නොවැම්බර් මාසයට අදාළව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 300ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
සභාපතිවරයා කියා සිටියේ රටතුළ පැවැති අරගලකාරී තත්ත්වය හා ආර්ථික අර්බුධය හේතුවෙන් පසුගිය මාර්තු මාසයෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම බොහෝ සෙයින් පහත වැටී තිබූ බවයි.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කළමණාකරුවන් මහනුවරට කැඳවා මසකට රුපියල් මිලියන 300ක ණය මුදලක් එකතු කර ගැනීමේ ඉලක්කය ලබාදී ඒ සඳහා නව සැලැස්මක් හඳුන්වාදුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එම වැඩමුළුවෙන් පසුව ණය අයකර ගැනීම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණු බවද පැවසු අතර රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආදායම මෙලෙස වර්ධනය වීම ඉතා විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම පැවසීය.