27 April 2024
#දේශීය

ධීවර ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට සාකච්ඡා – අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් අවධානය

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා විවෘත කරදීමත් ධීවර ක්ෂේත්‍රෙය් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමත් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek අතර සිදු කෙරිණි.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද දෙපාර්ශවයේ අවධානය යොමුවී ඇත. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන ඊ 9 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහාද මෙහිදී අවධානය යොමුවූ අතර කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවත වරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *