27 April 2024
#දේශීය

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදින් ඇරඹේ

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) පළමු දින විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කෙරේ.

කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙන අතර එම විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා පැවැත්වෙයි.

කාරක සභා අවස්ථාවේ විවාදය පළමු දිනයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චකාරවරු, අග්‍රාමාත්‍ය කාර්යාලය,රාජ්‍ය සේවා කොමිෂන් සභාව,අධිකරණ සේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිෂම,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,මුදල් කොමිෂන් සභා කාර්යාලය,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයකවරයාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ කාර්යාලය,මැතිවරණ කොමිෂන් සභාව,ජාතික විගණන කාර්යාලය,පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, සහ සීමා නීර්ණය කොමිෂන් සභාව යන ආයතනවල වැය ශීර්ෂ ව්වාදයට ගැනේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *