• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

13 ගැන විමල්, ජනපතිට ලියයි

16 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාව රැවටීම මෙතුලින් සිදු වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාව රැවටීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර පිළිබඳව

මෙම දීර්ඝ ලිපියේ මූලික අරමුණ ඔබ විසින් තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට දෙකඩ වන බව තර්කානුකූලව පෙන්වා දීමය. එසේම ඒ මගින් උතුරේ බෙදුම්වාදී, කුලවාදී, දේශපාලන නායකයන්ගේ අපේක්ෂා ඉටු වුවද උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පෙන්වා දීම මෙන්ම උතුරේ ජනතාවගේ දීර්ඝකාලීන ප්‍රශ්න විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීම ද මෙම ලිපියේ දෙවන අරමුණ ය.

ටී.එන්.ඒ. පක්ෂය සහ බෙදුම්වාදයට පක්ෂපාතී බලවේග විසින් ජනවාර්ගික ගැටුමක් ලෙස හඳුන්වන එහෙත් ජාතික ගැටලුව ලෙස අප විසින් හඳුනාගන්නා සමාජ – දේශපාලන අර්බුදයට දේශපාලන විසඳුම් අවශ්‍ය බව අප පළමුවෙන්ම පිළිගනිමු. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව උතුරේ සහ දකුණේ ජනතාව අතර මානසික පාලමක් ඉදිකිරීම වෙනුවට කොන්ක්‍රීට් පාලම් ඉදිකිරීම මගින් කොමිස් ගැසීමට ප්‍රමුඛතාව ලබාදීම නිසා යුද්ධය පැවති ප්‍රදේශ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාවගේ මෙන්ම සමස්ත රටේම ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට තිබූ අවස්ථාව ගිලිහුණු බව ද අපි පිළිගනිමු. වර්තමානයේදී ඊට අදාළ දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධන විසඳුම් මෙන්ම මානසික සුවපත් කිරීමට අදාළ විසඳුම් ඉදිරිපත් කළ යුත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳීමේ ක්‍රියාවලියේම දිගුවක් ලෙස බව අපි තරයේම විශ්වාස කරමු. එහෙත් රටේ සමස්ත ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත උපායමාර්ගික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට ඔබතුමා මෙතෙක් අසමත් වී ඇත.

එවැනි තත්වයක් යටතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විශේෂිතව විසඳීම සඳහා ඔබතුමා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත. ඒ තුළ ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රචලිත කරන එක් පක්ෂයක් සමග විශේෂිතව එකඟතාවන් ඇති කරගන්නා ආකාරයක් ද දක්නට ඇත. අප දේශපාලන පක්ෂයක් ලෙස එම ක්‍රියාවලියට දායක නොවූයේ එම ක්‍රියාවලියේ අඩුපාඩු නිසා පමණක් නොව බෙදුම්වාදි න්‍යාය පත්‍රයට ගොදුරු වීමට අදාළව ඔබතුමා විසින් ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී පෙන්වා ඇති ප්‍රවණතාව නිසාය. විශේෂයෙන්ම දැන් ඔබතුමාගේ උපදේශකයකු ලෙස මෙරටට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා විසින් 2002දී ඉදිරිපත් කළ න්‍යාය පත්‍රයට අනුව සටන් විරාම ගිවිසුමකට සහ එහි දිගුවක් ලෙස පැවති උතුරු නැගෙනහිර පළාත් සභාව තාවකාලික ආණ්ඩුවක් බවට පරිවර්තනය කිරීම සඳහා එදා අගමැති ලෙස ඔබතුමා එකඟ විය. ඊට අදාළව “ඔස්ලෝ ගිවිසුම” නමින් ජාත්‍යන්තර එකඟතාවකට ඔබතුමා විසින් අත්සන් තබන ලදී. එදා අප ජාතික බලවේගයක් ලෙස මහා සංඝරත්නයට සහ පොදු මහජනතාවට එම අනතුර පෙන්වාදීම මගින් ඊට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගීම නිසා ඔබතුමාට සෝල්හයිම් න්‍යාය පත්‍රය හකුළා ගැනීමට සිදුවිය. එහෙත් එරික් සෝල්හයිම් මහතා තමා විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ න්‍යාය පත්‍රයේ කාබන් කොපිය සුඩානය මත පැටවීමට සමත්වීම නිසා අද එම රට දෙකඩ වී අහිංසක ජනතාව බල්ලන්, බළලුන් සේ දේශසීමා දෙපස මරා ගන්නා බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි.

ඉන්පසුව ඔබතුමා නැවත බලයට පත් වීම සඳහා 2013දී මංගල සමරවීර මහතා යොදාගනිමින් දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වය සහිතව බෙදුම්වාදී දේශපාලන පක්ෂ සමග සිංගප්පූරුවේදී එකඟතාවක් ඇතිකර ගන්නා ලදී. සිංගප්පූරු එකඟතාව නමින් හැඳින්වූ එම ගිවිසුම මගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර, පූර්ණ ස්වයංපාලනයක් ලබාදීමට ඔබතුමා එකඟ විය. එම එකගතාව අනුව ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඔබතුමා සමත් වුවද එම කොන්දේසි ඉටු කිරීමට අප ඉඩ නොතැබූ බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි.

ඉහත අවස්ථා දෙකේදීම අදාළ ගිවිසුම් රටේ ජනතාවට ඉදිරිපත් නොකළ ද ඔබතුමාට ජනවරමක් ලැබී තිබිණි. නමුත් මෙවර ඔබතුමාට මහා පරිමාණ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට තබා පුද්ගලිකව මන්ත්‍රීවරයකු ලෙස පත් වීමට පවා ජනවරමක් ලැබී නැත. ඒ නිසා ඔබතුමාට ක්‍රියාත්මක කළ නොහැකි වූ ඉහත සඳහන් කළ ගිවිසුම් නව වටයකින් ක්‍රියාත්මක කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් යොදා ගැනීම අපට කිසිසේත්ම අනුමත කළ නොහැක.

මේ වන විට ඔබතුමා සහ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත දක්වා ඇති අදහස් අනුව 2022 එකඟතාවට අදාළ මාර්ග සිතියම අප විසින් පහත සඳහන් ආකාරයට වටහාගෙන ඇත. ඔබතුමා අවංකව ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක වීමට ඉඩ දී බලා සිටීමට අදහස් කරන්නේ ඊට වෙනස් සැලසුමක් නම් ඒ පිළිබඳව අදහස් දැක්වීමේ වගකීම ඔබතුමා සතුවේ.

1. විසඳුම පියවර දෙකකින් ක්‍රියාත්මක කිරීම සහ ඒ පිළිබඳව එළඹෙන නිදහස් දින ප්‍රකාශයක් කිරීම මෙන්ම ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ආදිය මගින් විශ්වාසය තහවුරු කිරීම.

2. එම පියවර දෙකෙන් පළමු පියවරට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම මගින් හොඳ හිත දිනා ගැනීම, හමුදා කඳවුරු ආශ්‍රිත ඉතිරි ඉඩම් නිදහස් කිරීම සහ දැනටමත් පිරිස් බලය අඩු කර ඇති හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මගින් ඊට පහසුකම් සැලසීම, මහවැලි අධිකාරියට අයත් ‘එල්’ කලාපයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්ට නිදහස් කිරීම මගින් අනාගත පළාත් ඉඩම් ප්‍රඥප්තියට අනුව දෙමළ ජනතාව අතර පමණක් ඉඩම් බෙදාදීම සඳහා පහසුකම් සැලසීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් මහ ඇමතිට යටත් වන ආණ්ඩුකාරවරුන් පත් කිරීම යන ක්‍රියාමාර්ග අයත් වෙයි.

3. ඊට අමතරව පළමු පියවර යටතට තවත් විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීම ද අයත් වේ. එනම් සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් නීතිමය රාමුවක් යටතේ පිහිටුවීමය. එය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත වැනි නීතියක් වන බවට සැකයක් නැත. ඊට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ද අයත් වන බැවින් අනාගතයේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ හැකියාව ද එම යාන්ත්‍රණයට ලැබෙනු ඇත. ඊට අමතරව දැනටමත් හෙළිදරව් වී ඇති ආකාරයට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා වැනි පුද්ගලයින් එම යාන්ත්‍රණයට මැදිහත් කර ගැනීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට එම යාන්ත්‍රණය මගින් දොර විවර වනු ඇත.

4. එහිදී දෙවන පියවර ලෙස හුවා දක්වන්නේ නව ව්‍යවස්ථාවක් මගින් බලය බෙදීම තවදුරටත් තහවුරු කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් පාලනයක් ලබා දීමය.

එහෙත් එම දෙවන පියවර බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් පියවර සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් එම අවශ්‍යතාව ඉටු කර ගත හැකි බව ඉතා පැහැදිලිය. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවේ. ඊට අමතරව ජනමත විචාරණයකදී බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාවට යටත් වන නව ව්‍යවස්ථාවක් මඟින් තවදුරටත් බෙදුම්වාදය ශක්තිමත් කෙරෙන සංශෝධන සිදු කළ නොහැකි බව බෙදුම්වාදී බලවේග ඉතා හොඳින් දනිති. ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි 13 වැනි සංශෝධනය මගින් පූර්ණ ෆෙඩරල් ව්‍යුහයක් ලබාදී ඇති බව සහ එය ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත්තේ සුළු ව්‍යවස්ථාමය බාධක කිහිපයක් නිසා බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් ඉතා හොඳින් පැහැදිලි කර ඇත.

ඊට අමතරව “සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩු තීන්දුව” අනුව ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය එසේම තිබියදී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කළ හැක. ඒ සඳහා කළ යුත්තේ 13 වැනි සංශෝධනයට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමය. නමුත් ඒ සඳහා ප්‍රකාශිතව හෝ කාරක සභා අවස්ථාවේදී කූඨ ලෙස එම බාධක ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බව බෙදුම්වාදී බලවේග ඉතා හොඳින් දනිති. එම බාධක ඔවුන්ට පක්ෂපාතී ජනාධිපතිවරයකු යටතේ පරිපාලන වශයෙන් ඉවත් කළ හැකි බව ද ඔවුහු පිළිගනිති. උදාහරණයක් ලෙස ප්‍රධානතම බාධකය වන ආණ්ඩුකාරවරයාගේ බලතල, මහඇමතිවරයාට යටත් වන ආණ්ඩුකාරවරයකු පත් කිරීම මගින් දුර්වල කළ හැක. ඒ නිසා ඔබතුමා විසින් ඉදිරිපත් කරන දෙවන පියවර හෙවත් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ෆෙඩරල් බලතල වර්ධනය කිරීම යනු බෙදුම්වාදී බලවේග අපේක්ෂා නොකරන දෙයක් බව ඉතා පැහැදිලිය.

එසේනම් එය බහුතර සිංහල ජනතාව රැවටීමේ උපක්‍රමයක් බවට අපට නම් විවාදයක් නැත.
ඒ අනුව ඔබතුමාට ක්‍රියාත්මක කළ නොහැකි වූ 2002 සහ 2013 එකඟතාවයන් 2023දී ක්‍රියාත්මක කළ හැක්කේ දේශපාලන සහ පරිපාලන වශයෙන් ‘බුල්ඩෝස්’ කිරීම මගින් බව ඉතා පැහැදිලිය. වත්මන් ආපදාව හමුවේ මහජනතාව වික්ෂිප්තව සහ අසරණව සිටින තත්වයක් යටතේ සහ මානසික බාධක මගින් මහා සංඝරත්නය නිහඬ කිරීමේ ක්‍රියාවලිය යටතේ ඊට හොඳම අවස්ථාව මෙය බව ඔබතුමාට වඩා හොඳින් දන්නා අයකු නැති බව ද අපි ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිමු. එවැනි තත්වයක් යටතේ පළාත් සභා මැතිවරණය පවත්වා මහඇමතිවරයාට යටත් කළ හැකි ආණ්ඩුකාරවරුන් පත් කිරීම මගින් ඉඩම් ප්‍රඥප්ති, පොලිස් ප්‍රඥප්ති, මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය ආදී වශයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රඥප්ති එක පිට එක සම්මත කිරීමේ අවස්ථාව නිර්මාණය වේ. සමගාමී ලයිස්තුවට අයත් විෂයයන්ට අදාළව ප්‍රඥප්ති සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව ඊට එරෙහි නොවන බවට සහතික කිරීමේ හැකියාව දැන් ඔබතුමන් සතුව ඇති බැවින් එම ක්‍රියාවලියට පහසුකම් සලසන “මුරකරුගේ භූමිකාව” රඟපෑමේ හැකියාව ඔබට ලැබේ.

එතැන් සිට එළඹෙන්නේ ඊනියා සත්‍ය සෙවීමේ කොමිසම මගින් රට තුළ සිට සිදුකෙරෙන ජාත්‍යන්තර මැදිහත්වීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හරහා සිදුකරන බාහිර මැදිහත්වීම යටතේ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය ශීඝ්‍රගාමීව අවසන් කිරීමේ ක්‍රියාවලිය බව ඉතා පැහැදිලිය. ඊට අදාළව ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් දිරිමත් කෙරෙන ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය එළඹෙන මාර්තු මාසයෙන් පසුව ආරම්භ වන බවට සැකයක් අපට නම් නැත. ඊට අමතරව දේශීයව සත්‍ය සෙවීමේ කොමිසම හරහා සහ යම් තෝරාගත් අධිකරණ ක්‍රියාමාර්ග මගින් තවදුරටත් ආරක්ෂක හමුදාවලට මානසික බාධක පැනවීමේ හැකියාව ඇත.

එවැනි තත්ත්වයකදී ජනාධිපතිවරයාට කළ හැක්කේ ඊට පහසුකම් සලසමින් මුරකරුගේ භූමිකාව ඉටු කිරීම හෝ අසරණව බලා සිටීම පමණි. ඒ අනුව එවැනි තත්ත්වයකදී ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය ඔබතුමා දැන සිටිය ද තවදුරටත් පැහැදිලි කිරීම මෙම ඉදිරිපත් කිරීමට අදාළ වේ. ඉහත සඳහන් කළ දේශීය නඩු තීන්දුව අනුව පූර්ණ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ‘ඒකීය වගන්තිය’ වෙනස් කිරීම අවශ්‍ය නොවේ. දෙවනුව නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ ජාත්‍යන්තර අධිකරණයේ(ICJ) විභාග වූ “ඕස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩු තීන්දුව” අනුව යම් ප්‍රදේශයක ජනතාවට පරමාධිපත්‍යය බලය බෙදී යන ලෙස බලය බෙදා ඇති අවස්ථාවක මධ්‍යම රජය එම බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදේනම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත. ඊට අමතරව එම ජනතාව සමූල ඝාතනයට ලක්වී තිබේ නම් එම අයිතිය තවදුරටත් තහවුරු වේ. ඒ අනුව කැනඩාවේ සමූල ඝාතන අධ්‍යාපන සතිය පැවැත්වීම සඳහා නීති සම්මත කරන්නේ කුමක් නිසා දැයි පැහැදිලි වේ.

එවැනි තත්ත්වයක් තුළ පළාත් බලතල ලයිස්තුවට සහ සමගාමී ලැයිස්තුවට අයත් විෂයන්ට අදාළව ප්‍රඥප්ති සම්මත කිරීමෙන් පසුව ඒවා ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය බාධා පමුණුවන අවස්ථාවක ජාත්‍යන්තර මැදිහත් වීමට අවස්ථාව නිර්මාණය වේ. ඔබතුමාට ඉතා හොඳින් වටහාගත හැකි ආකාරයට පොලිස් ප්‍රඥප්තිය අනුව වෙරළාරක්ෂක පොලිසිය පිහිටුවීම මගින් නාවික හමුදාවේ ක්‍රියාකාරීත්වය සමඟ ගැටුමක් ඇති විය හැකි බැවින් ඊට එරෙහිව බාධා පමුණුවන අවස්ථාවක බෙදුම්වාදීන්ට අවස්ථාව නිර්මාණය වේ. එවැනි අවස්ථාවක ඉහත සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර අධිකරණයේ මූලික පරීක්ෂාව පූර්ණ වෙයි. ඊට අමතරව 1988දී ආර්. ප්‍රේමදාස එවකට අගමැතිවරයා, ඉදිරි ජනාධිපතිවරණයේදී තමාට සුළු ජන ඡන්ද ලබාගැනීම සඳහා සම්මත කරවාගත් 16 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය භාෂාව වන්නේ දෙමළ භාෂාව පමණි. එම තත්ත්වය මගින් ද නිජභූමි සංකල්පය සහ ජාත්‍යන්තර අධිකරණයේ නිර්ණායක තහවුරු වේ.

අවසාන වශයෙන් මෙම භයානක තත්වය සැඟවීම සඳහා යොදා ගන්නා වැරදි දේශපාලන න්‍යායක් බෙදුම්වාදීන්ගේ වාසියට හේතු වී ඇති බව ද ඔබතුමාට පෙන්වා දීමට කැමැත්තෙමු. එනම් 1980 දශකයේදී පැවැති ගෝලීය බලතුලනය අනුව ඉන්දු – සෝවියට් රුසියානු සබඳතා ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවන්ට ඍජු තර්ජනයක්ව පැවති සමයේදී ඉන්දියාව බෙදා වෙන්කර දුර්වල කිරීම සඳහා ඇමෙරිකානු ඔත්තු සේවා විසින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරය යොදා ගන්නා බවට පැවති දේශපාලන විග්‍රහයයි. ඊට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම වැළැක්වීම ඉන්දියාවේ භූ දේශපාලන අවශ්‍යතාවයකි. නමුත් අද ‘ක්වැඩ්’ නමින් හඳුන්වන ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් එක්ව දියත් කරනු ලබන ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයට අනුව ඉන්දු ඇමරිකානු පොදු උවමනාව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමය.

ඒ අනුව පළමුව ඊළාම් රාජ්‍යය ආර්ථික, වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් මගින් ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීම ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයේ උපායමාර්ගික වුවමනාවකි. ඉන්පසුව දුර්වල වන ශ්‍රී ලංකාවේ ඉතිරි කොටසට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඉන්දියාවට ලැබෙන බව පැහැදිලි සත්‍යයකි. අද පවතින ආපදා තත්ත්වය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමඟ ගැට ගැසීම සඳහා දියත් වී ඇති ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ අවසාන ඉලක්කය ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමයි. ඒ අනුව ඔබතුමා විසින් අර්බුදය උත්සන්න වීමට ඉඩහැර බලා සිටීමේ ක්‍රියාවලිය අවසන් වන්නේ ඔබතුමා ඉන්දියාවේ ආණ්ඩුකාරවරයකු බවට පත් වීම මගින් යැයි අපි විශ්වාස කරමු. අවසානයේදී 29 වැනි ප්‍රාන්තය දීර්ඝකාලීනව පවත්වා ගැනීම සඳහා ඊළාම් රාජ්‍යය හෙවත් 30 වැනි ප්‍රාන්තය බිහි කිරීම අවශ්‍යවේ. 13 බලාත්මක කිරීමට ඉන්දියාව බලපෑම් කරනු ලබන්නේ එම උපායමාර්ගික වුවමනාව අනුව බවට අපට නම් විවාදයක් නැත.

එම මහා පින්තූරය සැලකිල්ලට ගැනීමේදී ඔබතුමා සර්ව පාක්ෂික මුද්‍රාව යටතේ ටී.එන්.ඒ. පක්ෂය සමඟ ඇතිකරගෙන තිබෙන බව පෙනෙන එකඟතාව පවතින ජනවරමට පටහැනි බව ඉතා කරුණාවෙන් පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ නිසා ඔබතුමාට 2002 සිට නැවත පටන් ගැනීමට අවශ්‍ය නම් සහ ඒ සඳහා විවෘතව පෙනී සිටීමට දේශපාලන ධෛර්යය ඇත්නම් කළ යුත්තේ ජනාධිපතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීම බව ඔබතුමා පිළිගන්නවා ඇත. එහිදී ඔබතුමා, ටී.එන්.ඒ. පක්ෂය සහ දෙමළ ඩයස්පෝරාව සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට හෝ එකඟතාවට මහජන අනුමැතිය ලබා ගන්නා ජනමත විවිචාරණයක් බවට එම ජනාධිපතිවරණය පරිවර්තනය කළ හැක.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික සභ්‍යත්ව රාජ්‍යය ආරක්ෂා වී ඇති ආකාරය අනුව ඔබතුමාට සම්මා දිට්ඨිය පහළ වී විකල්ප විසඳුමක් එම ජනමත විචාරණයට ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා විකල්ප විසඳුමක් මෙසේ ඔබතුමා වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. එම යෝජනාවලිය උතුරේ ජනතාවගෙන් 35%ක ඡන්දය ලබා ගත නොහැකි එහෙත් 65%ක් වන බහුතර ජනතාව කුල පීඩනයට ලක් කරන දේශපාලන නායකයින් අතලොස්සක් අතට බලය බෙදීම වෙනුවට සැබෑ ලෙසම ජනතාවට බලය ලබා දෙන්නෙකි. එනම් බලය බෙදීමේ කුඩාම ඒකකය වන පුද්ගලයා අතට බලය ලබා ලබා දීමකි. ඒ තුළ රාජ්‍යයේ විධායක බලය ජන සභාව දක්වා විමධ්‍යගත කෙරෙන අතර පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලයට අදාළව මහජන පරමාධිපත්‍ය ශක්තිමත් කෙරේ. එසේම මහජනයාට රාජ්‍ය පාලනයට සහභාගි වීමට ඉඩ සලසන අතර ජාතිකත්වය, ආගම හෝ භාෂාව මත සෑම මනුෂ්‍යයෙකුටම සමානාත්මතාවයෙන් යුතුව සිවිල් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කෙරෙන්නකි. අවසාන වශයෙන් එය යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කෙරෙන යෝජනාවලියකි.

බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර උතුරේ ජනතාවට සාධාරණය ඉටුකළ හැකි එම දස වැදෑරුම් යෝජනාවලිය ඔබතුමාගේ පහන් සංවේගය පිණිස මෙම දීර්ඝ ලිපිය සමගම ඉදිරිපත් කරමු.

1. රාජ්‍යයේ විධායක බලය ඉතා පුළුල් ලෙස පළාත් පාලන ආයතන මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සහ ඊට අනුකූලව ජන සභා පිහිටුවීම මගින් මහජනයාට රාජ්‍ය පාලනයට සහභාගි වීම සඳහා අවකාශය සැලසීම. එසේම ජන සභාවක සාමාජිකයන්ට තමා විසින් තම නියෝජිතයාට ලබාදුන් පරමාධිපත්‍ය බලය ආපසු කැඳවීමට අවස්ථාව ලබා දිය යුතුය. එනම් ජන සභාවක විශ්වාසභංග යෝජනාවක් මගින් අදාළ නියෝජිතයාගේ ධුරය අහිමි කළ හැකි විය යුතුය.

2. එසේ විමධ්‍යගත කරනු ලබන විධායක බලය සංවිධිතව සහ ප්‍රතිඵලදායක ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නියෝජනයෙන් පළාත් සංවර්ධන සභා පිහිටුවිය යුතුය. එසේම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බලය සහිත අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට විශේෂිත වරප්‍රසාද ලබා නොදිය යුතුය.

3. රටේ සියලුම ජනතාවට ජාතිකත්වය, භාෂාව හෝ ආගම අනුව වෙනස්කමක් සිදු නොකරන බව සහතික කිරීම සඳහා අයිතිවාසිකම් කොමිසමක් නීතිගත කළ යුතු අතර දිස්ත්‍රික් කොමිෂන් සභා පත් කිරීම මගින් අදාළ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතුය. එම කොමිසමට අර්ධ අධිකරණ බලය හිමිවිය යුතු අතර වැරදි නිවැරදි කිරීම සඳහා අදාළ පියවර ගැනීමට බලය ලබාදිය යුතුය.

4. උතුර සහ නැගෙනහිර පළාත්වලට විශේෂිතව සහ සෙසු පළාත්වල ජනතාව, විශේෂයෙන්ම දෙමළ ජනතාව කුල පීඩනයෙන් ගලවා ගැනීම සඳහා 1957දී සම්මත කළ එහෙත් උතුරේ බෙදුම්වාදී දේශපාලන නායකයින්ගේ බලපෑම මත අකර්මණ්‍ය කළ සමාජ දුබලතාවන් වැළැක්වීමේ පනත නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර එම ක්‍රියාවලියේ ප්‍රතිඵල දායකත්වය සහ කාර්යක්ෂමතාව අධීක්ෂණය කිරීම සඳහා බහුපාර්ශ්වීය කාර්යසාධක බලඇණියක් පිහිටුවිය යුතුය.

5. බෙදුම්වාදය සහ ආගමික අන්තවාදය ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ශක්තිමත් කරන අතර නව නීතියක් හඳුන්වා දිය යුතුය.

6. උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගැටුම් නිසා පීඩාවට පත්ව සිටින ජනතාව නිසි ලෙස නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය සේවා ලබාදීම මෙන්ම ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂිත ජාතික අරමුදලක් පිහිටුවිය යුතු අතර ඊට දායක වන ලෙස මාසික වැටුපක් ලබන සෑම රටවැසියකුගෙන් මෙන්ම ව්‍යාපාරික ආයතන සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිය යුතුය. එකතු කිරීම සහ වැය කිරීම පිළිබඳව විනිවිදභාවය සහ සමාජ වගවීම සහතික කිරීම සඳහා විශේෂිත යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය. එම අරමුදලට වසර 5ක කාලයක් සඳහා ජාතික අය-වැයෙන් නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කළ යුතු අතර හඳුනාගත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සඳහා සංවර්ධන අධිකාරියක් පිහිටුවීම මගින් ආරක්ෂක හමුදා පිරිස් බලය සිවිල් ඇඳුමින් යොදාගත යුතුය. ඊට අමතරව ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ තරගකාරීව රාජ්‍ය මැදිහත්වීම මත ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහනක් ආරම්භ කළ යුතු අතර පුද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා උපරිම පොලී අනුපාතය නියම කළ යුතුය.

7. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන්ට නිශ්චිත කාල වකවානුවක් තුළ නඩු පැවරීම හෝ එසේ නොමැති නම් ඔවුන් නිදහස් කිරීම හෝ පුනරුත්ථාපනයට යොමු කිරීම කළ යුතුය.

8. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම හෝ ඊට විකල්පයක් ලෙස ඊට වඩා මර්දනකාරී ප්‍රතිත්‍රස්ත පනතක් හඳුන්වා දීම වෙනුවට පවතින පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කළ යුතුය.

9. තෝරා ගත් ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට චෝදනා ගොනු කිරීම මුල්කරගෙන සාක්ෂි ආඥා පනත අදාළ නොවන ආකාරයට චෝදනා කර්මාන්ත ශාලාවක් ලෙස පිහිටු වූ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, සාක්ෂි පනත අදාළ වන ලෙස සහ සැබෑ ලෙසම අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට හැකි වන ලෙස මෙන්ම පොලිසිය සහ විදේශ තානාපති සේවා ඒකාබද්ධ කෙරෙන යාන්ත්‍රණයක් සහිතව නැවත පිහිටුවිය යුතුය. ඒ මගින් සැබෑ ලෙසම අතුරුදහන් වූවන්ට මරණ සහතික නිකුත් කිරීම සහ වන්දි ගෙවීම කාර්යක්ෂම කළ යුතුය.

10. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කිරීම මගින් බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට තල්ලු කිරීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර සැකය අවිශ්වාසය සහ වෛරය වැපිරීම සඳහා දියත් වන ක්‍රියාවලිය පරාජය කිරීම මගින් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා එම චෝදනාවලට නිසි පිළිතුරු බැඳීම මගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුය.

මේ වගට,

විමල් වීරවංශ (පා.ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2023-01-16

පිටපත්:-
1. ගෞරවනීය ත්‍රෛනිකායික මහනායක සහ අනුනායක හිමිවරුන් වෙත,
2. ගරු අග්‍රාමාත්‍යතුමා,
3. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,
4. සියලු දේශපාලන පක්ෂ නායකයින්,
5. සියලු ජනමාධ්‍ය

Post Views: 1
Previous Post

ගිරීඋල්ල සිදු වු ආරවුලකින් දෙදෙනෙකු මරුට

Next Post

සජබ අනුරාධපුරට‌ ඇප මුදල් තැන්පත් කරයි

editor

editor

Next Post

සජබ අනුරාධපුරට‌ ඇප මුදල් තැන්පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved