රටට කල හැකි උපරීම දේ තමා විසින් සිදු කල බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමාට යහපාලනය කාලයේදී චෝදනා දෙකක් තිබු බවයි.
ඉන් එකක් තමා තමාට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් හා මහින්ද රාජපක්ෂගේ පරාජයයි. එම කාරණා දෙක සම්බන්ධයෙන් තමා දැඩිව එය ඉටු කිරීමට කටයුතු කල බව හෙතෙම පැවසිය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හට නැවත බලය ලබා දීමට තමා කටයුතු කල බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසිය.
කෙසේ වෙතත් තමා මුදල් අමාත්‍ය ධුරය බලාපොරොත්තු නොවු නමුත් තමා එම අමාත්‍ය ධුරයෙ කටයුතු උපරීමය කල යුතු බව හෙතෙම පැවසිය.
එසේම තමාගේ ධුර කාලයෙදී විදේශ රටවල සාකච්ඡා කර ලබා ගත් පොහොර, ඉන්ධන මෙතෙක් ලැබෙන්නේ යැයි ඔහු අවධාරණය කලේය.