• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව

4 August 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව වාර්තාව මගින්, 2022 ජනවාරි මස සිට 2022 ජූනි මස දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද සහ, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් හුවමාරු කරගන්නා ලද ක්‍රියාකාරකම් ආවරණය කෙරේ.

• සමස්ත ව්‍යාපෘතිය සඳහා අදාළ වන සංවර්ධන පාලන රෙගුලාසි (DCR) 2022 අප්‍රේල් මාසයේදී ගැසට් කරන ලද අතර, ඒවා පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 ජුනි මාසයේදී කොමිෂන් සභාව විසින් පවත්වන ලදී. මෙම සංවර්ධන පාලන රෙගුලාසි මගින්, සැලසුම් කරන ලද නගරයේ බිම් කොටස්වල සංයුතිය සහ භාවිතය පිළිබඳ සංවර්ධන සමාගම්, පදිංචිකරුවන්, ආයෝජකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් දැනුවත් කිරීම සිදුකෙරේ.

• ක්‍රමෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර, අක්වෙරළ සමාගම්, බලයලත් පුද්ගලයන්, තීරුබදු රහිත පාරිභෝගික වෙළඳාම් කටයුතු, ගාස්තු සහ සංවර්ධන පාලන රෙගුලාසි යන ප්‍රධාන රෙගුලාසි මේ වනවිට පිළියෙල කර අවසන් වී ඇත. ජාත්‍යන්තර උපදේශකයින් සමග එක් වී, හඳුනාගත් තෙරපුම් ක්ෂේත්‍ර සඳහා සුදුසු මූලික ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි නිර්මාණය කරමින්, මූල්‍ය හා මූල්‍යමය නොවන අංශ සම්බන්ධයෙන් විශිෂ්ටතම රෙගුලාසි ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පුළුල් මට්ටමේ අධ්‍යයනයන් සිදුකරමින් මෙම ප්‍රධාන රෙගුලාසි නිර්මාණය කර තිබේ. එමෙන්ම ආයෝජකයන් සහ බලයලත් පුද්ගලයන් සඳහා ආයෝජන ගිවිසුම් අත්සන් තැබීමේ සහ බලපත්‍ර ලබාදීමේ කටයුතු වේගවත් කිරීමේ ක්‍රියාවලියක් නිර්මාණය කිරීමේ කටයුතුද මේ වනවිට අවසන් කර ඇත.

• ව්‍යාපෘති සමාගම විසින් තාක්ෂණික වශයෙන් අවසන් කරන ලද බිම් කොටස් 74 න් 42 ක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර, ඒ සඳහා ව්‍යාපෘති සමාගම වෙත සම්පූර්ණ කිරීමේ සහතික නිකුත් කර ඇත.

• වසර 99 ක බදු පදනම යටතේ ව්‍යාපෘති සමාගම වෙත ලබා දී ඇති, එම සමාගම මගින් අලෙවි කරනු ලැබිය හැකි බිම් කොටස් 34 අතරින් බිම් කොටස් 6 ක් ආපසු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලද අතර, කොමිෂන් සභාව විසින් එම බිම් කොටස්, ඇමරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් නව බදු ගිවිසුම් 6 ක් යටතේ වසර 99 ක කාලසීමාවක් සඳහා ආයෝජකයන් වෙත ලබාදෙන ලදි. මේ සඳහා ආයෝජකයන් විසින් සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් 600 ක ආයෝජන කැප කර ඇත.

• මෙම කලාපයේ ප්‍රථම ‘Downtown Duty-Free’ වර්ගයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය සඳහා අවශ්‍ය යටිතල ව්‍යුහය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණ වී ඇති අතර, එහි අභ්‍යන්තර ඉදිකිරීමේ කටයුතු ළඟදීම ආරම්භ වනු ඇත. කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත රෙගුලාසි මේ වනවිට කෙටුම්පත් කර ඇති අතර, එයට කැබිනට් අනුමැතිය අපේක්ෂා කෙරේ. මෙම සාප්පු සංකීර්ණය ලොව ප්‍රමුඛතම තීරුබදු රහිත භාණ්ඩ සමාගම් දෙකක් මගින් මෙහෙයවනු ලබනු ඇති අතර, එමගින් කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

o පාරිභෝගිකයන්ට ලොව විවිධ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන ලබාගැනීමට හැකිවන ආකාරයට, ලොව ඉහළම තලයේ ආහාරපාන සමාගමක් සමග ගිවිසුම්ගත වීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකෙරෙමින් පවතී. මෙමගින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සාප්පු සවාරියේ යෙදෙන්නන් හට ‘Watering Hole’ සංකල්පයට සමාන අත්දැකීමක් හිමිවනු ඇති අතර, කොළඹ නගරය ලොව ආහාරපාන සම්බන්ධ කැපීපෙනෙන ගමනාන්තයක් ලෙස කීර්තියක් දිනාගනු ඇත.

o සාප්පු සවාරි අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, විදේශ සංචාරකයන් වෙනුවෙන් දුරස්ථ ‘check-in’ ක්‍රියාවලියක් සහ ‘checked-in baggage hauling’ ක්‍රියාවලියක් හඳුන්වා දීම සඳහා මේ වනවිට සැලසුම් කෙරෙමින් පවතී.

 

• කොමිසම මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක්වී, කොළඹ වරාය නගරය නීතිය යටතේ, නිශ්චිත වීසා වර්ග 3 ක් සඳහා වීසා අයදුම් කිරීමේ සහ අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා පියවර ගනිමින් සිටී. ආයෝජක වීසා (වසර 10), රැකියා වීසා (ගිවිසුම් කාලය අනුව) සහ දීර්ඝකාලීන නේවාසික වීසා (කල්බදු කාලසීමාව අනුව) යන වීසා වර්ග සහ එම වීසා හිමියන්ගේ සියලුම යැපෙන්නන් සඳහා මෙය අදාළ වේ.

• ජාත්‍යන්තර සමාගම් වලට ජාත්‍යන්තර වාණිජ ආරවුල් විසඳීමේ මධ්‍යස්ථාන පහසුකම් ලබාදීම සඳහා සහ/හෝ ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් යටතේ ‘Singapore International Arbitration Centre’ (SIAC) වෙතින් තාක්ෂණික සහය ලබාගැනීම සඳහා මේ වනවිට මෙම කොමිෂන් සභාව SIAC සමග සාකච්ඡා පවත්වමින් සිටී.

• කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 30 වන කොටසෙහි දක්වා ඇති ආකාරයට, තනි ක්‍රියාවලියක් තුළින් වඩාත් පහසුවෙන් කොළඹ වරාය නගරය නීතිය යටතේ සමාගම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා, ශ්‍රී ලංකා සමාගම් ලේකම් කාර්යාලය සමග එක් වී වඩාත් ඉක්මන් ක්‍රියාවලියක් මේ වනවිට ස්ථාපිත කර තිබේ.

• මුදල් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය විසින් බැංකු 4 ක් සඳහා, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන අක්වෙරළ බලපත්‍ර පූර්ණ වශයෙන් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නියාමන විෂය පථය යටතේ, කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු වෙනුවෙන් අරමුදල් ගලා ඒමට පහසුකම් සැලසීම සඳහා, සියලුම බැංකු මගින් පිරිනැමිය හැකි ආකාරයට, ‘කොළඹ වරාය නගරය ආයෝජන ගිණුම්’ (Colombo Port City Investment Account ) නමින් නව ගිණුම් කාණ්ඩයක් නිර්මාණය කර ඇත.

• කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීමේදී විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතා කිරීම සඳහා, කොමිෂන් සභාව විසින් ලොව වඩාත්ම පරිසර හිතකාමී නගර පිළිබඳ සවිස්තරාත්මක පාරිසරික, සමාජයීය හා පාලන (Environmental, Social, and Governance /ESG ) අධ්‍යයනයක් සිදුකරමින් සිටී.

 

පිටපත -PR

Post Views: 1
Previous Post

ජෝසප් ඇතුලට මහින්ද එලියට – විපක්ෂනායක සජිත්

Next Post

මාතලේ ආපදා රැසක්

editor

editor

Next Post

මාතලේ ආපදා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved