• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතයට ගරු කරන මැතිවරණ ව්‍යාපාරයකට ලැස්තියි – මන්ත්‍රී සංජීව එදිරිමාන්න

23 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාවේ තිබු භාෂා සාහිත්‍යයේ පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා යනුවෙන් මාතෘකාවක් තිබුණු බවද එම මාතෘකාව අවසන් වනුයේ රාජපක්ෂ දේශපාලන යුගය තුළයි. ඡන්දයකින් පසු ප්‍රතිවාදියෙකුගේ නිවසක උළු කැටයක් හෝ නොකැඩෙන තැනට මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අපි විසින් ස්ථාපිත කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ඡන්දය නැතිනම් මේ මැතිවරණය ක්‍රියාත්මක වන වේලාවේ මේ රටේ දේශපාලන වශයෙන් අපේ ප්‍රතිවාදීන් අපි දිහා බැලුවේ හාවා ඉබ්බා දිහා බලපු චින්තනයෙන්. ඒ අය මුලින්ම හිතුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රි බහුතරයක් මේ රටේ හිටියට ඒ කවුරුවත් මේපාර ඡන්දය ඉල්ලන එකක් නෑ කියලා. එය තමයි අපිට එරෙහිව හදපු පළවෙනිම කැම්පෙයින් ස්ලෝගන් එක. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් මේ රටේ පළාත් පාලන ආයතන වෙත තේරී පත්වෙලා හිටපු පළාත් පාලන නියෝජිතයින් 3229 න් අති බහුතරය නැවත මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතාම සීමිත සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. ඇතමුන්ගේ සෞඛ්‍ය හේතු, පෞද්ගලික හේතු සහ දේශපාලන හේතු වෙන්න පුළුවන්. අපට එරෙහිව පළවෙනි සටන්පාඨය අපි පරදා ඉදිරියට පැමිණ තිබෙනවා. දෙවනුව ඉදිරිපත් වුණු තර්කය තමයි ඉල්ලන අය පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නෑ කියලා. අපි ඒ මතවාදයත් සුන්නත්දූලි කරලා ඉදිරියට පැමිණ තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ අති බහුතර පළාත් පාලන නියෝජිතයින් සමඟින් ඒ වගේම නවක අලුත් මුහුණු ද සමඟින් පොදුජන පෙරමුණ විදිහට පොහොට්ටුව ලකුණින් මෙවර මැතිවරණයට තරඟ කරනවා. මේ වටපිටාව තමයි අපි බොහො විට දැක්කේ අපිට එරෙහිව දේශපාලනිකව හදලා තිබුණු මතවාදය. ඒ වගේම තව සමහරු හිතුවා මේ සැරේ පොහොට්ටුව අවුල්, ඒ නිසා නාමයෝජනා පත්‍රවලින් විශාල ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් භාරදුන්නු සෑම නාමයෝජනා පත්‍රයක්ම ඒ මැතිවරණ නිතියට අනුව නීත්‍යානුකූලව සර්ව සම්පූර්ණ ලෙස ඉදිරිපත් කළ බව දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශ කරලා අවසන්. අපි ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර සියල්ලම නිත්‍යානූකූල භාරගෙන තිබෙනවා. ඒ නිසා මේ තරඟය පටන්ගත්ත අවස්ථාවේම අපිට එරෙහිව තිබුණු ප්‍රධාන සටන්පාඨ සියල්ල ජයගෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඉතාම විදිමත් ප්‍රජාතන්ත්‍රවාදි නිස්කලන්ක, අනෙකාගේ දේශපාලන මතයට ගරු කරන මැතිවරණ ව්‍යාපාරයකට ලැස්තියි. ලංකාවේ තිබුණා භාෂා සාහිත්‍යයේ පූුර්ණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කියලා මාතෘකාවක්. ඒ මාතෘකාව අවසන් වන්නේ රාජපක්ෂ දේශපාලන යුගය තුළ. රාජපක්ෂවරුන්ට කැමති අකමැති සියලුදෙනා පිළිගන්න පිළිවෙතක්. ඒ වගේම ඡන්දයට පසුව ප්‍රතිවාදියෙකුගේ ගෙදරක උළු කැටයක්වත් කැඩෙන්නේ නැති තැනට මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අපි විසින් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ තත්වයන් සියල්ල රැකගනිමින් අපි ඉතාම ගෞරවනීය මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ ස්ථාපිත කළ පාර්ශවයක්. අනෙකාගේ මතයට ගරු කරන මැතිවරණ ව්‍යාපාරයකට ලෑස්තියි.”යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9
Previous Post

මෙරට පුරාවස්තු යළි ගෙන්වීමට නෙදර්ලන්තය අතර සාකච්ඡා

Next Post

පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved