• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්

15 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගැනීම සඳහා ජාතික සැළැස්මක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

සියලුම රාජ්‍ය ආයතන එකට එක්ව එම වැඩපිළිවෙල සකස්කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊ⁣යේ (14) පැවති ජාඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” නිවාස ණය හා ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරන කොට ඒක කරන ආකාරය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා සමඟ සාකච්ඡා කරල මාව දැනුවත් කරන්න. අපි ආපහු වැඩ පටන් ගන්නේ පරණ වැඩ ටික අවසන්කරලයි. පළමු අදියරෙන් ලැබෙන මුදලින් 2020,2021 හා 2022 වසරවල නිවාස ණය හා ආධාර මුදල්වල ගෙවීමට නියමිත කොටස් ටික ගෙවනවා. දෙවැනි අදියරේදී නිවාස වැඩිදියුණු කිරීමට මුදල් දෙනවා. දැන්ම මේවට සූදානම් වෙන්න. මුදල් ලැබුණු ගමන්ම වැඩ පටන් ගන්නවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරෙන් යටවීම වළක්වා ගන්න ජාතික වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. ජාඇල හිරවුණොත් මිනුවන්ගොඩ හා ගම්පහ යටවෙනවා.ඒ නිසා මේ සියළුම ඇලමාර්ග ශුද්ධ කරන්න ඕන. ඒ වැඩපිළිවෙල හිටපු දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරෙදි ආරම්භ කළා. සාමාන්‍යයෙන් නිළධාරීන්ට වැඩක් කිව්වම මහාපරිමාණ ව්‍යාපෘති ඉදිරිපත් කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න කාලෙදි ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරෙන් යටවීම වළක්වා ගන්නා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ මහා ලොකු දේවල් කරල නෙවෙයි. එදිනෙදා වැඩටික කරලයි. ඒ නිසා රාජ්‍ය ආයතන බෙදිල මේ වැඩේ කරන්න එපා. සියළුම රාජ්‍ය ආයතනටික එකට එකතුවෙලා වැඩ කරන්න. ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ හා පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් යම් කොටසක් ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතනවලටත් බාරදීල තියෙනවා. ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කරල තියෙනවා. ජනාධිපතිතුමා අදහස් කරන්නේ පළාත් පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම රජය එකට එකතුවෙලා මෙම පෝෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි කියලයි.
ඒ නිසා මෙම පෝෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධ විස්තර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට දෙන්න. කොහොම වුණත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී පළාත් පාලන අපේක්ෂකයන් සම්බන්ධකරගන්න එපා. අපි මැතිවරණ නීතිවලට ගරු කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. මේ ගැන අපි මැතිවරණ කොමසාරිස්තුමාවත් දැනුවත් කරල තියෙන්නෙ. මෙම පෝෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සමෘද්ධි හා සංවර්ධන නිළධාරීන්ටත් විශාල වැඩකොටසක් පැවරෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ කමිටුවලදී සාකච්ඡා කෙ‍රෙන තම තමන්ගේ ප්‍රදේශවලට බලපාන කරුණුවල නිවරදිතාවය ගැනත් ප්‍රාදේශීය ලේකම්තුමන් දැනුවත් කරන්න. ගමක සාමාන්‍යයෙන් රාජ්‍ය නිළධාරීන් 8 දෙනෙක් විතර ඉන්නවා. ඒ නිළධාරීන්, ගුරුවරුන් සම්බන්ධකරගෙන ගමේ ගැටළු ගැන සාකච්ඡා කරන්න කියල අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී උපදෙස් දුන්නා. ඒ වැඩපිළිවෙල තාම සාර්ථකව ක්‍රියාත්මක වෙන බවක් පේන්නෙ නැහැ. දිසාපතිතුමා මැදිහත්වෙලා ලබන සති දෙක ඇතුළත ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරල අවසන් කරන්න. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ජාඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි සඳරුවන් වීරසේකර මහත්වරුන් ඇතුළ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

Post Views: 4
Previous Post

මෙවරත් මැලිබන් අනුග්‍රහයෙන් සිරිපා කරුණා කරන බැතිමතුන්ට පහසුකම් රැසක්

Next Post

මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා – අධ්‍යාපන ඇමති සුසිල්

editor

editor

Next Post

මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා - අධ්‍යාපන ඇමති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved