• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ .. මං ඒකාධිපතියෙක් – ජනාධිපති රනිල්

23 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බවත් ආර්ථික ප්‍රශ්නය විසඳාගත්තට පසු එය සිදු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ දී 2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද එම විවාදයට එක්වෙමිනි.

එසේම නැවතත් අරගලයක් ඇති කර ආණ්ඩුව වෙනස් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “ජුලි 09 මොකක්ද වුණේ ?. ජනාධිපතිව පන්නලා දැම්මා. ජනාධිපති මන්දිරයට මොකක්ද වුණේ?. ගිහින් බලන්න ඒකෙ නැති කරලා තියෙන ඒවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ බිම වාඩි වුණා. එන්න දෙන්නේ නැහැ කිව්වා. මං ළඟ තියෙනවා ඒ කාලේ කිව්ව ඒවා ඔක්කොම. ඒවා ඔක්කොම විදේශ පත්තරවලට කිව්වේ. අපි මෙතන ඉන්නවා..අපි යන්නෑ කියලා. මගේ නිවස ගිනි තිබ්බේ මං අයින් වෙන්නේ නැහැ කියලා. මං කොහොමද අයින් වෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණා.” 13 වනදා ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. මේක අරගෙන කියන්න ගියේ අපි මෙහෙමයි කරන්නේ. මේකයි ආණ්ඩුව කියලා. රූකඩ ආණ්ඩුවක්. ඒකයි මම විපක්ෂයටත් කියන්නේ. වුණු දේ වුණා. ඒත් මෙහෙම බලවේගවලට යටත් වෙන්න එපා. හැමදාම විදේශ පුවත්වත්වල ගිහින් දානවා.. මං වාගේ ඒකාධිපතියෙක් වෙන කොහෙවත් නැහැ. 17 වන සංශෝධනය ගෙනල්ලා කරෙත් මම. 19 ගෙනාවෙත් මම. 21 ගෙනාවෙත් මං. දැන් මං හිට්ලර් වාගේ. ඒකයි වෙලා තියෙන්නේ.”යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය. ” කතානායකතුමනි, පළමුවෙන්ම මම සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මෙම ඉඩම් ගැටලුව පිළිබඳ පසුගියදා වව්නියාවේදී මම වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.මේ ප්‍රශ්නය උතුරට විතරක් සීමා වුවක් නොවෙයි, රටේ බොහෝ ප්‍රදේශ වල මේ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා මේකට විසඳුමක් ලබාගත යුතුයි.

එතුමා සඳහන් කළ ආකාරයට ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් 1984 සිට මේ දක්වා සියලුදෙනා හොඳින් දැනුවත් වෙලා සිටිනවා. ඒ පිළිබඳ අලුතෙන් කතා කරන්න දෙයක් නෑ. මේකට විසඳුම් ලබාගත යුතුයි.

මම හිතනවා 75 වෙනි නිදහස් සංවත්සරයේදීවත් අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි වෙයි කියලා. එහෙම නොවුනොත් 2048 දීත් මේ රට මේ විදිහටම තිබේවි. අපි දෙමළ ජනතාව සමඟ විශ්වාසය ගොඩනඟාගත යුතුයි. ඒවගේම මේ ප්‍රශ්නය ගැන උනන්දුවෙන් සිටින සිංහල ජනතාවගේද විශ්වාසය දිනාගත යුතුයි. අවසානයේදී මුස්ලීම් ජනතාවගේ ප්‍රශ්න දෙසත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. මේ වෙනකොට සාක්ෂි නැතුව රඳවාගෙන සිටින තරුණයන් නිදහස් කිරීම ගැන අපි ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරමින් සිටිනවා.

මේ විවාදය ආරම්භවීමට පෙර විපක්ෂ නායකතුමා වගේම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමත් කිව්වා පාඩු ලබන ආයතන විකුණන්න, ලාභ ලබන ඒවා කුණුකොල්ලයට විකුණන්න එපා කියලා. මේ රටේ පුද්ගලිකරණය සහ ජනතාකරණය ආරම්භ වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේයි. එවකට කර්මාන්ත ඇමතිවරයා ලෙස මම එය ආරම්භ කළා.

අපි පළමුවෙන්ම පෞද්ගලීකරණය කළේ යුනයිටඩ් මෝටර්ස් ආයතය. එය ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම පෞද්ගලිකරණය කළ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් පුඩ්, ලංකා ඩිස්ටිලරිස් මේ සියලු ආයතන ලාභ ලබන ආයතන. ඊළගට වැවිලි සමාගම් පෞද්ගලිකරණය කළා, මේ ඇතැම් ආයතන ලාභ ලැබූ ඒවා, සමහර ආයතන අලාභ ලැබූ ආයතන.

1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 ඊළග පියවර ගත්තා. සමහර ආයතන රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දෙන්න. මෙහිදී උදාහරණ කර ගත්තේ චීනයේ ඩෙන්ග් ෂියෝපින්ග් මහතා ආරම්භ කළ වැඩසටහන. අපි එය ඉදිරියට ගෙන ගියා. නැවත උත්සාහ කරන්නේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න.
ඊයේ මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අලාභ ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළයුත්තේ කියලා. එතුමාගේ සහයෝගයට විපක්ෂනායකතුමත් කිව්වා අලාභ ලබන ආයතන විතරයි විකුණන්නේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා. ඉතින් අපි තීරණය කරමු මොකක්ද අපි කරන්නේ කියලා.

මම අගමැතිතුමාගේ කතාවටත් ඇහුම්කන් දුන්නා. අද අපි වාසනාවන්ත වෙලා තිබෙනවා මේ සභාවේ සාමාන්‍ය විදියට වාද විවාද කරන්න. මේක හැම රටකම කරන දෙයක්. ඒත් මැයි 09 වැනිදා සහ ජූලි 13 වැනිදා අතර මෙවැනි සාමාන්‍ය තත්ත්වයක් තිබුනේ නැහැ.

මැයි 09 වෙනිදා සිදුවීම පිළිබඳ දැන් අපි උසාවියට ගිහින් තිබෙනවා. එක මන්ත්‍රීවරයෙක් මහපාරේ අමු අමුවේ මරා දැමුවා. අනෙක් මන්ත්‍රිතුමා තමයි “ගෝඨා ගෝ හෝම්” කියලා ඉස්සෙල්ලාම කිව්වේ. එතුමා අනූ නවයෙන් බේරුනේ. කොහොමද අපි මේක අනුමත කරන්නේ. මෙවැනි සිදුවීම්වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වුණා.

ඊට කළින් සතියේ අපි කතාකරනකොට එතුමා කිව්වා ආණ්ඩුව වැට්ටවිය යුතුයි කියලා. එහෙම කියපු කෙනාව කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා. මේ ආණ්ඩුව වට්ටනවද, ගෝඨාභය රාජපක්ෂ එක්කද, මහින්ද රාජපක්ෂ එක්කද හිටියේ මේවා ඇතුලේ විසඳාගත යුතු ප්‍රශ්න. කවුරුත් මරා ගන්න අවශ්‍ය නැහැ.

ගෙවල් ගිනි ගත්තු සමහර අය එදා අරලිගය මන්දිරයේ රැස්වීමට ගියෙවත් නැහැ. මම කිහිප දෙනෙක්ට කතා කළා. ඔවුන් වෙන වෙන තැන්වල හිටියේ. මම අහන්නේ එක ප්‍රශ්නයයි. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතියලා මොකක්ද කරන්න පුළුවන්.

අපි දන්නවා ගැටුමක් ඇතිවෙලා නාලන්ද එල්ලාවල මහතා මරණයට පත්වුණා. අපේ මන්ත්‍රීවරු ඒකට සම්බන්ධවෙලා තිබුණා. ඒ අය අත්ඩඅංගුවට ගත්තා. ඒත් අපිට සහයෝගය දෙන අයගේ ගෙවල් රත්නපුරේ පැත්තේ ගිනි තිබ්බා. අපි එදා ඒකට විරුද්ධ වුණා. විපක්ෂයේ වුණත්, ආණ්ඩු පක්ෂයේ වුණත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බැහැ. මේ මන්ත්‍රිවරු අහසින් වැටුණ අය නෙවේ, හොද අය වගේම නරක අයත් ඉන්නවා. මන්ත්‍රීවරු 196 දෙනෙක් මෙතනට ආවේ ඡන්දදායකයින් තෝරගත්ත නිසා. මනාප 03ක් ජනතාවට තිබුණා.

ඒ මනාප ලබා දීලා තමන්ගේ නියෝජිතයන් තෝරගත්තා. එහෙම නම් ඒ අයට වැඩ කටයුතු කරන්න අපි අවස්ථාව ලබාදිය යුතුයි.

අපි ඊළග ඡන්දයේ දී කියනවා මීට වඩා හොඳ අය අවශ්‍යයි කියලා. සමහර වෘත්තියවේදින් කියනවා අපිට බිරිඳ එන්න දෙන්නේ නැහැ, ගිහින් ගෙදර ගිනිතියාගන්න එපා කියලා කියලා. එතකොට ආසනයේ චන්ඩියෝ ඉන්න අයට විතරයි පාර්ලිමේන්තු එන්න පුළුවන්. එහෙනම් අපි මේ අයට ආරක්ෂාව ලබා දිය යුතුයි, වන්දි ලබාදිය යුතුයි. අපි ඔවුන්ව බලාගන්න අවශ්‍යයි.

ජූලි 09 වෙනිදා ජනාධිපතිව පන්නලා දැම්මා. ගිහින් බලන්න ජනාධිපති මන්දිරයට කරලා තිබෙන විනාශය. ඊට පසුව ජනාධිපති කාර්යාලය අත්පත් කරගත්තා. එතන බිම වාඩිවෙලා හිටියා, කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මම ළග තියනවා ඒ කාලයේ ඔවුන් කියපු සියලු දේවල් පිළිබඳ වාර්තාවක්.

මම අගමැති ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා මගේ නිවස ගිනි තැබුවා. මම කොහොමද ඉවත් වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බා. වෙනත් පිරිසකට ඊට වඩා බලයක් ගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. එවිට මට ඉවත් විය හැකියි. ඊළග 13 වෙනිදා ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. අගමැති කාර්යාලය අල්ල ගත්තා. පාර්ලිමේන්තුව අල්ලගෙන අපි මෙහෙමයි කරන්නේ, මේකයි ආණ්ඩුව කියලා කියන්න තමයි ඔවුන් සූදානම් වුණේ. එතකොට ආණ්ඩුව රූකඩ ආණ්ඩුවක්නේ.

ඒකයි මම විපක්ෂයට කියන්නේ, වුණ දේ වුණා. එහෙත් මෙවැනි බලවේගවලට යටත් වෙන්න එපා. ජනතාව එතන හිටියේ නැහැ. අන්තිමට මට චෝදනා කළා මම මේක නතර කරන්න ගියා කියලා. විදේශ පුවත්පත්වලට දුන්නා මම වගේ ඒකාධිපතියෙක් කොහෙවත් නැහැ කියලා. 17 වන සංශෝධනය ගෙනාවෙත් මම. ඒකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අද උදව් කරන්නේ, 19 වැනි සංශෝධනය ගෙනාවෙත් මම. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්, නැත්නම් අපට බලයක් තිබුණේ නැහැ. 21 වන සංශෝධනය ගෙනාවෙත් මම. දැන් මම හිට්ලර් වගේලු, මට මොනතරම් දේවල් කිව්වද, අල් ජසීරා එක කිව්වා රනිල් ඒකාධිපතියෙක්, කටාර් රාජ්‍යයේ වගේ හොඳ ප්‍රජාතන්ත්‍රිවාදියෙක් වෙන්න කියලා. මට ඒ වගේ වෙන්න බැහැ.
මේ තුළින් සම්පූර්ණයෙන් රාජ්‍ය පාලන ක්‍රමවේදය නැතිවීමට ගියා. පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. කවුද මේක පිටුපස සිටියේ, කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී පක්ෂය. දැන් අපි 21 වන සංශෝධනය සම්මත කරගත්තා. එහිදී බොහෝ අය ප්‍රකාශ කළා බැසිල් රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයි කියලා. මොකද, එයාට ද්විත්ව පුරවැසිකම තිබෙනවා කියලා. අපි ඒක පිළිගත යුතුයි. කොහොමද පෙරටුගාමි එකේ නායකයා එහෙම කියන්නේ, එයාටත් ඕස්ටේ්‍රලියාවේ සහ ලංකාවේ ද්විත්ව පුවැසිකම තිබුණනේ. මෙයා නරක් වෙලා, එයා හොඳ වෙන්න බැහැ.

අපි බැසිල් රාජපක්ෂ මහත්තයට කියනව නම් ඔබතුමා එන්න එපා කියලා, අපි බලය දෙන්න යන්නේ ඡන්දෙන් ආපු කෙනෙක්ට නොවෙයි. ද්විත්ව පුරවැසිභාවය තිබෙන කෙනෙක්ට. බැසිල් රාජපක්ෂ මහත්තයට චෝදනා තියනවා. මම අගමැතිවෙලා ඉද්දි එතුමාව උසාවියටත් ගෙන ගිහින් තිබුණා.

රිමාන්ඩ් එකෙත් හිටියා. මොනවද කුමාර් ගුණරත්නම්ට විරුද්ධව තිබෙන චෝදනාව, උතුරේ යුද්ධය කාලයේ ඉන්දියන් සාම හමුදාවේ අය මැරුවා කියලා. මේකද අපේ විමුක්තිය.
මොකක්ද මැයි 09 වෙනිදා සහ ජූලි 04 වෙනිදා සිදු වුනේ, අපේ පන්සල් කිහිපයකට තර්ජනය කළා, ගිනි තියනවා කියලා. මල්වතු, අස්ගිරි විහාරවල මහා සංඝරත්නයට තර්ජනය කළා කථා කරන්න එපා කියලා. අපේ සංඝයා වහන්සේ බිය වෙලා කථා නොකර හිටියා. එතකොට කොහොමද ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ආරක්ෂා වෙන්නේ, බුද්ධාගම ආරක්ෂා කරන්න අපි ව්‍යවස්ථාවෙන් බැඳි සිටිනවා. කවුද මේවා පිටුපස සිටියේ, අපේ තරුණ භික්ෂුන් වහන්සේලාව මේවට යොදව ගත්තා. උන්වහන්සේලා ගිහින් මහනායක හිමිවරුන්ට කිව්වා ඔබවහන්සේලා අයින් වෙලා අපිට නායකකම දෙන්න කියලා.

හින්දු පූජකවරුන්ට තර්ජනය කළා. මුස්ලිම් අයටත් එහෙමයි. කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. එතකොට කොයි ආගමික නායකයින් ද මේ අයත් එක්ක හිටියේ. අපි කොහොමත් කැමති නැහැ මේ රට ඩින් ඩියම් පාලනයකට ගෙනියන්න.

ඩින් ඩියම්ලටත්, ඒ වටේ ඉන්න අයටත් මම ඉඩ දෙන්නේ නැහැ. දැන් කියනවා ආපහු අරගලය කරනවා කියලා. ඕන කෙනෙක්ට පුළුවන් රැස්වීම් තියන්න, ඔබතුමන්ලා රැස්වීම් තිබ්බා, ජනතා විමුක්ති පෙරමුණ රැස්වීම් තිබ්බා. උතුරේ TNA එක රැස්වීම් තියනවා.

රැස්වීම්, විරෝධතා, පාගමන් නීත්‍යානුකූල විදියට කරන්න. මම ඒකාධිපතියෙක් කියලා ඕන තරම් කෑ ගහන්න. කමක් නැහැ. මම එකක් කියන්න ඕනැ, බලපත්‍රය අරගෙන පාරට එන්න. අනිත් වාහන අවහිර කරන්න එපා. එක පැත්තකින් යන්න. වෙන දෙයක් මම ඉල්ලන්නේ නැහැ.

ඒත් කවුරුහරි හිතනව නම් බලපත්‍රයක් නැතිව තව අරගලයක් කරන්න පුළුවන් කියලා ඒක නවත්වන්න. මම මේ පිළිබඳ පොලීසියට කියලා තිබෙනවා. ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් කරනවා නම් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා, හදිසි නීතිය දානවා. මේ රටේ ඩින් ඩියම්ලාට තැනක් නැහැ.

කුමාර් ගුණරත්නම් එක්ක කවුද දැන් යන්නේ, එයා හොදයි නම්, එතකොට බැසිල් රාජපක්ෂ‌ට විරුද්ධව කථා කරන්න බැහැ. හැමදාම කෑ ගැහුවා කියලා ජනතාව ඒ අය එක්ක ඉන්නේ නැහැ. මේ බලවේග හැදුවේ කොයි මාධ්‍යයද කියලා බලමු. ගිනි තබන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමු. ඒකට කොමිෂන් සභාවක් මම පත් කරන්න ඉන්නේ.

පාස්කු ඉරිදා බෝම්බයෙන් පස්සේ අපි කොමිසම් සභාවක් පත් කළා. මටත් ඒකට ගිහින් සාක්ෂි දෙන්න තිබුණා. ඒහෙම නම් මේ සඳහාත් අපි කොමිෂන් සභාවක් පත් කරන්න අවශ්‍යයි. අපි 22වන සංශෝධනය ගෙනාවා. මේ කොමිෂන් සභා සියල්ල පත් කළා. දැන් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කරන්න යනවා. මැතිවරණ වියදම් සීමා කරන කෙටුම්පත ගෙනාවා. තව හුගක් කරුණු ක්‍රියාත්මක කරන්න තිබෙනවා. දැන් මේ කොමිසන් සභා ක්‍රියාත්මක වන නිසා විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් අර තරුණ පස් දෙනා තෝරන නිර්නායක තීරණය කරන්න. මේ දෙසැම්බර් මාසය අවසන් වෙන්න කලින් ඒ අයගේ නම් ටිකවත් අරගෙන ජනවාරි මාසයේ ඒ අයව පත් කරන්න කටයුතු කරන්න.

අපිට තිබෙන්නේ වෙනසක් කරන්න. මම නම් පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ නැහැ. මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් රටේ බොහෝ දෙනෙක්ට ඡන්ද එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. අද සජබෙ රැස්වීමට ගියත් තිබෙන්නේ මම දන්න කියන මුහුණු. අලුත් මුහුණු එකක්වත් නැහැ. තරුණයින් බලන්නේ මේකේ වෙනසක් කරනවද, නැද්ද කියලා. ඒ වෙනස කළාට පස්සේ අපි ඡන්දයකට යමු. එතකොට ඕන කෙනෙක්ට බලය ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියලා මනාප ක්‍රමය තියෙනකම් මේ රටේ දූෂණය තිබෙනවා.

එදා ආසනයක් දිනාගන්න මිලියන 25ක් 50ක් වියදම් කළා. අද ඡන්ද කරන්න හිතන්නවත් බැහැ. අපි මේවා සිතිය යුතුයි. මම කියන්නේ මේ ක්‍රමවේදය කඩිනමින් වෙනස් කළයුතුයි. මම නැවත විපක්ෂයට කියනවා අපි සියලුදෙනා එකතු වෙලා ඒ වැඩකටයුතු කරමු. මට මේ සියලුදෙනා සමග වැඩකරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි මේ වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලා මේ වසර අවසන් වෙන්න කළින් කතා කර ගනිමු.

අය වැය තෙවැනි වර කියවීමෙන් පසුව අපි ඔක්කොම එකතුවෙලා මෙයට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡා කරමු. ඒ සඳහා 11 වනදායින් පසුව කැඳවන රැස්වීමට සහභාගීවන ලෙස මම සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරනවා.යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදින් ඇරඹේ

Next Post

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පියවර – රජය

editor

editor

Next Post

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පියවර - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025

Recent News

ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved