හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියළු වියදම් ජනාධිපතිවරණ පනතට අනුව ලැබෙන බව කැබිනට් ප්‍රකාශක, බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරය සිදු කරන්නේ පෞද්ගලික ගුවන් යානා වලින් සහ ඔහුගේ වියදම් රජය මගින් සිදු කරනවාද යන්න පිළිබඳ කල විමසීමකදීය.