27 April 2024
#දේශීය

මෙරට පුරාවස්තු යළි ගෙන්වීමට නෙදර්ලන්තය අතර සාකච්ඡා

නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා පසුගියදා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බැච් (Bonnie Horbach) සහ නෙදර්ලන්ත උපදේශක කමිටුවේ සාමාජික ඇලිෂියා ශ්‍රිකර් (Alicia Schrikker) සමඟ හමුවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කල අතර යටත් විජිත යුගයේ සංස්කෘතික වස්තූන් නැවත ලබා දීම පිළිබඳ එවකට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීමට නෙදර්ලන්ත රාජධානියේ රජය එකඟ විය.

මෙහිදී එම කෞතුක වස්තු ප්‍රවාහනය, ගබඩා කිරීම සහ ආරක්‍ෂාව සඳහා වන ක්‍රම පිළිබඳවද සාකච්ඡා කෙරුණ අතර කෞතුක වස්තු ආරක්‍ෂිත ලෙස ගබඩා කිරීම සඳහා අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ප්‍රදේශ අවශ්‍ය වන අතර ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු ගබඩා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන තෙක් කෞතුක වස්තු පිළිබඳ පර්යේෂණ කිරීමට සහ අධ්‍යයනය කිරීමට සිසුන්ට සහ විද්වතුන්ට පහසුකම් සැලසීමටද නෙදර්ලන්ත රජය ඉදිරිපත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *