27 April 2024
#සංවර්ධන

වසර 50කට පසු ජල පහුකම් ලබා දෙයි

මාතලේ ,උතුරු මාතලේ පේඹු පේලි නිවාස සදහා පවුල් 125ක වැඩි පිරිසක් වසර 50කට අධික කාලයක් තිස්සේ පානිය ජලය පහසුකම් නොමැති කමින් පිඩාවට පත් වු අතර මේ වන විට ඔවුන්ට පානිය ජලපහසුකම් ලබා දිමට පියවර ගෙන තිබේ.

ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මැදිහත්විමෙන් එම ජනතාවට පානිය ජල පහසුකම් ලබා දිමට හැකියාව ලැබුණ බව එම පදිංචිකරුවෝ පවසයි.

මැතිවරණ කාලවලදි විවිධ පොරොන්දු ලබා දෙමින් වසර ගණනාවක් තිස්සේ තමන් රැවටු බවත් අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කළ බවද එහි පදිංචි කරුවෝ පවසයි.

තමන් මිට පෙර ඉතා දුෂ්කරව ජලය සොයා ගත් බවත් ඇතැම් අවස්ථාවලදි කිලෝමිටර් ගණනාවක් දුර ගොස් ජලය රැගෙන ආ බවත් මේ වන විට ජලය ලැබිම නිසා තමන් වඩාත් සතුටට පත්වන බවද ඔවුහු කියයි.

මේ පිළිබදව අදහස් දැක්වු අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියා සිටියේ තමන් දුන් පොරොන්දුවක් ඒ අයුරින්ම ක්‍රියාවට නංවන බවත් ඇතැම් දේශපාලනඥයින් ජනතාවට සේවය කිරිමේදි ඉිරි ගසා සිමා ලකුණු කරගෙන වැඩ කරන බවත් එය එසේ නොවිය යුතු බවත් ජනතාවට සේවය කිරිමේදි පක්ෂ පාට ජාති භේද පසෙකලා ජනතාගේ අවශ්‍යතාවයන් ඉටු කළ යුතු බවද ආමත්‍යවරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *