• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තර්ජනවලට බය නෑ .. මහපාරට බහින්න සුදානම් – විපක්ෂනායක සජිත්

9 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තර්ජන ගර්ජනවලට නොසැලෙන බවත් බහුතරයක් සමඟ මහපාරට බැහැලා ජනතාවගේ ඡන්ද බලය දිනා ගන්න සුදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (09)පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය “ අපි හැමෝම පිළිගන්නවා බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ස්ථානය වන්නේ පළාත් පාලන ආයතනය කියලා. විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය සුරක්ෂා කිරීම, රැක ගැනීම අපි හැමෝගේම වගකීම. මේ වන විටත් පළාත් සභා ක්‍රියාත්මක නොවීම තුළ එයත් විධායකයේ හස්ථකයකට යටත් වී ඇති මොහොතක පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම අපි දකින්නේ මේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කිරීමක් ලෙස යි. ඇත්ත වශයෙන් ම මේ රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එල්ල කරන බාධා තුළින් ජන ජීවිතයට මරු පහරක් එල්ල කරනවා. අපි හැමෝම දන්නවා පළාත් පාලන ආයතන උපතේ සිට මරණය දක්වා පළාත් පාලන ආයතන මේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්ත සේවාවක් ඉටු කරනවා. පළාත් පාලන ආයතන පත් වන්නේ වසර 4ක කාලයකට. ව්‍යවස්ථානුකූලව බලතල සහිතව තව වසරක් දීර්ඝ කරන්න පුළූවන් වසර 5ක් වෙනකම්. හැබැයි මතක තියා ගන්න සර්ව ජන ඡන්ද බල කේන්ද්‍රීය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුකූලව ඉන් එහාට පළාත් පාලන ආයතනවල ආයු කාලය දිර්ඝ කරන්න බැහැ. එකම විදිහ තමයි ජනමත විචාරණයකට යාම.

ඒ කෙසේ වෙතත් මේ රජය පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නට හේතුකියනවා. මුදල් නෑලු. ප්‍රතිපාදන නෑලු. හැබැයි මේ ආණ්ඩුවම 2023 වසර වෙනුවෙන් වන අයවැය තුළ මැතිවරණයක් පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන් කරා. එතකොට මේ මුදල් නැහැ කියන තර්කය අනුව බලන විට මේ අයට අනාගතයේ දී සල්ලි නැහැ කියලා මහ මැතිවරණය, ජනාධිපතිවරණය පැවැත්වීමත් නවත්වන්න පුළුවන්.

දැන් අපි හැමෝම දන්නවා මුදල් කමිටුවේ සභාපති ලෙස හර්ෂ ද සිල්වා මැතිතුමා පත් නොකළේ ඇයි. එතුමා සැලසුම් කර තිබුණා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ව කැඳවා ඇයි මේ වෙන් කළ මුදල් ලබා නොදෙන්න හේතුව ප්‍රශ්න කරයි කියන බයට බියගුලු නිවට කමට රජයේ කුමන්ත්‍රණයක් කර විපක්ෂයේ එකම නිර්දේශය ක්‍රියාත්මක කළේ නැහැ. මෙහෙම තමයි මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ.

විශේෂයෙන්ම අද රටේ සර්වබලධාරියා බවට ජනාධිපතිවරයා පත් වෙලා. දැන් ජනාධිපති තමයි තීන්දු කරන්නේ ඡන්දේ තියෙනවාද නැද්ද කියලා. එදා පාර්ලිමේන්තුවේදීත් කිව්ව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් පවත්වන්න සුදුසුම වසර 2024 කියලා. ඒක ජනාධිපතිට අයිති කාරණයක් නොවේ. එහෙම කියන්න අයිතියක් නැහැ. එතුමා නෙමෙයි ඒක තීරණය කරන්නේ. රටේ උත්තරීතර නිීතියේ තියෙනවා. ඒත් ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරනවා. මම එකක් පැහැදිලිව කියන්නම්. මේ රටේ සියලුම දෙනා අවබෝධ කර ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂා කරන්න හැමෝම අපි බැදිලා ඉන්නවා. එය උල්ලංඝනය කරන්න බැහැ. ඒ නිසා එක එක අයගේ තනි මතයට එය උල්ලංඝනය කරන්න අවකාශයක් නැහැ.

පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවේ එය පැහැදිලිව තිබෙනවා. ලැජ්ඡාවට කාරණාව නම් මේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අයත් තමන් විසින්ම තමන් අනුමත කරපු අයම කියනවා ඡන්දයක් තියන්න හොඳ නැහැ කියලා. මම මතක් කරලා දෙන්නම් 2023 ඡන්දේ සඳහා බිලියන 10ක වෙන් කරලා තිබෙන මොහොතක අපි සියලු දෙනාගේම වගකීම මේ මැතිවරණය පැවැත්වීමයි. පාර්ලිමේන්තුව වෙන් කරපු මුදල් ලබා නොදෙනවා කියන්නේ එය පාර්ලිමේන්තු සෛරීත්වයට එල්ල කරපු පහරක්.

ඒ වගේම මේ මැතිවරණ කාල සටහන වළක්වාලන්න හකුලන්න බාධා කරන්න කටයුතු කරන සියලු දෙනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (උ) (උ) (1) යටතේ අනිවාර්යෙන්ම දඩයක් සහ සිරදඩුවමක් හිමි වෙනවා. මේ මැතිවරණවය නොපවත්වන්න කටයුතු කරන සියලු දෙනා මේ ගැන හිතන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා මැතිවරණයට බාධා කරන අයට වෙන දේ. ඒ විතරක නෙමෙයි ඒ බාධා කරන සියලු දෙනාම පෞද්ගලිකව වගකිව යුතුයි.

මැතිවරණයට වැය වන බිලියන 1-0 කියන්නේ 2023 රාජ්‍ය වියදම වෙනුවෙන් අනුමත වූ මුදලින් සියයට දශම 068ක් විතරයි. වෙනත් විදිහකින් කියනවා නම් එක් දිනකට රජය වැය කරන මුදලයි මේ. එක දිනකට රජය විසින් වැය කරන මුදල මැතිවරණයක් විසින් වෙන් කරන්න බැරි රජයක් 2022 ඔක්තෝබර් සහ දෙසැම්බර් කියන මාසවල රුපියල් බිලියන 278ක් මහබැංකුවේ අච්චු ගැහුවා. එහෙම කල ආණ්ඩුවට මැතිවරණය සදහා අවශ්‍ය බිලියන 10 දෙන්න බෑලු. එක විහිලුවට කරුණක්.ඇත්ත වශයෙන්ම අච්චු ගහපු මුදල් ප්‍රමාණය දිහා බැලුවොත් මැතිවරණයඉ වෙන් කරන මුදල් මෙන් 27 ගුණයක්. ඒත් මැතිවරණයට මුදල් දෙන්න බෑ.

මේ රජය මැතිවරණ කොමිසමම කියන ආකාරයට 22 වතාවක් මේ මැතිවරණය කඩාකප්පල් කරන්න කටයුතු කළා. පහුගිය දවසක මම පැහැදිලිව කිව්වා කැබිනට් තීන්දුවක් හරහා කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාගේ උපදෙස් මත හපුහින්න ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් යවනවා ඇප මුදල් ගන්න එපා කියලා. 9 තීන්දුව අරගෙන 10 හපුහින්න ලේකම්ට උපදෙස් ලැබෙනවා. හැබැයි වැඩේ වරදිනවා කියලා දැනෙන කොට පැය 24න් ඒක හකුලා ගන්නවා. හැබැයි ජනවාරි 17 වැනිදා අගමැතිවරයා විසින් මේ සභාවට ඇවිත් සභාවට බොරු කියලා නොමග යවනවා.

එදා ගත්ත කැබිනට් තීන්දුව මං ගාව තියෙනවා. මම මේක හැන්සාඩ් ගත කරනවා. මම කියනවා අගමැතිට කරුණාකරලා මේ සභාවට ඇත්ත කියන්න. බොරු කියන්න එපා. එතුමා කිව්වා මේ කොඩිප්පිලිආරච්චි කියන්නේ දන්නේ නෑලු. එයා තමයි අගමැතිට අයත් රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම්වරයෙක්. ඒ අගමැති මේ සභාවටත් රටටත් කළ බොරුව සාක්ෂි සහිතව මම ඔප්පු කරනවා. ඒ වගේම දිනේශ් ගුණවර්ධන අගමැතිවරයා කිව්ව බොරුව හැන්සාට් ගත කරලා තිබෙනවා. ඕක ටොම් පචයක්. අමු පට්ටපල් බොරුවක්.

මේ අය දැන් උත්සාහ කරනවා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කරන්න. ඒකට හැකියාවක් නැහැ. මැතිවරණයක් පැවැත්වෙන් මොහොතක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කරන්න ව්‍යවස්ථාදායක සභාවට සදාචාර අයිතියක් නැහැ. අපි තීන්දු කළා ඒක. ඒකට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා මැතිවරණය නවත්වන්න එවන් කුමන්ත්‍රණයක් දියත් වෙනවා නම් ඒකත් පරාජය කරනවා.

මැතිවරණය නොපැවැත්වීම තුළ අපිට විශාල කරදර වෙනවා. විදේශ රටවල් පවා කියනවා මැතිවරණය පවත්වා මානව අයිතිය සුරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා. යුරෝපානු සංගමයත් කියනාව. මතක තියාග්න ජීඑස්පී ප්ලස් සහනය නිසා අපිට විශාල ශක්තියක් ලැබෙනවා. අපි අත්සන් තියලා තියෙනවා ගිවිසුම් 27කට. ඒවා ආරක්ෂා කළොත් පමණයි ඒ සහන ලැබෙන්නේ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස මෑත ඉදිහාසයේ ලාබාලම දේශපාලන පක්ෂය ලෙස වසර 3ක කාලයක් අපිට තිබෙන්නනේ. අපේ මහ ලේකම්තුමා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්මටම අධිකරණය නියෝගයක් දුන්නා මැතිවරණ සදහා 2023 අයවැයෙන් වෙන් වූ මුදල් ටික ලබා නොදීම වළැක්වූවා. මැතිරණය පැවැත්වීමට මුදල් ලබා දෙන්න කියලා කිව්වා. මම අහන්න කැමතිය රජයෙන් ඒ තීන්දුවට ගරු කරනවාද නැද්ද කියලා. මේවා කියද්දි අගමැතිවරයා වැල්වටාරම් දොඩවනවා. වයසේ ප්‍රශ්නයක් ද මන්දා. ඒත් අපිට දැන ගන්න ඕන. අධීකරණයේ නියෝගය පිළිපදිනවාද නැද්ද කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවත් රටත් නොමග යැවීම ගැන සමාව ඉල්ලන්න ඕන.

මම කැමතියි ආර්ථිකය ගැන වචන කිහිපයක් කියන්න. දැන් අරුම පුදුම විපර්යාසයක් පේනවා. පොහොට්ටු පාර්ශ්වයෙන්. දැන් බලන්න ඉස්සර අයි.එම්.එෆ් කියන වචන තුන කියන කොටත් ගැරඩියන්ට භූමිතෙල් දැම්මම දගලනවා වගේ කැ ගහනවා. පොහොට්ටුවට අයි.එම්.එෆ් එක පෙන්වන්න බැහැ. එය රාජදේ‍රා්හී දේශදේ‍රා්හී කියාවක් කියපු අය අපිට කියනවා සතුටු වෙන්නලු. මීට මාස කිහිපයට පෙර අයි.එම්.එෆ් රාජදේ‍රා්හී දේශදේ‍රා්හී රට පාවා දීම දැන් අයි එම් එෆ් එක ගැලවුම් කාරයා වෙලා. මේකට තමයි දිව දෙකේ දේශපාලනය කියන්නේ.

මම පැහැදිලිව කියන්නම් අයි.එම්.එෆ් එක ගැන කතා කරද්දි පොහොට්ටු සාමාජිකයන්ගෙන් අහන්නම් දැන් අත්පුටු ගහන්නේ ඇදුම් ඇදගෙනද. ඇයි මේ වගේ දිව දෙකේ දේශපාලනයක් කරන්නේ. අපි බොහොම පැහැදිලිව මුලින්ම කිව්වා අයි.එම්.එෆ් එකට යා යුතුයි කියලා. එහෙම ගිහින් නිකං උඩ බලන් ඉන්න එක නෙමෙයි. රට වෙනුවෙන රටේ ජනතාව වෙනුවෙන් ලක්ෂ 220 වෙනුවෙන් අපේ යෝජනාව බාර දෙන්න කිව්වා. අපේ යෝජනාව දුන්නේ නැහැ. දැන් හිතූ හිතූ විදිහට මේ රටේ ජනතාව අසහානයට පීඩනයට දුකට කණගාටුවට ප්ත කරවන මිනිසුන් ජීවත් කරවන නෙමෙයි ඝාතන කොන්දේසිවලට මුහුණ දෙනවා. ඒකට වරද මේ රජයේ.

80 හෝ 90 තිබුණු අයි.එම්.එෆ් නෙමෙයි අද තිබෙන්නේ. ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරනවා අයි. එම. එෆ් ගැන ඉගෙන ගන්න. මේවා කියද්දි නොතේරෙන අයට විහිලුවක් කියලා පේනවා. මම ඔවුන්ට උත්තර දෙන්නැ. අනුකම්පා කරනවා. එකතැනක් විතරක් නොවේ ඇග පුරාම මොලේ තියෙන අයයි මෙහෙම කියන්නේ.

අපි රටක් ලෙස අපේ යෝජනා අරගෙන යා යුතුයි. රණසිංහ ප්‍රේමදාස මැතිත-ුමාත් අයි. එම්. එෆ් ගියා. ඒ ගියා කියලා පාසල් ළමුන්ගේ දිවා ආහාරය නිල ඇදුම් ජන සවිය කැපුවේ නැහැ. ප්‍රථම වතාවට ජන සවිය ක්‍රියාත්ම කරන්න ලෝක බැංකුව ආධාර දුන්නා. ඇගලුම් කම්හල්,නිවාස හදන එක නතර කළේ නැහැ. නමුත් අද මොකද්ද වෙන්නේ. ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස සිටින විට බැසිල් රාජපක්ෂට ඇගිල්ල දික් කරලා ඇහුවා මොකද්ද අයි. එම්. එෆ් එකත් තියෙන එකගතාව හැන්සාට් ගත කරන්න කිව්වා. හැබැයි අගමැති හා ජනාධිපති වුවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මුකුත් කියන්නැ. හැබැයි දැන් ටිකෙන් ටික ඇමතිවරු ටික කියනවා මිනිස්සුන්ගේ කරපිට හිසමත මහ පීඩනයක් ඇති කරන කොට අයි. එම්. එෆ් නිසා කියලා කියනවා. වරද අයි. එම්. එෆ් එකට යාම නොමෙයි. ගියපු එක හරි. ඒත් ගිහින් ඒ අය ළග දණ ගහලා ඔවුන් කියන දේ කරන එක. අපිට තිබුණේ රට වෙනුවෙන් ඒ යොජනාව ඉදිරිපත් කරලා මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන ආකාරයට මේ රටේ හැමෝටම ධනවාදය තුළින් ධනය උපයා ගැනීමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සෑම අයකුටම එම සම්පත් සාධාරණව බෙදී යන යුක්තිය මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි තිබුණේ.

දැන් අපිට කියනවා ඇයි සතුටු වෙන්නේ නැත්තේ කියලා. අපේ සහාය දෙන් නැත්තේ කියලා. අපිට කියන්නේ අසාධාරණය බදු ව්‍යූහයක් නිර්මාණය කරද්දි එකට අත උස්සන්න කියලද? විදුලි බිල ඉහළ දමද්දි ඒකට සතුටු වෙන්න කියලාද? දැන් යුනිට් 1 සිට 30 දක්වා සියයට 261කින් විදුලි බිල වැඩි කරලා. ඒ වගේම යුනිට් 60 දක්වා සියයට 276කින් වැඩි කරලා. යුනිට් 120 වැඩි වෙලා තිබෙන්නේ සියයට 74යි. යුනිට් 200 සියයට 31යි. මේ විදුලි බිල වැඩි කිරීම ඉලක්ක කරලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ බඩට ගහන්න. පොඩි මිනිහගේ ජන ජීවිතය විනාශ කරන්න. මේ කතාව කියද්දි එක ඇමතිවරයෙක් කියනවා ඉටි පන්දම් වෙනුවෙන් වියදම් කරනවාට වඩා විදුලි බිල ගෙවන එක ලාබයි කියනවා. මේවා කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න. මහ විහිලු කතා. මේ කයිවාරු ගහන අයට සභා ගර්භයෙන් මහජන හමුවට යන්න බැහැ. ජනතාව අතරට යන්නබැහැ. මහජන රැස්වීම් තියන්න බැහැ. කාමරවල රැස්වීම් විතරයි පුළුවන්.

මේ රටේ අම්මලා තාත්තලාට දු දරුවන්ට ආහාර පොත්පත් අරන් දෙන්න බැහැ. පොත් බෑගය සපත්තු අරන් දෙන්න බැහැ. බරපතල බෙහෙත් හිගයක් තිබෙනවා. සැත්කම් කර ගන්න බැහැ. රස්සා නැතිවෙලා. සංචාරක කර්මාන්තය කඩා වැටිලා. ඉදිකිරීම් කර්මාන්තය අපයනය කර්මාන්තය කඩා වැටිලා. විරැකියාව වැඩි වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පීඩනයට ලක් වෙලා.

ජනාධිපතිවරයා කියනවා උද්ඝෝෂණය කරන්න බෑලු. තහනම් ලු. මැතිවරණත් තහනම් කතා කරන්නත් තහනම් උද්ඝෝෂණත් තහනම් නම් මම අහනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ද ඒකාධිපති පාලනයක් ද කියලා.

දැන් මේ රජය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය භීෂණය මිලේච්ඡත්වය විශ්වවිද්‍යාල සිසුන්ටත් එල්ල කලා. කැලනියට කොළඹ සරසවිවලට ගැහුවා. කොළඹ විශ්වවිද්‍යලයටට ගහපු ගැහිල්ල නිසා එහි ආරක්ෂකයකු ලෙස සේවය කළ නොච්චියාගම ප්‍රියන්ත වන්නිනායක මැතිතුමාට ජීවිතය අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ නිවිතිගත නිමල් අමරසිරි මහත්තයාත් මැරුණා. මේ අය පොඩි ළමයි වගේ කෑ ගහනවා. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා වූ ජනාධිපතිතුමමා රාජකීයේ ළමයිටත් කදුලු ගැස් ගැහුවා.

ඒ නිසා අපි මේ තර්ජන ගර්ජනවලට සැලෙන්නේ නැහැ. අපි සූදානම් බහුතරයක් එක්ක මහපාරට බැහැලා ජනතාවගේ ඡන්ද බලය දිනා ගන්න. මේ රජය එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට හරියාකාරව අයිඑම්එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්න බැහැ. මොවුන් අයි එම් එෆ් එකට බයයි. ඒකයි බදු වැඩි වුණේ. පොලිය වැඩි වුණේ. යැයි විපක්ෂනායකවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ අබේවික්‍රම වැඩ භාර ගනී

Next Post

වසර 50කට පසු ජල පහුකම් ලබා දෙයි

editor

editor

Next Post

වසර 50කට පසු ජල පහුකම් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved