27 April 2024
#දේශීය

මාතලේ ආපදා රැසක්

ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 12ක පුද්ගලයින් 44 දෙනෙකු ඊයේ(04)දා දහවල් වන විට අවතැන් වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

රත්තොට,උකුවෙල, සහ යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි මෙසේ හානියට පත්ව ඇති අතර පස් කදු කඩා වැටිම්, ගල් පෙරලිම් .නිවෙස් ඉරි තැලිම් ආදියයද සිදුව ඇති බවද මධ්‍යස්ථානය කියයි.

දිස්ත්‍රික්කයේ නිවාස 12කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කටයුතු වෙනුවෙන් සහන සැලසිමේ කටයුතු මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සිදු කරන බව සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *