• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF, ජිනිවා , අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුයි කියලා නෑ – මන්ත්‍රී වීරසිංහ

18 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

IMF හෝ ජිනිවා අප රටෙහි ව්‍යවස්ථා සංශෝධන කළයුතු බව කියා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතා “අපි කැමතියි මේ රටට අලුත් ව්‍යවස්ථාවක් එනවානම්. 1978 න් පස්සේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි වතාවක් සංශෝධනය කරලා තිබෙනවා. ඒ සංශෝධනය කරලා තිබෙන්නේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නොවේ, පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉලක්ක කරගෙන. දේශපාලන නායකයින් සහ ජාතියක් ඉලක්ක කරගනිමින් තමයි ඒ ව්‍යවස්ථා සංශෝධන කරලා තිබෙන්නේ. දැන් මේ අවස්ථාවේත් එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන තිබෙනවා. මගේ පුද්ගලික මතය අපි කළ යුත්තේ පුද්ගලයෝ, පක්ෂය, නායකයෝ ඉලක්කරගෙන කරන ව්‍යවස්ථාවලින් මේ රටේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැති බව. ගමේ මිනිස්සු ඉල්ලන්නේ තෙල්ටික, පොහොර ටික දෙන්න කියලා. මිනිස්සු වී වලට හොඳ මිලක් දෙන්න කියලයි ඉල්ලන්නේ. මොකක්ද මේ හදිසි වුවමනාව ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. IMF එකවත්, ජිනිවා වලවත්, කොතනකවත් කියලා නෑ අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුයි කියලා. අපි කැමතියි මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් හැදෙනවානම්. හැබැයි එය හැදෙනවානම් රටේ සංවර්ධනය, රටේ ජනතාවගේ අනාගතය, ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු වන ව්‍යවස්ථාවක් විය යුතුයි. ඒ නිසා කෑලි අමුණන්නේ නැතිව අපි රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදමු. ඒ වගේම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. හැම පක්ෂයක්ම ඒ කටයුත්ත කරනවා. නමුත් අද අනෙකුත් දේශපාලන පක්ෂවලට ප්‍රධාන අභියෝගය වෙලා තිබෙන්නේ අපි අපේ පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමයි. නාවලපිටියේ අති සාර්ථකව රැස්වීමක් කළා. හැමෝම හිතුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැටිලා කියලා. හැබැයි ගමට ගියාම තේරෙන්නේ මිනිස්සු අපිව අත ඇරලා නෑ කියලා. රටේ යම් ප්‍රශ්න තිබුණත් ඒවට ආණ්ඩු‍වක් විදිහට විසඳුම් දෙන්න උත්සහ කරමින් සිටිනවා. වර්තමාන ජනාධිපතිතුමාට අපි සහයෝග දක්වමින් තිබෙනවා. මේ බලය අල්ලන්න උත්සහ කරන දේශපාලන පක්ෂ වර්තමානයට ගැලපෙන, අනාගතයට ගැලපෙන ප්‍රතිපත්ති එක්ක යන පක්ෂ ද කියලා බලන්න. මේ දේශපාලන පක්ෂ තවම අවුරුදු 30 , 40 පැරණි දේශපාලන උපක්‍රම තමයි පාවිච්චි කරන්නේ බලය ලබාගන්න. ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදි විදිහට බලයට එන්න නොවේ. ඔවුන් හැමවෙලාවෙම මරලා, ගිනි තියලා බලය ලබා ගන්න උත්සහ කරන්නේ. ඒ අය කියනවා වෙනසක් කරන්න රටේ බලය දෙන්න කියලා. හැබැයි ඒ බලය ඉල්ලන අය තවම සාම්ප්‍රදායික විදිහට මේ රටේ ජනතාව අනුමත නොකරන ලෙස දේශපාලන බලය ලබා ගන්න පිරිසක්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්‍රජාතන්ත්‍රවාදි විදිහට දේශපාලනය කරන විට ඒ අය අපිට විරෝධය දක්වනවා. අපි තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂය. වර්තමාන ජනාධිපතිවරයාට අපි ඒ සහයෝගය දෙනවා. ප්‍රශ්නයක් තිබුණා. කොරෝනා වසංගතය , සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක ඒ වගේ විශාල කාරණා සංඛ්‍යාවක් හේතු වුණා මේ ආර්ථික ප්‍රශ්න ගොඩනැගෙන්න. ඒ නිසා අද අපි ජනාධිපතිතුමාට සහයෝගය ලබාදිලා අපි ආර්ථිකය යම්තාක් හොඳ තැනකට ගෙනාවා. අපි සහන දෙන්න පුළුවන් අවස්ථාවේදී සහන ලබා දෙනවා මේ රටේ ජනතාවට. අපි පුළුවන් විදිහට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට උත්සහ දරන අවස්ථාවේ අද විපක්ෂයේ සියලුදෙනා කියනවා මැතිවරණයක් තියන්න කියලා. අපි මැතිවරණය තියනවාට බය නෑ. හැබැයි මෙය එයට සුදුසු අවස්ථාවක් නොවේ. මේ අවස්ථාවේ අපි එකතුවෙලා රට හදන්න ඕන වෙලාවේ මැතිවරණයකට ගිහිල්ලා උ්ද්ඝෝෂණ කරලා කඩාකප්පල් කරනවා නම් මේ දේශපාලන පක්ෂ ගැන රටේ මිනිස්සු බලා ගන්න ඕන.” යැයි මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් – අධ්‍යාපන ඇමැති සුසිල්

Next Post

පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී

editor

editor

Next Post

පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved