායම් කොමසාරිස් වෙත ගෙවා තිබූ අතර මෙය කාර්යාංශයට සිදු වූ අලාභයක් ලෙස හඳුනාගෙන තිබුණි. එබැවින් මේ සඳහා වගකිවයුතු නිලධාරීන් හදුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්ද අමරවීර, (ආචාර්ය) ගරු සුසිල් ප්‍රේමජයන්ත, ගරු ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, ගරු මධුර විතානගේ සහ ගරු ජගත් පුෂ්පකුමාර යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 0
Previous Post

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීම උදෙසා කැප වී සිටිමි – ජනාධිපති ගෝඨාභය 

Next Post

මාතලේ පන්දම් විරෝධතාවයක්

editor

editor

Next Post

මාතලේ පන්දම් විරෝධතාවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved