27 April 2024
#දේශීය

ගිරීඋල්ල සිදු වු ආරවුලකින් දෙදෙනෙකු මරුට

ගිරිඋල්ල, උදියාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (15) රාත්‍රි කාලයේ ඇති වු පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

එම ආරවුලෙන් අවුරුදු 41 හා 39 වයසවල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *