PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන පරීක්ෂණ කට්ටල තොගයට පසු පරීක්ෂණ කට්ටටල වල විශාල දියුණු කිරීම් සිදු වූ නිසාත්, රටට ඇතුළු වී ඇති ප්‍රභේදය නිවැරදිව හදුනා ගැනීම රෝග පාලණය සදහා අතිශය වැදගත් නිසාත්, වෛද්‍ය පර්යේෂණ ආයතනය එම අත්‍යවශ්‍ය පරීක්ෂණ පියවර මග නොහැර සිටීමට අනිවාර්යෙන්ම වගබලා ගත යුතු බව හෙතෙම පැවසිය.
මන්කි ෆොක්ස් සමීප සම්භන්ධතා හරහා වැඩි වශයෙන් බෝවන අතර, වාතයෙන් හෝ බිදිති හරහා බෝ නොවන බවද තවම තහවුරු කර නොමැත. කෙසේ නමුත් නිදර්ශක හරහා රෝගය බෝවීමට ඉහල ප්‍රවනතාවක් පවතින බැවින්, මෙම නිදර්ශක සමග සෘජුවම කටයුතු කරනු ලබන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ප්‍රතිශක්තිකරණය කිරීම සදහා එන්නත් ලබා දීමට කඩිනම් වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍ය වේ.
එසේම බෝවන රෝග ආයතනයේ රෝගීන් සමග සෘජුව ගනුදෙණු කරන වෛද්‍ය, හෙද හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයට මෙන්ම, රෝගියාගේ සමීප සම්භන්ධතා පුද්ගලයන් සදහා එන්නතකරණය කල හැකිවීම මත, අඩු වියදමකින් රෝගය වසංගතයක් වීම වලක්වා ගත හැකිය.
දැනට හදුනාගෙන ඇති මන්කිෆොක්ස් රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ සමාජ රෝගයක් යැයි සැක සහිතව ප්‍රතිකාර සදහා පැමිණි තරුණයෙකි. එසේම ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී මන්කිෆොක්ස් රෝගය වසංගත තත්වයක් වීම වලක්වා ගැනීම සදහා ප්‍රධාන කරුනු තුනක් පිළිබද දැඩි අවධානය යොමු විය යුතු බව කුමුදේශ් මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ හෝ ආසියාතික කලාපය මෙම රෝගය සදහා විශාල ලෙස නිරාවරණය වී නොමැති බැවින්, කලාපයේ ජාන සංයුතිය, වෛරසයට කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න අපට තව කිව නොහැකිය. එසේම ශ්‍රී ලංකාවේ පරිසර සාධක සහ වෛරසයේ හානිකර බව කෙසේ හැසිරෙනු ඇත්ද යන්නද අපට ආගන්තුකය. එනයින් රෝගය කළමණාකරණය කිරීම සදහා යොදා ගන්නා පූර්ව සැලසුම් හානිකර තත්වයක් ඇති නොවීම සදහා අතිශය වැදගත් බව හෙතෙම අනාවරණ කලේය.
මුලින්ම හදුනා ගන්නා රෝගීන් ආශ්‍රිතයින් සදහා ප්‍රතිශක්තිකරණය එන්නත් ලබා දීමට හැකි වන්නේනම්, ඉතා අඩු එන්නත් ප්‍රමාණයකින් වසංගත තත්වය පාළණය කල හැකිය. නමුත් එන්නත් ඇනවුම් කිරීම ප්‍රමාද වීම මගින් ආශ්‍රිතයින් හරහා රෝගය පැතිරීමේ අවධානම හරහා විශාල එන්නත් ප්‍රමාණයක් ලබා දියයුතු තත්වයක් ඇති විය හැකිය.
එන්නත් කිරීම සඳහා සලකා බැලිය යුත්තේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින් (උදාහරණයක් ලෙස වඳුරු උවදුරෙන් පෙළෙන කෙනෙකු සමඟ සමීපව ඇසුරු කළ අය පමණි. එනයින් මෙම අවස්ථාවේදී විශාල එන්නත් කිරීමක් නිර්දේශ නොකරයි.
පැරණි කොංගෝ ද්‍රෝණිය හෙවත් මධ්‍යම අප්‍රිකානු මන්කිෆොක්ස් ප්‍රභේදය, ක්ලේඩ් I ලෙසත්, පෙර බටහිර අප්‍රිකානු ප්‍රභේදය, ක්ලේඩ් (II) ලෙසත්, මෙම රෝගයට අදාල ප්‍රභේද හදුනාගෙන ඇත. මීට අමතරව, ක්ලේඩ් II උප පංති දෙකකින් සමන්විත වන බවට එකඟතාවයක් ඇති බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.